සූරා 67 · ජුස් 29
Al-Mulk · 67:3
الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا ۖ مَا تَرَىٰ فِي خَلْقِ الرَّحْمَٰنِ مِنْ تَفَاوُتٍ ۖ فَارْجِعِ الْبَصَرَ هَلْ تَرَىٰ مِنْ فُطُورٍ
ඔහු වනාහි අහස් (එකිනෙක උඩ පිහිටන සේ) තල වශයෙන් මැව්වේය. කරුණාවන්තයාගේ මැවීම්හි පලුදු කිසිවක් නුඹ නොදකිනු ඇත. එහෙයින් යම් පලුද්දක් නුඹ දකින්නේ දැයි නෙත් යොමු කර බලනු.
තෆ්සීර්
ඔහු වනාහි, අහස් හතක් මැව්වේය. සෑම අහසකම, අහස් දෙකක් අතර එකිනෙක ස්පර්ශ නොවන පරිදි එකකට උඩින් එකක් වශයෙන් තලයක් විය. නිරීක්ෂා කර බලන්නනි, අල්ලාහ්ගේ මැවීම තුළ කිසිදු පළුද්දක් හෝ නොගැලපීමක් නුඹ නොදකිනු ඇත. කිසියම් පැළීමක් හෝ පළුද්දක් හෝ දැකිය හැකිදැයි නුඹ නැවතත් බලනු. එලෙස කිසිවිටෙක නුඹට දැක ගත නොහැකිය. නුඹට දැක ගත හැකිවනුයේ ඉතා සියුම් මනා ලෙස සැලසුම් කළ මැවීමක් පමණය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න