සූරා 67 · ජුස් 29

Al-Mulk · 67:24

قُلْ هُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ

නුඹලා මහපොළොවෙහි විසුරුවා හැරියේ ඔහුය. තවද ඔහු වෙතය නුඹලා එක්රැස් කරනු ලබනුයේ යැයි (නබිවරය) නුඹ පවසනු.

තෆ්සීර්

අහෝ දූතය, මෙම බොරුකාර දෙවියන්ට ආදේශ තබන්නන් හට තවදුරටත් නුඹ මෙසේ පවසනු. මහපොළොවේ නුඹලාව ව්යාප්ත කර එහි විසුරුවා හැරියේ අල්ලාහ්ය. නුඹලා නොමැවූ නුඹලාගේ පිළිම නොවේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා ඒක්රැස් කරනු ලබනුයේ ද ඔහු වෙත පමණය. නුඹලාගේ පිළිම වෙත නොවේ. එහෙයින් නුඹලා ඔහුට බියවනු. ඔහුට පමණක් ගැතිකම් කරනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න