සූරා 38 · ජුස් 23
Sad · 38:10
أَمْ لَهُمْ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ فَلْيَرْتَقُوا فِي الْأَسْبَابِ
එසේ නැතිනම් අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්යය ඔවුන් සතු ද? එසේ නම් ඔවුහු (භෞතික) සාධකයන්හි නැග යත්වා!
තෆ්සීර්
එසේ නැතහොත් ඔවුනට අහස්හි ආධිපත්යය මහපොළොවේ ආධිපත්යය හා ඒ දෙක තුළ පවතින දෑහි ආධිපත්යය තිබී එය පිරිනැමීමටත් එය වැළැක්වීමටත් ඔවුනට උරුමය තිබේ ද? ඔවුන්ගේ එම විශ්වාසය වී නම් තමන් කැමති පරිදි පිරිනැමීමට හෝ වැළැක්වීමට හෝ තීරණය කළ හැකි පරිදි අහස වෙත ලඟා විය හැති සාධක සූදානම් කර ගනිත්වා! කිසිවිටෙක ඔවුනට එය සිදු කළ නොහැක්කේමය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න