සූරා 38 · ජුස් 23
Sad · 38:27
وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا بَاطِلًا ۚ ذَٰلِكَ ظَنُّ الَّذِينَ كَفَرُوا ۚ فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنَ النَّارِ
අහස හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද නිෂ්ඵල දෑ ලෙසින් අප මවා නැත. එය දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ සිතුවිල්ලයි. එහෙයින් දෙවියන් ප්රතික්ෂේප කළවුනට (නිරා) ගින්නෙන් වූ විනාශය අත්වේවා!
තෆ්සීර්
අහස් හා මහපොළොව නිකරුණේ අපි නොමැව්වෙමු. එය දේව ප්රතික්ෂේපකයින්ගේ සිතුවිල්ලය. අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිල්ලක හා දේව ප්රතික්ෂේපය මත පදනම්ව මෙවන් සිතුවිල්ලක් සිතන දේව ප්රතික්ෂේපකයින් වනාහි ඔවුන් මිය යැදුණු විට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපාගින්නේ දඬුවමින් ඔවුනට විනාශක්ම වනු ඇත!
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න