Sad

سورة ص

සූරා 38 · මක්කා · 88 පද

38:1ජුස් 23 · පි. 453

ص ۚ وَالْقُرْآنِ ذِي الذِّكْرِ1

සාද්, උපදෙස් සහිත අල් කුර්ආනය මත දිවුරමින්.
38:2ජුස් 23 · පි. 453

بَلِ الَّذِينَ كَفَرُوا فِي عِزَّةٍ وَشِقَاقٍ2

නමුත් ප්‍රතික්ෂේප කළවුන් ගර්වයෙහි හා බෙදීම්හි වෙති.
38:3ජුස් 23 · පි. 453

كَمْ أَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِنْ قَرْنٍ فَنَادَوْا وَلَاتَ حِينَ مَنَاصٍ3

ඔවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? එවිට ඔවුහු විලාප නැගුවෝය. (එය) පලා යන අවස්ථාවක් නොවීය.
38:4ජුස් 23 · පි. 453

وَعَجِبُوا أَنْ جَاءَهُمْ مُنْذِرٌ مِنْهُمْ ۖ وَقَالَ الْكَافِرُونَ هَٰذَا سَاحِرٌ كَذَّابٌ4

ඔවුන් අතුරින්ම අවවාද කරන්නෙකු ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුහු පුදුමයට පත් වූහ. මොහු මහා බොරුකාර හූනියම්කරුවකු” යැයි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පැවසීය.
38:5ජුස් 23 · පි. 453

أَجَعَلَ الْآلِهَةَ إِلَٰهًا وَاحِدًا ۖ إِنَّ هَٰذَا لَشَيْءٌ عُجَابٌ5

දෙවිවරුන් එක් දෙවියකු බවට ඔහු පත් කළේ ද? නියත වශයෙන්ම මෙය පුදුම සහගත කරුණකි. (යැයි ඔවුහු විමසූහ)
38:6ජුස් 23 · පි. 453

وَانْطَلَقَ الْمَلَأُ مِنْهُمْ أَنِ امْشُوا وَاصْبِرُوا عَلَىٰ آلِهَتِكُمْ ۖ إِنَّ هَٰذَا لَشَيْءٌ يُرَادُ6

ඔවුන් අතර සිටි ප්‍රධානීහු “නුඹලා යනු. නුඹලාගේ දෙවිවරුන් මත ස්ථීර ව රැඳී සිටිනු. නියත වශයෙන්ම මෙය (අපගෙන්) අපේක්ෂා කරනු ලබන කරුණකි යැයි (පවසමින්) ගමන් කළහ.
38:7ජුස් 23 · පි. 453

مَا سَمِعْنَا بِهَٰذَا فِي الْمِلَّةِ الْآخِرَةِ إِنْ هَٰذَا إِلَّا اخْتِلَاقٌ7

අවසාන පිළිවෙත් තුළ මේ ගැන අප අසා නැත්තෙමු. මෙය ප්‍රබන්ධිත බොරුවක් මිස නැත.”
38:8ජුස් 23 · පි. 453

أَأُنْزِلَ عَلَيْهِ الذِّكْرُ مِنْ بَيْنِنَا ۚ بَلْ هُمْ فِي شَكٍّ مِنْ ذِكْرِي ۖ بَلْ لَمَّا يَذُوقُوا عَذَابِ8

“අප අතුරින් මෙම උපදෙස පහළ කරනු ලැබුවේ මොහු වෙත ද?” (යැයි ප්‍රතික්ෂේප කළවුන් විමසීය.) එසේ නොව ඔවුන් මාගේ උපදෙස ගැන සැකයෙහි වෙති. මක්නිසාද යත් ඔවුන් (මෙතෙක්) මාගේ දඬුවම විඳ නැත.
38:9ජුස් 23 · පි. 453

أَمْ عِنْدَهُمْ خَزَائِنُ رَحْمَةِ رَبِّكَ الْعَزِيزِ الْوَهَّابِ9

එසේ නැතහොත් පරිත්‍යාගශීලී සර්වබලධාරී ඔබේ පරමාධිපතිගේ දයාවේ නිධන් ඔවුන් අබියස තිබේ ද?
38:10ජුස් 23 · පි. 453

أَمْ لَهُمْ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ فَلْيَرْتَقُوا فِي الْأَسْبَابِ10

එසේ නැතිනම් අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය ඔවුන් සතු ද? එසේ නම් ඔවුහු (භෞතික) සාධකයන්හි නැග යත්වා!
38:11ජුස් 23 · පි. 453

جُنْدٌ مَا هُنَالِكَ مَهْزُومٌ مِنَ الْأَحْزَابِ11

මෙහි ඇති සේනාව ද පරාජයට පත් කරනු ලැබූ ඒකාබද්ධ සේනාවන් අතුරිනි.
38:12ජුස් 23 · පි. 453

