සූරා 38 · ජුස් 23
Sad · 38:45
وَاذْكُرْ عِبَادَنَا إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ أُولِي الْأَيْدِي وَالْأَبْصَارِ
තවද බලය හා මනා දෘෂ්ටීන්ගෙන් හෙබි අපගේ ගැත්තන් වන ඉබ්රාහීම් ඉස්හාක් හා යඃකූබ් පිළිබඳ ව ද මෙනෙහි කරනු.
තෆ්සීර්
අහෝ දූතය! අපි තෝරාගත් අපගේ ගැත්තන් වන දිව්ය පණිවිඩ සමග අප එවූ අපගේ දූතවරුන් වන ඉබ්රාහීම් ඉස්හාක් හා යඃකූබ් පිළිබඳ ව ද මෙනෙහි කර බලනු. සැබවින්ම ඔවුහු අල්ලාහ්ට අවනත වීමෙහි හා ඔහුගේ තෘප්තිය ග්රහණය කිරීමෙහි ඉතා බලවත් පුද්ගලයෝ වූහ. එමෙන්ම සත්යයේ සත්ය දැක්මක් ඇති පුද්ගලයෝ වූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න