සූරා 38 · ජුස් 23

Sad · 38:22

إِذْ دَخَلُوا عَلَىٰ دَاوُودَ فَفَزِعَ مِنْهُمْ ۖ قَالُوا لَا تَخَفْ ۖ خَصْمَانِ بَغَىٰ بَعْضُنَا عَلَىٰ بَعْضٍ فَاحْكُمْ بَيْنَنَا بِالْحَقِّ وَلَا تُشْطِطْ وَاهْدِنَا إِلَىٰ سَوَاءِ الصِّرَاطِ

දාවූද් වෙත ඔවුහු පිවිසුණු විට ඔවුන් පිළිබඳ ඔහු තැති ගත්තේය. “ඔබ බිය නොවනු. අපගෙන් ඇතැමෙකු ඇතැමෙකුට අසාධාරණකම් සිදු කොට ඇත. එහෙයින් ඔබ යුක්ති ගරුක ව අප අතර තීන්දු දෙනු. තවද ඔබ නැඹුරු නොවනු. තවද අපහට ඍජු මාර්ගය වෙත මග පෙන්වනු” යැයි ඔවුහු පැවසූහ.

තෆ්සීර්

දෙදෙනාම දාවූද් වෙත පිවිසු විට ඔහු වික්ෂිප්ත විය. ඔහු වෙත සාමාන්ය අයුරින් ඇතුළු නොවී මෙම මාර්ගය ඔස්සේ ඔවුන් දෙදෙනා එකවර පිවිසීම ගැන ඔහු භීතියට පත් විය. ඔහුගේ බියවීම ගැන ඔවුන් දෙදෙනාට පැහැදිළි වූ කල්හි ඔවුන් දෙදෙනා, ‘නුඹ බිය නොවනු. අපි අපගෙන් කෙනෙකු අනෙකාට කළ අපරාධයක් සම්බන්ධයෙන් වාද විවාද කරන දෙදෙනෙකි. අප අතර නුඹ තීන්දු තීරණ ගත්තේ නම් අප වෙත එය වරදක් නොවන්නේය. නිවැරදි මග කුමක් ද, ඒ ඍජු මග වෙත අපට මග පෙන්වනු’ යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න