As-Saffat

سورة الصافات

සූරා 37 · මක්කා · 182 පද

37:1ජුස් 23 · පි. 446

وَالصَّافَّاتِ صَفًّا1

පෙළින් පෙළට පෙළ ගැසී සිටින්නන්(මලක්වරු)මත දිවුරමින්.
37:2ජුස් 23 · පි. 446

فَالزَّاجِرَاتِ زَجْرًا2

තවද පසුපසින් මෙහෙයවා යන්නන් (මලක්වරු) මත දිවුරමින්.
37:3ජුස් 23 · පි. 446

فَالتَّالِيَاتِ ذِكْرًا3

තවද මෙනෙහි කිරීම පාරායනය කරන්නන් මත දිවුරමින්.
37:4ජුස් 23 · පි. 446

إِنَّ إِلَٰهَكُمْ لَوَاحِدٌ4

නියත වශයෙන්ම නුඹලාගේ දෙවියා එකමය.
37:5ජුස් 23 · පි. 446

رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ الْمَشَارِقِ5

අහස් හා මහොපොළොවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන්ය. තවද නැගෙනහිරවල්හි ද හිමිපාණන්ය.
37:6ජුස් 23 · පි. 446

إِنَّا زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِزِينَةٍ الْكَوَاكِبِ6

නියත වශයෙන්ම සමීපව පිහිටි අහස අපි ග්‍රහ වස්තු මගින් අලංකාරවත් කළෙමු.
37:7ජුස් 23 · පි. 446

وَحِفْظًا مِنْ كُلِّ شَيْطَانٍ مَارِدٍ7

තවද සීමාව ඉක්මවා ගිය සෑම ෂෙයිතානුවකුගෙන්ම ආරක්ෂාවක් වශයෙනි.
37:8ජුස් 23 · පි. 446

لَا يَسَّمَّعُونَ إِلَى الْمَلَإِ الْأَعْلَىٰ وَيُقْذَفُونَ مِنْ كُلِّ جَانِبٍ8

උසස් වූ පිරිස (මලක්වරු) වෙත ඔවුන් සවන් දිය නොහැකිය. තවද ඔවුහු සෑම පැත්තකින්ම පහර දෙනු ලබති.
37:9ජුස් 23 · පි. 446

دُحُورًا ۖ وَلَهُمْ عَذَابٌ وَاصِبٌ9

(එය) පලවා හැරීමක් වශයෙනි. තවද ඔවුනට නිරන්තර දඬුවමක් ඇත.
37:10ජුස් 23 · පි. 446

إِلَّا مَنْ خَطِفَ الْخَطْفَةَ فَأَتْبَعَهُ شِهَابٌ ثَاقِبٌ10

(රහස් කතා) පැහැර ගෙන සවන් දෙන්නා හැර. එවිට සිදුරු කරන උල්කාවන් ඔහු ලුහුබඳියි.
37:11ජුස් 23 · පි. 446

فَاسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَمْ مَنْ خَلَقْنَا ۚ إِنَّا خَلَقْنَاهُمْ مِنْ طِينٍ لَازِبٍ11

“මැවීමෙන් වඩාත් බලවත් වන්නේ ඔවුන් ද එසේ නැතහොත් අපි මවා ඇති දෑ දැ” යි ඔවුන්ගෙන් ඔබ විමසනු. නියත වශයෙන් අපි ඔවුන් ඇලෙන සුළු මැටියෙන් මැව්වෙමු.
37:12ජුස් 23 · පි. 446

بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ12

නමුත් ඔබ පුදුම වූයෙහිය. ඔවුහු (ඒ ගැන) සමච්චල් කරති.
37:13ජුස් 23 · පි. 446

وَإِذَا ذُكِّرُوا لَا يَذْكُرُونَ13

තවද ඔවුනට උපදෙස් කරනු ලබන විට ඔවුහු උපදෙස් නොලබති.
37:14ජුස් 23 · පි. 446

وَإِذَا رَأَوْا آيَةً يَسْتَسْخِرُونَ14

තවද ඔවුහු සංඥාවක් දුටු විට සමච්චල් කරති.
37:15ජුස් 23 · පි. 446

وَقَالُوا إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُبِينٌ15

තවද ඔවුහු මෙසේ පවසා සිටියහ. “මෙය පැහැදිලි හූනියමක් මිස නැත”
37:16ජුස් 23 · පි. 446

أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ16

“අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු ද?”
37:17ජුස් 23 · පි. 446

أَوَآبَاؤُنَا الْأَوَّلُونَ17

“අපගේ මුල් මුතුන්මිත්තන් ද (නැවත නැගිටුවනු ලබන්නෝ ද)”
37:18ජුස් 23 · පි. 446

قُلْ نَعَمْ وَأَنْتُمْ دَاخِرُونَ18

“එසේය. තවද නුඹලා (අල්ලාහ් ඉදිරියේ) පහත් වූවන් යැ”යි ඔබ පවසනු.
37:19ජුස් 23 · පි. 446

فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ فَإِذَا هُمْ يَنْظُرُونَ19

නියත වශයෙන්ම එය එක් හඬකි. එවිට ඔවුහු එය දකිති.
37:20ජුස් 23 · පි. 446

وَقَالُوا يَا وَيْلَنَا هَٰذَا يَوْمُ الدِّينِ20

තවද “අහෝ! අපගේ විනාශය. මෙය විනිශ්චය දිනය වේ” යැයි ඔවුහු පවසති.
37:21ජුස් 23 · පි. 446

هَٰذَا يَوْمُ الْفَصْلِ الَّذِي كُنْتُمْ بِهِ تُكَذِّبُونَ21

“නුඹලා කවර දෙයක බොරුකරමින් සිටියේ ද එම විනිශ්චය දිනය මෙය වේ” (යැයි කියනු ලැබේ.)
37:22ජුස් 23 · පි. 446

۞ احْشُرُوا الَّذِينَ ظَلَمُوا وَأَزْوَاجَهُمْ وَمَا كَانُوا يَعْبُدُونَ22

අපරාධ කළවුන් හා ඔවුන්ගේ ජොඩු ද අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් ගැතිකම් කරමින් සිටි දෑ ද නුඹලා එක්රැස් කරනු.
37:23ජුස් 23 · පි. 446

مِنْ دُونِ اللَّهِ فَاهْدُوهُمْ إِلَىٰ صِرَاطِ الْجَحِيمِ23

(අල්ලාහ්ගෙන් තොර ව) තවද නිරයේ මාවත වෙත නුඹලා ඔවුනට මග පෙන්වනු.
37:24ජුස් 23 · පි. 446

وَقِفُوهُمْ ۖ إِنَّهُمْ مَسْئُولُونَ24

තවද නුඹලා ඔවුන් නවතා තබනු. නියත වශයෙන්ම ඔවුන් විනිශ්චය කරනු ලබන්නෝය.
37:25ජුස් 23 · පි. 447

مَا لَكُمْ لَا تَنَاصَرُونَ25

නුඹලාට කුමක්වීද? නුඹලා එකිනෙකා උදව් කර නොගන්නෙහුය.
37:26ජුස් 23 · පි. 447

بَلْ هُمُ الْيَوْمَ مُسْتَسْلِمُونَ26

එසේ නොව ඔවුහු අද දින යටත් වූවෝය.
37:27ජුස් 23 · පි. 447

وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ27

ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු වෙත මුහුණ ලා ඔවුහු එකිනෙකා විමසා ගනිති.
37:28ජුස් 23 · පි. 447

قَالُوا إِنَّكُمْ كُنْتُمْ تَأْتُونَنَا عَنِ الْيَمِينِ28

නියත වශයෙන්ම නුඹලා දකුණු දෙසින් අප වෙත පැමිණෙමින් සිටියෙහුය යැයි ඔවුහු පවසා සිටියහ.
37:29ජුස් 23 · පි. 447