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَفِرْعَوْنُ ذُو الْأَوْتَادِ12

ඔවුනට පෙර නූහ්ගේ ජනයා ද ආද් සමූහයා ද රිටි සහිත ෆිර්අවුන් ද
38:13ජුස් 23 · පි. 453

وَثَمُودُ وَقَوْمُ لُوطٍ وَأَصْحَابُ الْأَيْكَةِ ۚ أُولَٰئِكَ الْأَحْزَابُ13

සමූද් ජනයා ද ලූත්ගේ ජනයා ද අයිකාවාසීන් ද බොරු කොළෝය. ඔවුහුමය එම සේනා වනුයේ
38:14ජුස් 23 · පි. 453

إِنْ كُلٌّ إِلَّا كَذَّبَ الرُّسُلَ فَحَقَّ عِقَابِ14

(ඔවුන්) සියල්ල දහම් දූතයින් බොරු කළා මිස නැත. එහෙයින් මාගේ දඬුවම නියම විය.
38:15ජුස් 23 · පි. 453

وَمَا يَنْظُرُ هَٰؤُلَاءِ إِلَّا صَيْحَةً وَاحِدَةً مَا لَهَا مِنْ فَوَاقٍ15

එක් හඬක් මිස මොවුහු බලාපොරොත්තු නොවූහ. එයට කිසිදු හැරීබැලීමක් (හෝ ප්‍රමාදවීමක්) නැත.
38:16ජුස් 23 · පි. 453

وَقَالُوا رَبَّنَا عَجِّلْ لَنَا قِطَّنَا قَبْلَ يَوْمِ الْحِسَابِ16

අපගේ පරමාධිපතියාණනි! විනිශ්චය දිනට පෙර අපගේ කොටස අපහට ඉක්මන් කරනු මැනව! යැයි ඔවුහු පැවසූහ.
38:17ජුස් 23 · පි. 454

اصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَاذْكُرْ عَبْدَنَا دَاوُودَ ذَا الْأَيْدِ ۖ إِنَّهُ أَوَّابٌ17

ඔවුන් පවසන දෑ මත ඔබ ඉවසා සිටිනු. තවද බලවත් අයකු වූ අපගේ ගැත්තා දාවූද් පිළිබඳ මෙනෙහි කරනු. නියත වශයෙන්ම ඔහු (අල්ලාහ් වෙත) ඉමහත් ලෙස හැරෙන්නෙකු විය.
38:18ජුස් 23 · පි. 454

إِنَّا سَخَّرْنَا الْجِبَالَ مَعَهُ يُسَبِّحْنَ بِالْعَشِيِّ وَالْإِشْرَاقِ18

ඔහු සමග සවස් කාලයේ සහ උදෑසන (අල්ලාහ්ගේ නාමය) සුවිශුද්ධ කරන කඳු ද (රංචු වශයෙන්)
38:19ජුස් 23 · පි. 454

وَالطَّيْرَ مَحْشُورَةً ۖ كُلٌّ لَهُ أَوَّابٌ19

රැස් කරනු ලබන පක්ෂීන් ද අපි වසඟ කර දුනිමු. සියල්ල ඔහු වෙත ඉමහත් ලෙස හැරෙන්නෝ වෙති.
38:20ජුස් 23 · පි. 454

وَشَدَدْنَا مُلْكَهُ وَآتَيْنَاهُ الْحِكْمَةَ وَفَصْلَ الْخِطَابِ20

තවද අපි ඔහුගේ රාජ්‍යය බලවත් කළෙමු. තවද අපි ඔහුට ප්‍රඥාව හා (තීරණාත්මකව) කතා කිරීමේ පැහැදිලිතාව පිරිනැමුවෙමු.
38:21ජුස් 23 · පි. 454

۞ وَهَلْ أَتَاكَ نَبَأُ الْخَصْمِ إِذْ تَسَوَّرُوا الْمِحْرَابَ21

ඔවුහු නැමදුම් ස්ථානය වෙත (බිත්තියෙන්) නැග පැමිණි අවස්ථාවේ එම වාදයේ පුවත ඔබ වෙත පැමිණියේ ද?
38:22ජුස් 23 · පි. 454

إِذْ دَخَلُوا عَلَىٰ دَاوُودَ فَفَزِعَ مِنْهُمْ ۖ قَالُوا لَا تَخَفْ ۖ خَصْمَانِ بَغَىٰ بَعْضُنَا عَلَىٰ بَعْضٍ فَاحْكُمْ بَيْنَنَا بِالْحَقِّ وَلَا تُشْطِطْ وَاهْدِنَا إِلَىٰ سَوَاءِ الصِّرَاطِ22

