සූරා 67 · ජුස් 29
Al-Mulk · 67:15
هُوَ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ ذَلُولًا فَامْشُوا فِي مَنَاكِبِهَا وَكُلُوا مِنْ رِزْقِهِ ۖ وَإِلَيْهِ النُّشُورُ
නුඹලාට මහපොළොව (ගමන් කිරීමට) පහසු අයුරින් පිහිටුවාලූයේ ඔහුය. එහෙයින් එහි පැතිකඩ වල නුඹලා ගමන් කරනු. තවද ඔහුගේ පෝෂණයෙන් අනුභව කරනු. තවද ඔහු වෙතය නැවත නැගිටුවනු ලබනුයේ.
තෆ්සීර්
මහපොළොව මත වාසය කිරීමට හැකිවන පරිදි නුඹලාට එය නම්යශීලීව හා සැහැල්ලුවෙන් මවා ඇත්තේ ඔහුය. එහෙයින් එහි පැතිකඩ හා දේශ අතර සැරිසරමින් එහි නුඹලාට සැළසුම් කර ඇති ඔහුගේ පෝෂණය නුඹලා අනුභව කරනු. විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න