සූරා 67 · ජුස් 29

Al-Mulk · 67:23

قُلْ هُوَ الَّذِي أَنْشَأَكُمْ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۖ قَلِيلًا مَا تَشْكُرُونَ

නුඹලා මවා නුඹලාට ශ‍්‍රවණය ද දෘෂ්ටි ද හදවත් ද ඇති කළේ ඔහුය. නුඹලා ගුණ ගරුක වනුයේ ස්වල්පයකි යැයි (නබිවරය) නුඹ කියනු.

තෆ්සීර්

අහෝ දූතය, මෙම බොරුකාර දෙවියන්ට ආදේශ තබන්නන් හට නුඹ මෙසේ පවසනු. නුඹලා ව මැව්වේ අල්ලාහ්ය. නුඹලා ශ්රවණය කිරීම සඳහා නුඹලාට සවන් ද, නුඹලා බැලීම සඳහා නුඹලා බැල්ම ද, නුඹලා වටහා ගැනීම සඳහා නුඹලාට හදවත් ද ඇති කළේ ඔහුය. නුඹලා වෙත පිරිනමා ඇති ආශිර්වාද වෙනුවෙන් නුඹලා අල්ලාහ්ට කෘතඥවනුයේ සුළු වශයෙනි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න