දාවූද් වෙත ඔවුහු පිවිසුණු විට ඔවුන් පිළිබඳ ඔහු තැති ගත්තේය. “ඔබ බිය නොවනු. අපගෙන් ඇතැමෙකු ඇතැමෙකුට අසාධාරණකම් සිදු කොට ඇත. එහෙයින් ඔබ යුක්ති ගරුක ව අප අතර තීන්දු දෙනු. තවද ඔබ නැඹුරු නොවනු. තවද අපහට ඍජු මාර්ගය වෙත මග පෙන්වනු” යැයි ඔවුහු පැවසූහ.
38:23ජුස් 23 · පි. 454

إِنَّ هَٰذَا أَخِي لَهُ تِسْعٌ وَتِسْعُونَ نَعْجَةً وَلِيَ نَعْجَةٌ وَاحِدَةٌ فَقَالَ أَكْفِلْنِيهَا وَعَزَّنِي فِي الْخِطَابِ23

“නියත වශයෙන්ම මොහු මාගේ සහෝදරයාය. ඔහුට බැටළු දෙනුන් අනූ නව දෙනෙකු ඇත. තවද මට එක් බැටළු දෙනකු පමණක් ඇත. තවද ‘එය ද මට පවරන්නැ’යි ඔහු පවසා සිටියි. කතාවෙහි ඔහු මා අබිබවා ගොස් ඇත.
38:24ජුස් 23 · පි. 454

قَالَ لَقَدْ ظَلَمَكَ بِسُؤَالِ نَعْجَتِكَ إِلَىٰ نِعَاجِهِ ۖ وَإِنَّ كَثِيرًا مِنَ الْخُلَطَاءِ لَيَبْغِي بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَقَلِيلٌ مَا هُمْ ۗ وَظَنَّ دَاوُودُ أَنَّمَا فَتَنَّاهُ فَاسْتَغْفَرَ رَبَّهُ وَخَرَّ رَاكِعًا وَأَنَابَ ۩24

ඔබේ බැටළු දෙන ද ඔහුගේ බැටළු දෙනුන්ට එක් කරන මෙන් ඉල්ලා සිටීමෙන් ඔහු ඔබට අසාධාරණයක් කර ඇත. හවුල්කරුවන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට අසාධාරණකම් කරති. නමුත් විශ්වාස කොට යහකම් කළවුන් හැර.” තවද ඔවුහු ස්වල්ප දෙනෙකි. සැබැවින්ම අපි ඔහු පරීක්ෂාවට ලක් කොට ඇතැයි දාවූද් වටහා ගත්තේය. එහෙයින් ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටියේය. තවද නැමී බිම වැතිරුණේය. තවද ඔහු (පශ්චාතාපවී) හැරුණේය.
38:25ජුස් 23 · පි. 454

فَغَفَرْنَا لَهُ ذَٰلِكَ ۖ وَإِنَّ لَهُ عِنْدَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَآبٍ25

එහෙයින් අපි ඔහුට ඒ සඳහා සමාව දුනිමු. නියත වශයෙන්ම අප අබියස ඔහු වෙනුවෙන් සමීපතාවක් සහ අලංකාර හැරී පැමිණෙන තැනක් ඇත.
38:26ජුස් 23 · පි. 454

يَا دَاوُودُ إِنَّا جَعَلْنَاكَ خَلِيفَةً فِي الْأَرْضِ فَاحْكُمْ بَيْنَ النَّاسِ بِالْحَقِّ وَلَا تَتَّبِعِ الْهَوَىٰ فَيُضِلَّكَ عَنْ سَبِيلِ اللَّهِ ۚ إِنَّ الَّذِينَ يَضِلُّونَ عَنْ سَبِيلِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ بِمَا نَسُوا يَوْمَ الْحِسَابِ26

අහෝ දාවූද්! අපි ඔබ මහපොළොවේ නියෝජිතයකු බවට පත් කළෙමු. එහෙයින් ඔබ ජනයා අතර යුක්තිගරුක ව තීන්දු දෙනු. තවද ආශාවන් අනුගමනය නොකරනු. එවිට එය අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔබ නොමග යවනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග ගියවුන් වන ඔවුනට විනිශ්චය දිනය ඔවුන් අමතක කළ බැවින් දැඩි දඬුවමක් ඇත.
38:27ජුස් 23 · පි. 455

وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا بَاطِلًا ۚ ذَٰلِكَ ظَنُّ الَّذِينَ كَفَرُوا ۚ فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنَ النَّارِ27

