සූරා 67 · ජුස් 29
Al-Mulk · 67:17
أَمْ أَمِنْتُمْ مَنْ فِي السَّمَاءِ أَنْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ۖ فَسَتَعْلَمُونَ كَيْفَ نَذِيرِ
එසේ නැතහොත් අහසෙහි සිටින්නා ගල් කුණාටුවක් නුඹලා වෙත එවීමෙන් නුඹලා සුරක්ෂිත දැයි සිතන්නෙහු ද? එවිට මාගේ අනතුරු ඇඟවීම කෙසේ දැයි නුඹලා මතු දැන ගනු ඇත.
තෆ්සීර්
අහසේ සිටින අල්ලාහ්, ලූත් ජනයා මත අහසින් ගල් වරුසාවක් පහළ කළාක් මෙන් නුඹලා මත ද පහළ කිරීම ගැන නුඹලා සුරක්ෂිතද? නුඹලා දෙනු ලබන අවවාදාත්මක මාගේ දඬුවම නුඹලා දෑසින් දකින අවස්ථාවේ නුඹලා දැනගනු ඇත. නමුත් දඬවම දෑසින් දුටුවායින් පසු ඉන් කිසිදු ප්රයෝජනයක් නුඹලාට අත් වන්නේම නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න