සූරා 38 · ජුස් 23
Sad · 38:24
قَالَ لَقَدْ ظَلَمَكَ بِسُؤَالِ نَعْجَتِكَ إِلَىٰ نِعَاجِهِ ۖ وَإِنَّ كَثِيرًا مِنَ الْخُلَطَاءِ لَيَبْغِي بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَقَلِيلٌ مَا هُمْ ۗ وَظَنَّ دَاوُودُ أَنَّمَا فَتَنَّاهُ فَاسْتَغْفَرَ رَبَّهُ وَخَرَّ رَاكِعًا وَأَنَابَ ۩
ඔබේ බැටළු දෙන ද ඔහුගේ බැටළු දෙනුන්ට එක් කරන මෙන් ඉල්ලා සිටීමෙන් ඔහු ඔබට අසාධාරණයක් කර ඇත. හවුල්කරුවන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට අසාධාරණකම් කරති. නමුත් විශ්වාස කොට යහකම් කළවුන් හැර.” තවද ඔවුහු ස්වල්ප දෙනෙකි. සැබැවින්ම අපි ඔහු පරීක්ෂාවට ලක් කොට ඇතැයි දාවූද් වටහා ගත්තේය. එහෙයින් ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටියේය. තවද නැමී බිම වැතිරුණේය. තවද ඔහු (පශ්චාතාපවී) හැරුණේය.
තෆ්සීර්
ඔවුන් දෙදෙනා අතර දාවූද් තුමා තීන්දු පිරිනැමුවේය. ඔහු වාද කළ තැනැත්තා සමග කතා කරමින්, ‘සැබවින්ම ඔබේ සහෝදරයා ඔබේ බැටළු දෙන ඔහුගේ බැටළුවන් සමග එක් කරන මෙන් ඔබෙන් ඉල්ලා සිටීමෙන් ඔහු ඔබට අපරාධයක් සිදු කර ඇත. සැබැවින්ම හවුල්කරුවන් බොහෝ දෙනා ඔවුන් එකිනෙකා අනෙකාගේ උරුමය පැහැර ගනිමින් සාධාරණ ලෙස කටයුතු නොකරමින් සීමාව ඉක්මවා ක්රියා කරති. නමුත් දැහැමි ක්රියාවන් සිදු කරන දේව විශ්වාසීන් හැර. සැබැවින්ම ඔවුන් ඔවුන්ගේ හවුල් කරුවන් සමග සාධාරණව කටයුතු කරති. ඔවුනට අසාධාරණයක් නොකරති. මෙවන් කරුණුවලින් විස්තර කරනු ලැබූවන් සුළු පිරිසකි. සැබැවින්ම මෙම වාදය තුළින් අපි දාවූද්ව පරීක්ෂණයකට භාජනය කර ඇතැයි දාවූද් (අලයිහිස් සලාම්) තුමා ස්ථීර ගර ගත්හ. පසුව ඔහුගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිට ඔහුට සමීප වීමක් ලෙස ‘සජදා’ සිරස නමා නමස්කාර කළේය. ඔහු ඔහුට සමාව දානය කළේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න