අහස හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද නිෂ්ඵල දෑ ලෙසින් අප මවා නැත. එය දෙවියන් ප්‍රතික්ෂේප කළවුන්ගේ සිතුවිල්ලයි. එහෙයින් දෙවියන් ප්‍රතික්ෂේප කළවුනට (නිරා) ගින්නෙන් වූ විනාශය අත්වේවා!
38:28ජුස් 23 · පි. 455

أَمْ نَجْعَلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَالْمُفْسِدِينَ فِي الْأَرْضِ أَمْ نَجْعَلُ الْمُتَّقِينَ كَالْفُجَّارِ28

දෙවියන් විශ්වාස කොට යහකම් කළවුන්, මහපොළොවේ කලහකාරීන් මෙන් අපි සළකන්නෙමුද? එසේ නැතහොත් බිය බැතිමතුන් දුෂ්ටයින් මෙන් අපි සළකන්නෙමුද?
38:29ජුස් 23 · පි. 455

كِتَابٌ أَنْزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِيَدَّبَّرُوا آيَاتِهِ وَلِيَتَذَكَّرَ أُولُو الْأَلْبَابِ29

(මෙය) ඔබ වෙත අපි පහළ කළ භාග්‍යමත් පුස්තකයයි. ඔවුන් එහි වදන් පරිශීලනය කරනු පිණිසත් බුද්ධිය ඇත්තන් මෙනෙහි කරනු පිණිසත් (අපි එය පහළ කළෙමු.)
38:30ජුස් 23 · පි. 455

وَوَهَبْنَا لِدَاوُودَ سُلَيْمَانَ ۚ نِعْمَ الْعَبْدُ ۖ إِنَّهُ أَوَّابٌ30

තවද අපි දාවූද්ට සුලයිමාන් ව පිරිනැමුවෙමු. එම ගැත්තා යහපත් විය. නියත වශයෙන්ම ඔහු ඉමහත් ලෙස (අල්ලාහ් වෙත) නැඹුරු වන්නෙකි.
38:31ජුස් 23 · පි. 455

إِذْ عُرِضَ عَلَيْهِ بِالْعَشِيِّ الصَّافِنَاتُ الْجِيَادُ31

සවස් කාලයෙහි මනාව වැඩුණු අශ්වයින් ඔහු වෙත ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාව සිහිපත් කරනු.
38:32ජුස් 23 · පි. 455

فَقَالَ إِنِّي أَحْبَبْتُ حُبَّ الْخَيْرِ عَنْ ذِكْرِ رَبِّي حَتَّىٰ تَوَارَتْ بِالْحِجَابِ32

එවිට “නියත වශයෙන්ම ආවරණය වීමෙන් එය(හිරු) සැඟ වී යනතෙක් මාගේ පරමාධිපති මෙනෙහි කිරීමෙන් මෙම වස්තුවට ඇලුම් කර ඇතැයි මම සිතමි“ යැයි පැවසීය.
38:33ජුස් 23 · පි. 455

رُدُّوهَا عَلَيَّ ۖ فَطَفِقَ مَسْحًا بِالسُّوقِ وَالْأَعْنَاقِ33

නුඹලා එය මා වෙත නැවත ගෙන එනු යි පවසා ගෙලවල් හා කකුල් පිරිමදින්නට පටන් ගත්තේය.
38:34ජුස් 23 · පි. 455

وَلَقَدْ فَتَنَّا سُلَيْمَانَ وَأَلْقَيْنَا عَلَىٰ كُرْسِيِّهِ جَسَدًا ثُمَّ أَنَابَ34

තවද සැබැවින්ම අපි සුලයිමාන් පරීක්ෂාවට ලක් කළෙමු. තවද අපි ඔහුගේ ආසනය මත (මළ)සිරුරක් හෙළුවෙමු. පසු ව ඔහු නැවත යොමු විය.
38:35ජුස් 23 · පි. 455

قَالَ رَبِّ اغْفِرْ لِي وَهَبْ لِي مُلْكًا لَا يَنْبَغِي لِأَحَدٍ مِنْ بَعْدِي ۖ إِنَّكَ أَنْتَ الْوَهَّابُ35

මාගේ පරමාධිපතියාණනි! මට ඔබ සමාව දෙනු මැනව! තවද මගෙන් පසු ව කිසිවකුට අයිති නොවන රාජ්‍යයක් මට පිරිනමනු මැනව! නියත වශයෙන්ම ඔබ මහා පරිත්‍යාගශීලීය.
38:36ජුස් 23 · පි. 455

فَسَخَّرْنَا لَهُ الرِّيحَ تَجْرِي بِأَمْرِهِ رُخَاءً حَيْثُ أَصَابَ36

එවිට අපි ඔහුට සුළඟ වසඟ කර දුන්නෙමු. ඔහු සිතූ පරිදි ඔහුගේ අණින් එය පහසුවෙන් හමා යයි.
38:37ජුස් 23 · පි. 455

