සූරා 38 · ජුස් 23
Sad · 38:9
أَمْ عِنْدَهُمْ خَزَائِنُ رَحْمَةِ رَبِّكَ الْعَزِيزِ الْوَهَّابِ
එසේ නැතහොත් පරිත්යාගශීලී සර්වබලධාරී ඔබේ පරමාධිපතිගේ දයාවේ නිධන් ඔවුන් අබියස තිබේ ද?
තෆ්සීර්
එසේ නැතහොත් කිසිවකු විසින් පරාජය කළ නොහැකි, ඔහු අභිමත කරන අයට අභිමත කරන දෑ පිරිනමන සර්වබලධාරී නුඹේ පරමාධිපතිගේ භාග්යයෙන් යුත් භාණ්ඩාගාර කිසිවක් මෙම බොරුකාර ආදේශකයින් සතු ව තිබේ ද? නබිත්වය යනු ඔහුගේ භාග්යමත් භාණ්ඩාගාරයෙන් එකකි. ඔහු අභිමත කරන්නන්හට එය පිරිනමයි. ඔවුන් සිතන අයට එය පිරිනැමීමට හෝ ඔවුන් සිතන අයගෙන් එය වැළැක්වීමට හෝ හැකි පරිදි එය පිහිටුවා නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න