සූරා 67 · ජුස් 29
Al-Mulk · 67:29
قُلْ هُوَ الرَّحْمَٰنُ آمَنَّا بِهِ وَعَلَيْهِ تَوَكَّلْنَا ۖ فَسَتَعْلَمُونَ مَنْ هُوَ فِي ضَلَالٍ مُبِينٍ
(ඔහු) අර්-රහ්මාන් (අපිරිමිත දයාන්විතයා) ඔහුය. අපි ඔහු ගැන විශ්වාස කළෙමු. තවද ඔහු වෙතම බලාපොරොත්තු තබන්නෙමු. එහෙයින් කවරෙකු ප්රකට නොමගෙහි දැයි නුඹලා මතු දැන ගනු ඇත. යැයි (නබි මුහම්මද්) කියනු.
තෆ්සීර්
අහෝ ධර්ම දූතය! අල්ලාහ්ට ආදේශ තබන මොවුන්හට තවදුරටත් මෙසේ පවසනු. ‘ඔහුට පමණක් ගැතිකම් කරන ලෙසත් ඔහු ගැන පමණක් විශ්වාසය තබන ලෙසත් අපගේ කටයුතු වලදී ඔහු මත පමණක් රැඳී සිටින ලෙසත් නුඹලාව ඇරයුම් කරනුයේ මහා කාරුණිකයාණන්ය. එහෙයින් පැහැදිලි මුළාවෙහි සිටින්නේ කවුරුන්දැයි ද ඍජු මාර්ගයේ සිටින්නේ කවුරුන්දැයි ද කිසිදු සැකයකින් තොරව නුඹලා මතු දැනගනු ඇත.'
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න