وَالشَّيَاطِينَ كُلَّ بَنَّاءٍ وَغَوَّاصٍ37

තවද ගොඩනැගිලි ඉදි කරන එමෙන්ම කිමිද මුතු ගොඩගන්නා සියලු ෂෙයිතානුවන් හා
38:38ජුස් 23 · පි. 455

وَآخَرِينَ مُقَرَّنِينَ فِي الْأَصْفَادِ38

යදම් තුළ බැඳ දමනු ලැබූ තවත් අය ද (අපි ඔහුට වසඟ කර දුනිමු.)
38:39ජුස් 23 · පි. 455

هَٰذَا عَطَاؤُنَا فَامْنُنْ أَوْ أَمْسِكْ بِغَيْرِ حِسَابٍ39

මෙය අපගේ ත්‍යාගයයි. එහෙයින් ඔබ කිසිදු විනිශ්චයක් නොවනු අයුරින් උපකාර කරනු, එසේ නැතහොත් රඳවා ගනු.
38:40ජුස් 23 · පි. 455

وَإِنَّ لَهُ عِنْدَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَآبٍ40

තවද නියත වශයෙන්ම අප අබියස ඔහුට කිට්ටු සමීපතාවක් හා අලංකාර හැරී පැමිණෙන නවාතැන ඇත.
38:41ජුස් 23 · පි. 455

وَاذْكُرْ عَبْدَنَا أَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الشَّيْطَانُ بِنُصْبٍ وَعَذَابٍ41

තවද අපගේ ගැත්තකු වූ අය්යූබ් ද ඔබ මෙනෙහි කර බලනු. ඔහු තම පරමාධිපති අමතා, “නියත වශයෙන්ම ෂෙයිතාන් උවදුරකින් හා වේදනාවකින් මා ස්පර්ශ කොට ඇත” යැයි පැවසීය.
38:42ජුස් 23 · පි. 455

ارْكُضْ بِرِجْلِكَ ۖ هَٰذَا مُغْتَسَلٌ بَارِدٌ وَشَرَابٌ42

“ඔබේ පාදය ගසනු. මෙය ස්නානය කරනු ලබන සිසිල් ස්ථානයකි. එමෙන්ම පානය කිරීමකි.”
38:43ජුස් 23 · පි. 456

وَوَهَبْنَا لَهُ أَهْلَهُ وَمِثْلَهُمْ مَعَهُمْ رَحْمَةً مِنَّا وَذِكْرَىٰ لِأُولِي الْأَلْبَابِ43

තවද ප්‍රබුද්ධිමත් අයට අපගෙන් වූ ආශිර්වාදයක් හා මෙනෙහි කිරීමක් වශයෙන් ඔහුට ඔහුගේ පවුල හා ඔවුන් සමග වූ ඔවුන් මෙන් වූවන් අපි පිරිනැමුවෙමු.
38:44ජුස් 23 · පි. 456

وَخُذْ بِيَدِكَ ضِغْثًا فَاضْرِبْ بِهِ وَلَا تَحْنَثْ ۗ إِنَّا وَجَدْنَاهُ صَابِرًا ۚ نِعْمَ الْعَبْدُ ۖ إِنَّهُ أَوَّابٌ44

තවද ඔබ පිදුරු මිටියක් ඔබේ අතට ගෙන එමගින් ඔබ (ඔබේ බිරියට) ගසනු. තවද ඔබ ප්‍රතිඥා කඩ නොකරනු. නියත වශයෙන්ම අපි ඔහු ඉවසිලිවන්තයකු සේ දුටුවෙමු. එම ගැත්තා යහපත් විය. නියත වශයෙන්ම ඔහු (අල්ලාහ් වෙත) ඉමහත් ලෙස හැරෙන්නෙකි.
38:45ජුස් 23 · පි. 456

وَاذْكُرْ عِبَادَنَا إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ أُولِي الْأَيْدِي وَالْأَبْصَارِ45

තවද බලය හා මනා දෘෂ්ටීන්ගෙන් හෙබි අපගේ ගැත්තන් වන ඉබ්‍රාහීම් ඉස්හාක් හා යඃකූබ් පිළිබඳ ව ද මෙනෙහි කරනු.
38:46ජුස් 23 · පි. 456

إِنَّا أَخْلَصْنَاهُمْ بِخَالِصَةٍ ذِكْرَى الدَّارِ46

මතු ලොව නිවහන මෙනෙහි කිරීමට නියත වශයෙන්ම අපි ඔවුන් විශේෂිත කළෙමු.
38:47ජුස් 23 · පි. 456