قَالُوا بَلْ لَمْ تَكُونُوا مُؤْمِنِينَ29

“එසේ නොව නුඹලා දෙවියන් විශ්වාස කරන්නන් නොවූයෙහු” යැයි ඔවුහු පවසා සිටියහ.
37:30ජුස් 23 · පි. 447

وَمَا كَانَ لَنَا عَلَيْكُمْ مِنْ سُلْطَانٍ ۖ بَلْ كُنْتُمْ قَوْمًا طَاغِينَ30

නුඹලා මත කිසිදු බලයක් (යෙදවීමට) අපට නොවීය. නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් වූහ.
37:31ජුස් 23 · පි. 447

فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَا ۖ إِنَّا لَذَائِقُونَ31

එහෙයින් අපට එරෙහි ව අපගේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම වී ඇත. නියත වශයෙන්ම අපි (එය) රස විඳින්නෝ වෙමු.
37:32ජුස් 23 · පි. 447

فَأَغْوَيْنَاكُمْ إِنَّا كُنَّا غَاوِينَ32

එහෙයින් අපි නුඹලා නොමග හැරියෙමු. නියත වශයෙන්ම අප ද නොමග ගියවුන් වූයෙමු.
37:33ජුස් 23 · පි. 447

فَإِنَّهُمْ يَوْمَئِذٍ فِي الْعَذَابِ مُشْتَرِكُونَ33

එහෙයින් නියත වශයෙන්ම ඔවුහු එදින දඬුවමෙහි හවුල්කරුවෝ වෙති.
37:34ජුස් 23 · පි. 447

إِنَّا كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ34

නියත වශයෙන්ම අපි වැරදිකරුවන් සමග කටයුතු කරන්නේ එලෙසය.
37:35ජුස් 23 · පි. 447

إِنَّهُمْ كَانُوا إِذَا قِيلَ لَهُمْ لَا إِلَٰهَ إِلَّا اللَّهُ يَسْتَكْبِرُونَ35

“අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැතැයි” ඔවුනට පැවසූ විට, නියත වශයෙන්ම ඔවුහු උඩඟුකම් පාමින් සිටියහ.
37:36ජුස් 23 · පි. 447

وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُو آلِهَتِنَا لِشَاعِرٍ مَجْنُونٍ36

තවද “උමතු වූ කවියෙකු වෙනුවෙන් අපි අපගේ දෙවිවරුන් අතහැර දමන්නෝ වෙමුදැ”යි ඔවුහු පවසා සිටිති.
37:37ජුස් 23 · පි. 447

بَلْ جَاءَ بِالْحَقِّ وَصَدَّقَ الْمُرْسَلِينَ37

නමුත් ඔහු සත්‍යය සමග පැමිණියේය. තවද ඔහු (පෙර සිටි) දහම් දූතයින් සත්‍යය කළේය.
37:38ජුස් 23 · පි. 447

إِنَّكُمْ لَذَائِقُو الْعَذَابِ الْأَلِيمِ38

නියත වශයෙන්ම (අෂිශ්ට ජනයා වන) නුඹලා එම වේදනීය දඬුවම රස විඳින්නෝමය.
37:39ජුස් 23 · පි. 447

وَمَا تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ39

නුඹලා සිදු කරමින් සිටි දෑට මිස නුඹලාට ප්‍රතිඵල දෙනු නොලබනු ඇත.
37:40ජුස් 23 · පි. 447

إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ40

නමුත් අල්ලාහ්ගේ අවංක වූ ගැත්තන් හැර.
37:41ජුස් 23 · පි. 447

أُولَٰئِكَ لَهُمْ رِزْقٌ مَعْلُومٌ41

තමන්ට නියම කරන ලද පෝෂණය ඇත්තෝ ඔවුහුමය.
37:42ජුස් 23 · පි. 447

فَوَاكِهُ ۖ وَهُمْ مُكْرَمُونَ42

පලතුරු ද ඇත. තවද ඔවුහු ගරු කරනු ලබන්නෝය.
37:43ජුස් 23 · පි. 447

فِي جَنَّاتِ النَّعِيمِ43

(ඔවුන්) සැප පහසුකම් සහිත උයන්හි (සිටිති)
37:44ජුස් 23 · පි. 447

عَلَىٰ سُرُرٍ مُتَقَابِلِينَ44

යහන් මත එකිනෙකාට මුහුණ ලා සිටිති.
37:45ජුස් 23 · පි. 447

يُطَافُ عَلَيْهِمْ بِكَأْسٍ مِنْ مَعِينٍ45

උල්පතින් වූ කුසලාන (ජලබඳුන්) ඔවුන් වටා යවනු ලැබේ.
37:46ජුස් 23 · පි. 447

بَيْضَاءَ لَذَّةٍ لِلشَّارِبِينَ46

එය සුදු පැහැතිය. පානය කරන්නන් හට ප්‍රණීතය.
37:47ජුස් 23 · පි. 447

لَا فِيهَا غَوْلٌ وَلَا هُمْ عَنْهَا يُنْزَفُونَ47

එහි (සිහිවිකල් වන ආකාරයේ) උවදුරක් නොමැත. තවද ඔවුහු එයින් මත් බවට පත් කරනු ලබන්නෝ නොවෙති.
37:48ජුස් 23 · පි. 447

وَعِنْدَهُمْ قَاصِرَاتُ الطَّرْفِ عِينٌ48

තවද දමිත බැල්මෙන් යුත් ලලනාවෝ ඔවුන් අබියස වෙති.
37:49ජුස් 23 · පි. 447

كَأَنَّهُنَّ بَيْضٌ مَكْنُونٌ49

නියත වශයෙන්ම ඔවුන් සඟවා තබනු ලැබූ බිත්තර මෙනි.
37:50ජුස් 23 · පි. 447

فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ50

ඔවුන් එකිනෙකා (මෙලොව කටයුතු කළ ආකාරය) විමසා ගනිමින් ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු ඉදිරියට එනු ඇත.
37:51ජුස් 23 · පි. 447

قَالَ قَائِلٌ مِنْهُمْ إِنِّي كَانَ لِي قَرِينٌ51

නියත වශයෙන්ම මට සමීප මිතුරෙකු සිටියේ යැයි ඔවුන් අතුරින් ප්‍රකාශකයකු පවසනු ඇත.
37:52ජුස් 23 · පි. 448

يَقُولُ أَإِنَّكَ لَمِنَ الْمُصَدِّقِينَ52

නියත වශයෙන්ම ඔබ සත්‍ය කරන්නන් අතුරින් දැ?යි ඔහු පවසයි.
37:53ජුස් 23 · පි. 448

أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَدِينُونَ53

අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අප විමසනු ලබන්නේ දැ?(යි ද ඔහු විමසයි.)
37:54ජුස් 23 · පි. 448

قَالَ هَلْ أَنْتُمْ مُطَّلِعُونَ54

නුඹලා එබී බැලිය යුත්තෝ දැයි ඔහු විමසයි.
37:55ජුස් 23 · පි. 448

فَاطَّلَعَ فَرَآهُ فِي سَوَاءِ الْجَحِيمِ55

එවිට ඔහු එබී බලයි. එවිට ඔහු නිරය මැද සිටිනු ඔහු දකිනු ඇත.
37:56ජුස් 23 · පි. 448

قَالَ تَاللَّهِ إِنْ كِدْتَ لَتُرْدِينِ56

අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ මා විනාශ කරන්නට තැත් කළෙහිය.
37:57ජුස් 23 · පි. 448

وَلَوْلَا نِعْمَةُ رَبِّي لَكُنْتُ مِنَ الْمُحْضَرِينَ57

මාගේ පරමාධිපතිගේ ආශිර්වාදය නොවී නම් මම (විනිශ්චය සඳහා) සම්මුඛ කරනු ලබන්නන් අතුරින් වෙමි.
37:58ජුස් 23 · පි. 448

