සූරා 38 · ජුස් 23
Sad · 38:43
وَوَهَبْنَا لَهُ أَهْلَهُ وَمِثْلَهُمْ مَعَهُمْ رَحْمَةً مِنَّا وَذِكْرَىٰ لِأُولِي الْأَلْبَابِ
තවද ප්රබුද්ධිමත් අයට අපගෙන් වූ ආශිර්වාදයක් හා මෙනෙහි කිරීමක් වශයෙන් ඔහුට ඔහුගේ පවුල හා ඔවුන් සමග වූ ඔවුන් මෙන් වූවන් අපි පිරිනැමුවෙමු.
තෆ්සීර්
එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. ඔහුට අත් වූ උවදුර අපි ඉවත් කළෙමු. ඔහුගේ පවුල ඔහුට පිරිනැමුවෙමු. ඔහු කෙරෙහි අපගේ ආශිර්වාදයක් හා ඔහුගේ ඉවසීම වෙනුවෙන් ඔහුට ප්රතිඵලයක් ලෙසින් ඔවුන් මෙන්ම දරු මුණුබුරන් ද අපි ඔහුට අධිකව පිරිනැමුවෙමු. සැබැවින්ම ඉවසීමෙහි අවසන් ප්රතිඵලය මිදීම හා කුසල් ලැබීම යන්න මනා බුද්ධිය ඇත්තවුන් මෙනෙහි කරනු පිණිසය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න