وَإِنَّهُمْ عِنْدَنَا لَمِنَ الْمُصْطَفَيْنَ الْأَخْيَارِ47

තවද නියත වශයෙන්ම ඔවුන් අප අබියස විශිෂ්ටයින් ලෙස තෝරා ගනු ලැබූවන් අතුරිනි.
38:48ජුස් 23 · පි. 456

وَاذْكُرْ إِسْمَاعِيلَ وَالْيَسَعَ وَذَا الْكِفْلِ ۖ وَكُلٌّ مِنَ الْأَخْيَارِ48

තවද ඉස්මාඊල් අල්යසඃ හා දුල් කිෆ්ල් පිළිබඳ ව ද මෙනෙහි කරනු. තවද (මේ) සියල්ලන්ම විශිෂ්ටයින් අතුරිනි.
38:49ජුස් 23 · පි. 456

هَٰذَا ذِكْرٌ ۚ وَإِنَّ لِلْمُتَّقِينَ لَحُسْنَ مَآبٍ49

මෙය මෙනෙහි කිරීමකි. තවද නියත වශයෙන්ම බිය බැතිමතුන් හට අලංකාර නවාතැනක් ඇත.
38:50ජුස් 23 · පි. 456

جَنَّاتِ عَدْنٍ مُفَتَّحَةً لَهُمُ الْأَبْوَابُ50

එය ඔවුන් වෙනුවෙන් දොරවල් විවෘත කරනු ලැබූ සදා (ස්වර්ග) උයන් වශයෙනි.
38:51ජුස් 23 · පි. 456

مُتَّكِئِينَ فِيهَا يَدْعُونَ فِيهَا بِفَاكِهَةٍ كَثِيرَةٍ وَشَرَابٍ51

එහි ඔවුන් හාන්සි ව සිට අධික පලතුරු හා පානයන් එහි ඔවුන් ඉල්ලා සිටිති.
38:52ජුස් 23 · පි. 456

۞ وَعِنْدَهُمْ قَاصِرَاتُ الطَّرْفِ أَتْرَابٌ52

සම වයසැති දමිත බැල්ම හෙළන කාන්තාවෝ ඔවුන් අබියස සිටිති.
38:53ජුස් 23 · පි. 456

هَٰذَا مَا تُوعَدُونَ لِيَوْمِ الْحِسَابِ53

විනිශ්චය දිනය සඳහා නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ මෙයයි (යැයි කියනු ලැබේ.)
38:54ජුස් 23 · පි. 456

إِنَّ هَٰذَا لَرِزْقُنَا مَا لَهُ مِنْ نَفَادٍ54

නියත වශයෙන්ම මෙය ඊට අවසානයක් නැති අපගේ පෝෂණයයි.
38:55ජුස් 23 · පි. 456

هَٰذَا ۚ وَإِنَّ لِلطَّاغِينَ لَشَرَّ مَآبٍ55

(බිය බැතිමතුන් සඳහා වූ දෑ) මෙයයි. තවද නියත වශයෙන්ම සීමාව ඉක්මවා ගියවුන්ට නපුරු නවාතැනකි.
38:56ජුස් 23 · පි. 456

جَهَنَّمَ يَصْلَوْنَهَا فَبِئْسَ الْمِهَادُ56

එය නිරයයි. ඔවුහු එහි පිවිස දැවෙති. එහෙයින් එම වාසස්ථානය නපුරු විය.
38:57ජුස් 23 · පි. 456

هَٰذَا فَلْيَذُوقُوهُ حَمِيمٌ وَغَسَّاقٌ57

මෙය(සීමාව ඉක්මවූවන් සඳහා)ය. එහෙයින් ඔවුහු එය භුක්ති විඳිත්වා! (ඔවුනට) නටන ජලයයි. සැරව මුසු වූ රුධිරයයි (යැයි අල්ලාහ් පවසයි.)
38:58ජුස් 23 · පි. 456

وَآخَرُ مِنْ شَكْلِهِ أَزْوَاجٌ58

ඒ ස්වරූපයෙන් යුත් වෙනත් (දඬුවම්) වර්ගද (ඔවුනට) ඇත.
38:59ජුස් 23 · පි. 456

هَٰذَا فَوْجٌ مُقْتَحِمٌ مَعَكُمْ ۖ لَا مَرْحَبًا بِهِمْ ۚ إِنَّهُمْ صَالُو النَّارِ59

මෙය නුඹලා සමග පිවිසුණු පිරිසකි. ඔවුනට කිසිදු පිළිගැනීමක් නැත. නියත වශයෙන්ම ඔවුන් නිරා (ගින්නට) පිවිස දැවෙන්නෝ වෙති.
38:60ජුස් 23 · පි. 456