أَفَمَا نَحْنُ بِمَيِّتِينَ58

එසේ නම් අප මිය යන්නන් ලෙස නොවන්නෙමු ද?
37:59ජුස් 23 · පි. 448

إِلَّا مَوْتَتَنَا الْأُولَىٰ وَمَا نَحْنُ بِمُعَذَّبِينَ59

අපගේ මුල් මරණය මිස. තවද අපි දඬුවම් කරනු ලබන්නන් නොවෙමු.
37:60ජුස් 23 · පි. 448

إِنَّ هَٰذَا لَهُوَ الْفَوْزُ الْعَظِيمُ60

නියත වශයෙන්ම මෙයමය අතිමහත් ජයග්‍රහණය.
37:61ජුස් 23 · පි. 448

لِمِثْلِ هَٰذَا فَلْيَعْمَلِ الْعَامِلُونَ61

මෙවන් දැයට ක්‍රියා කරන්නෝ ක්‍රියා කරත්වා!
37:62ජුස් 23 · පි. 448

أَذَٰلِكَ خَيْرٌ نُزُلًا أَمْ شَجَرَةُ الزَّقُّومِ62

සංග්‍රහයෙන් ශ්‍රේෂ්ඨ වනුයේ එය ද එසේ නැතහොත් zසක්කූම් (නම් කටු) ගසද?
37:63ජුස් 23 · පි. 448

إِنَّا جَعَلْنَاهَا فِتْنَةً لِلظَّالِمِينَ63

නියත වශයෙන්ම අපි එය අපරාධකරුවන්ට පරීක්ෂණයක් බවට පත් කළෙමු.
37:64ජුස් 23 · පි. 448

إِنَّهَا شَجَرَةٌ تَخْرُجُ فِي أَصْلِ الْجَحِيمِ64

නියත වශයෙන්ම එය නිරය පතුලෙහි මතු වෙන ගසකි.
37:65ජුස් 23 · පි. 448

طَلْعُهَا كَأَنَّهُ رُءُوسُ الشَّيَاطِينِ65

එහි පොහොට්ටු ෂෙයිතානුන්ගේ හිස් මෙනි.
37:66ජුස් 23 · පි. 448

فَإِنَّهُمْ لَآكِلُونَ مِنْهَا فَمَالِئُونَ مِنْهَا الْبُطُونَ66

එවිට ඔවුහු එයින් අනුභව කරන්නෝ වෙති. එවිට ඔවුහු එයින් කුසවල් පුරවාගන්නෝ වෙති.
37:67ජුස් 23 · පි. 448

ثُمَّ إِنَّ لَهُمْ عَلَيْهَا لَشَوْبًا مِنْ حَمِيمٍ67

පසු ව නියත වශයෙන්ම ඔවුනට එහි ලෝ දියෙන් යුත් පානයක් ඇත.
37:68ජුස් 23 · පි. 448

ثُمَّ إِنَّ مَرْجِعَهُمْ لَإِلَى الْجَحِيمِ68

පසු ව නියත වශයෙන්ම ඔවුන් යොමු කරනු ලබන ස්ථානය ඇත්තේ නිරය වෙතය.
37:69ජුස් 23 · පි. 448

إِنَّهُمْ أَلْفَوْا آبَاءَهُمْ ضَالِّينَ69

නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ මුතුන් මිත්තන් නොමග ගියවුන් බව දුටුවෝය.
37:70ජුස් 23 · පි. 448

فَهُمْ عَلَىٰ آثَارِهِمْ يُهْرَعُونَ70

එහෙත් ඔවුහු ඔවුන්ගේ සලකුණු මත යන්නට යුහුසුළු වෙති.
37:71ජුස් 23 · පි. 448

وَلَقَدْ ضَلَّ قَبْلَهُمْ أَكْثَرُ الْأَوَّلِينَ71

ඔවුනට පෙර සිටි මුතුන් මිත්තන් බහුතරයක් දෙනා සැබැවින්ම නොමග ගියෝය.
37:72ජුස් 23 · පි. 448

