සූරා 38 · ජුස් 23
Sad · 38:8
أَأُنْزِلَ عَلَيْهِ الذِّكْرُ مِنْ بَيْنِنَا ۚ بَلْ هُمْ فِي شَكٍّ مِنْ ذِكْرِي ۖ بَلْ لَمَّا يَذُوقُوا عَذَابِ
“අප අතුරින් මෙම උපදෙස පහළ කරනු ලැබුවේ මොහු වෙත ද?” (යැයි ප්රතික්ෂේප කළවුන් විමසීය.) එසේ නොව ඔවුන් මාගේ උපදෙස ගැන සැකයෙහි වෙති. මක්නිසාද යත් ඔවුන් (මෙතෙක්) මාගේ දඬුවම විඳ නැත.
තෆ්සීර්
අපි නායකයින් හා ප්රභූවරුන් ලෙස සිටිය දී, අප වෙත අල් කුර්ආනය පහළ නොවී අප අතර සිටින මොහු වෙත එය පහළ වීමත්, මොහුට පමණක් එය විශේෂ වීමත් නිවැරදි ද? එසේ නොව නුඹ වෙත පහළ වන දිව්ය පණිවිඩ පිළිබඳ මෙම දේව ආදේශකයෝ සැකයෙහි පසුවෙති. අල්ලාහ්ගේ දඬුවම ඔවුහු භුක්ති විඳින කල්හි ඔවුන්ගේ නොසැලකිලිමත්කම නිසා ඔවුහු රැවටුණෝය. ඔවුන් එය විඳ ඇත්නම් අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීම හා ආදේශ කිරීමෙහි ඔවුහු එඩිතර නොවෙති. නුඹ වෙත දන්වා සිටින දෑහි සැකයෙහි පසුවෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න