قَالُوا بَلْ أَنْتُمْ لَا مَرْحَبًا بِكُمْ ۖ أَنْتُمْ قَدَّمْتُمُوهُ لَنَا ۖ فَبِئْسَ الْقَرَارُ60

එසේ නොව, නුඹලාට කිසිදු පිළිගැනීමක් නැත. අප හට එය ඉදිරිපත් කළේ නුඹලාය. එහෙයින් එම වාසස්ථානය නපුරු විය යැයි (ඔවුන් පිළිපැද්දවුන් වන) ඔවුහු පවසති.
38:61ජුස් 23 · පි. 456

قَالُوا رَبَّنَا مَنْ قَدَّمَ لَنَا هَٰذَا فَزِدْهُ عَذَابًا ضِعْفًا فِي النَّارِ61

අපගේ පරමාධිපතියාණනි! අපහට කවරෙකු මෙය ඉදිරිපත් කළේ ද ඔහුට නිරයේ දඬුවම දෙගුණයක් කොට අධිකව දෙන්නැයි ඔවුහු පවසති.
38:62ජුස් 23 · පි. 457

وَقَالُوا مَا لَنَا لَا نَرَىٰ رِجَالًا كُنَّا نَعُدُّهُمْ مِنَ الْأَشْرَارِ62

නපුරන් අතුරින් යැයි අපි ඔවුන් ගණන් ගනිමින් සිටි මිනිසුන් අපහට දකින්නට නැත්තේ ඇයි දැයි ඔවුහු පවසති.
38:63ජුස් 23 · පි. 457

أَتَّخَذْنَاهُمْ سِخْرِيًّا أَمْ زَاغَتْ عَنْهُمُ الْأَبْصَارُ63

අපි ඔවුන් සමච්චලයට ගත්තෙමු ද? එසේ නැතහොත් ඔවුන්ගෙන් (අපගේ) බැල්ම ඉවත් වූයේ ද?
38:64ජුස් 23 · පි. 457

إِنَّ ذَٰلِكَ لَحَقٌّ تَخَاصُمُ أَهْلِ النَّارِ64

නියත වශයෙන්ම එය සැබෑවකි. එය නිරාවාසීන්ගේ වාදයයි.
38:65ජුස් 23 · පි. 457

قُلْ إِنَّمَا أَنَا مُنْذِرٌ ۖ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ65

“නියත වශයෙන්ම මම අවවාද කරන්නෙකු පමණි. තවද බල පරාක්‍රම ඒකීය වූ අල්ලාහ් හැර වෙනත් කිසිදු දෙවියකු නැත” යැයි ඔබ පවසනු.
38:66ජුස් 23 · පි. 457

رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الْعَزِيزُ الْغَفَّارُ66

“ඔහු සර්ව බලධාරී, අතික්ෂමාශීලී, අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය.”
38:67ජුස් 23 · පි. 457

قُلْ هُوَ نَبَأٌ عَظِيمٌ67

“එය මහත් වූ පුවතකි.” යැයි ඔබ පවසනු.
38:68ජුස් 23 · පි. 457

أَنْتُمْ عَنْهُ مُعْرِضُونَ68

“නුඹලා එය පිටුපාන්නෝය.”
38:69ජුස් 23 · පි. 457

مَا كَانَ لِيَ مِنْ عِلْمٍ بِالْمَلَإِ الْأَعْلَىٰ إِذْ يَخْتَصِمُونَ69

“ඉහළ ප්‍රධානීන් තර්ක කරන විට ඔවුන් පිළිබඳ කිසිදු දැනුමක් මට නොවීය.”
38:70ජුස් 23 · පි. 457

إِنْ يُوحَىٰ إِلَيَّ إِلَّا أَنَّمَا أَنَا نَذِيرٌ مُبِينٌ70

“නියත වශයෙන්ම මම පැහැදිලි අවවාද කරන්නකු පමණි යැයි මිස මා වෙත හෙළිදරව් කරනු නොලැබීය.”
38:71ජුස් 23 · පි. 457

إِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِنْ طِينٍ71

නියත වශයෙන්ම මම මැටියෙන් වූ මිනිසෙකු මවන්නෙමි යැයි මලක්වරුන්ට ඔබේ පරමාධිපති පැවසූ අවස්ථාව සිහියට නගනු.
38:72ජුස් 23 · පි. 457

فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ72

පසු ව මම ඔහු නිසි අයුරින් හැඩගස්වා මාගේ ආත්මයෙන් ඔහු තුළ පිඹූ විට නුඹලා ඔහුට සුජූද් කරන්නන් ලෙස වැටෙනු. (යැයි පැවසුවෙමි)
38:73ජුස් 23 · පි. 457

فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ73

එවිට මලක්වරුන් වන ඔවුන් සියල්ලෝම සුජූද් කළෝය.
38:74ජුස් 23 · පි. 457

إِلَّا إِبْلِيسَ اسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ74

නමුත් ඉබ්ලීස් හැර. ඔහු උඩඟු විය. තවද දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් අතුරින් විය.
38:75ජුස් 23 · පි. 457

قَالَ يَا إِبْلِيسُ مَا مَنَعَكَ أَنْ تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَيَّ ۖ أَسْتَكْبَرْتَ أَمْ كُنْتَ مِنَ الْعَالِينَ75

“අහෝ ඉබ්ලීස්! මාගේ දෑතින් මා මැවූ දෑට ඔබ සුජූද් කිරීමෙන් ඔබ ව වැළැක්වූයේ කුමක් ද? ඔබ උඩඟු වූයෙහි ද එසේ නැතහොත් උසස් අය අතුරින් වූයෙහි දැ”යි ඔහු(අල්ලාහ්) විමසීය.
38:76ජුස් 23 · පි. 457

قَالَ أَنَا خَيْرٌ مِنْهُ ۖ خَلَقْتَنِي مِنْ نَارٍ وَخَلَقْتَهُ مِنْ طِينٍ76

“මම ඔහුට වඩා ශ්‍රේෂ්ටය. ඔබ මා මවා ඇත්තේ ගින්නෙනි. තවද ඔබ ඔහු මවා ඇත්තේ මැටියෙනි” යැයි ඔහු පැවසීය.
38:77ජුස් 23 · පි. 457

قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ77

“එසේ නම් ඔබ මෙයින් බැහැර වනු. නියත වශයෙන්ම ඔබ පලවා හරිනු ලැබූවෙකි.
38:78ජුස් 23 · පි. 457

وَإِنَّ عَلَيْكَ لَعْنَتِي إِلَىٰ يَوْمِ الدِّينِ78

තවද නියත වශයෙන්ම විනිශ්චය දිනය දක්වා මාගේ ශාපය ඔබට එරෙහි ව පවතී” යැයි ඔහු පැවසීය.
38:79ජුස් 23 · පි. 457

قَالَ رَبِّ فَأَنْظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ79

“මාගේ පරමාධිපතියාණනි! එසේ නම් ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය දක්වා මට කල් දෙනු” යැයි ඔහු පැවසීය.
38:80ජුස් 23 · පි. 457

قَالَ فَإِنَّكَ مِنَ الْمُنْظَرِينَ80

එසේ නම් කල් දෙනූ ලැබූවන් අතුරින් ඔබ වන්නෙහිය යැයි ඔහු(අල්ලාහ්) පැවසීය.
38:81ජුස් 23 · පි. 457

إِلَىٰ يَوْمِ الْوَقْتِ الْمَعْلُومِ81

නියමිත වේලාවේ දිනය දක්වා
38:82ජුස් 23 · පි. 457

قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ82

ඔබේ ගරුත්වයේ නාමයෙන් දිවුරමින්. සැබැවින්ම මම ඔවුන් සියල්ල නොමග යවමි.
38:83ජුස් 23 · පි. 457

إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ83

නමුත් ඔවුන් අතුරින් වූ ඔබේ අවංක ගැත්තන් හැර.
38:84ජුස් 23 · පි. 458

قَالَ فَالْحَقُّ وَالْحَقَّ أَقُولُ84

එසේ නම් එය සත්‍යයකි. තවද මම සත්‍යයම පවසමි යැයි ඔහු පැවසීය.
38:85ජුස් 23 · පි. 458

لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنْكَ وَمِمَّنْ تَبِعَكَ مِنْهُمْ أَجْمَعِينَ85

ඔබ හා ඔවුන් අතුරින් ඔබ ව අනුගමනය කළ සියලු දෙනාගෙන් මම නිරය පුරවමි.
38:86ජුස් 23 · පි. 458

قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ وَمَا أَنَا مِنَ الْمُتَكَلِّفِينَ86

“ඒ වෙනුවෙන් කිසිදු කුලියක් මම නුඹලාගෙන් නොඉල්ලමි. තවද මම ස්ව කැමැත්ත පරිදි ප්‍රකාශ කරන්නන් අතුරින් ද නොවෙමි” යැයි (නබිවරය) ඔබ පවසනු.
38:87ජුස් 23 · පි. 458

إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ87

“එය ලෝවැසියන්ට මෙනෙහි කිරීමක් මිස නැත.”
38:88ජුස් 23 · පි. 458

وَلَتَعْلَمُنَّ نَبَأَهُ بَعْدَ حِينٍ88

“තවද ටික කලකට පසු ව එහි පුවත සැබැවින්ම නුඹලා දැන ගනු ඇත.”

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න

Muhammad Ayyub - Sad · Tlawati