සූරා 67 · ජුස් 29

Al-Mulk · 67:19

أَوَلَمْ يَرَوْا إِلَى الطَّيْرِ فَوْقَهُمْ صَافَّاتٍ وَيَقْبِضْنَ ۚ مَا يُمْسِكُهُنَّ إِلَّا الرَّحْمَٰنُ ۚ إِنَّهُ بِكُلِّ شَيْءٍ بَصِيرٌ

ඔවුනට ඉහළින් පක්ෂීන් තම පියාපත් දිගු හරිමින් හා හකුළුවාලමින් සිටිනු ඔවුහු නුදුටුවෝද ? උන් රඳවා තබනුයේ අර්-රහ්මාන් (අපරිමිත දයාන්විතයාණන්) මිස අන් කිසිවෙකු නොවෙයි. නියත වශයෙන්ම ඔහු සෑම දෙයක් පිළිබඳ ව සර්ව නිරීක්ෂකය.

තෆ්සීර්

මෙම බොරුකාරයින් ඔවුනට ඉහළින් අහසෙහි විටෙක තම පියාපත් දිගු හරිමින් ද තවත් විටෙක හකුළා ගනිමින් ද පියාසර කරන පක්ෂියා දෙස නිරීක්ෂණය කර නොබලන්නේ ද? උන් බිමට නොවැටී එසේ රඳවා තබනුයේ අල්ලාහ් මිස වෙනත් කිසිවකු නොවේ. සැබැවින්ම ඔහු සියලු දෑ පිළිබඳ නිරීක්ෂකය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න