සූරා 38 · ජුස් 23

Sad · 38:65

قُلْ إِنَّمَا أَنَا مُنْذِرٌ ۖ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ

“නියත වශයෙන්ම මම අවවාද කරන්නෙකු පමණි. තවද බල පරාක්‍රම ඒකීය වූ අල්ලාහ් හැර වෙනත් කිසිදු දෙවියකු නැත” යැයි ඔබ පවසනු.

තෆ්සීර්

අහෝ මුහම්මද්! නුඹේ ජනයා අතර සිටින දේව ප්රතික්ෂේපකයින්හට මෙසේ පවසනු. ‘නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතවරුන් බොරු කළ හේතුවෙන් සැබවින්ම මම නුඹලාට අල්ලාහ්ගේ දඬුවම ගැන අවවාද කරන්නෙකු පමණි. සුවිශුද්ධ අල්ලාහ් හැර නැමදුමට සුදුසු වෙනත් කිසිදු දෙවියෙකු දකින්නට නැත. ඔහුගේ බලය, ඔහුගේ ගුණය හා ඔහුගේ නාමවල ඔහු වෙනමම පැවැත්මක් ඇත්තෙකි. එහෙයින් ඔහු සියලු දෑ මඩලන බල පරාක්රමයාය. සෑම දෙයක්ම ඔහුට යටත්ය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න