وَلَقَدْ أَرْسَلْنَا فِيهِمْ مُنْذِرِينَ72

තවද සැබැවින්ම අපි ඔවුන් අතරට අවවාද කරන්නන් එව්වෙමු.
37:73ජුස් 23 · පි. 448

فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُنْذَرِينَ73

අල්ලාහ්ගේ අවංක ගැත්තන්ට හැර අවවාද කරනු ලැබූ (නමුත් ඒවා ඉවත දැමු)වන්ගේ අවසානය කෙසේ වූයේ දැයි මැනවින් බලනු.
37:74ජුස් 23 · පි. 448

إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ74

අල්ලාහ්ගේ අවංක ගැත්තන්ට හැර
37:75ජුස් 23 · පි. 448

وَلَقَدْ نَادَانَا نُوحٌ فَلَنِعْمَ الْمُجِيبُونَ75

තවද සැබැවින්ම නූහ් අප ඇමතුවේය. එවිට (අපි) යහපත් ප්‍රතිචාර දක්වන්නෝ වූයෙමු.
37:76ජුස් 23 · පි. 448

وَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِ76

අපි ඔහු හා ඔහුගේ නිවැසියන් මහා විපතින් මුදවා ගත්තෙමු.
37:77ජුස් 23 · පි. 449

وَجَعَلْنَا ذُرِّيَّتَهُ هُمُ الْبَاقِينَ77

තවද අපි ඔහුගේ පරපුර ඉතිරිවූවන් බවට පත් කළෙමු.
37:78ජුස් 23 · පි. 449

وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ78

තවද පසු පරපුර අතර ඔහු (පැසසුමට ලක්වන්නට) අපි අතහැර දැමුවෙමු.
37:79ජුස් 23 · පි. 449

سَلَامٌ عَلَىٰ نُوحٍ فِي الْعَالَمِينَ79

ලෝවැසියන් අතර නූහ් ට ශාන්තිය අත්වේවා!
37:80ජුස් 23 · පි. 449

إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ80

නියත වශයෙන්ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
37:81ජුස් 23 · පි. 449

إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ81

නියත වශයෙන්ම (නූහ් වන) ඔහු දෙවියන් විශ්වාස කරන අපගේ ගැත්තන් අතුරින් විය.
37:82ජුස් 23 · පි. 449

ثُمَّ أَغْرَقْنَا الْآخَرِينَ82

පසු ව අපි සෙස්සන් (දියේ) ගිල්වූයෙමු.
37:83ජුස් 23 · පි. 449

۞ وَإِنَّ مِنْ شِيعَتِهِ لَإِبْرَاهِيمَ83

තවද නියත වශයෙන්ම ඔහුගේ පිළිවෙතින් වූ කෙනෙකි ඉබ්‍රාහීම්.
37:84ජුස් 23 · පි. 449

إِذْ جَاءَ رَبَّهُ بِقَلْبٍ سَلِيمٍ84

සන්සුන් හදවතකින් ඔහු ඔහුගේ පරමාධිපති වෙත පැමිණි අවස්ථාව සිහිපත් කරනු.
37:85ජුස් 23 · පි. 449

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَاذَا تَعْبُدُونَ85

‘නුඹලා කුමක් නමදින්නෙහුදැ?’යි ඔහු තම පියා හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
37:86ජුස් 23 · පි. 449

أَئِفْكًا آلِهَةً دُونَ اللَّهِ تُرِيدُونَ86

“අල්ලාහ් හැර ව්‍යාජ දෙවිවරුන් නුඹලා අපේක්ෂා කරන්නෙහු ද?”
37:87ජුස් 23 · පි. 449

فَمَا ظَنُّكُمْ بِرَبِّ الْعَالَمِينَ87

“එසේ නම් ලෝවැසියන්ගේ පරමාධිපති පිළිබඳ නුඹලාගේ අදහස කුමක් ද?”
37:88ජුස් 23 · පි. 449

فَنَظَرَ نَظْرَةً فِي النُّجُومِ88

එවිට ඔහු තාරකා අතර මනා බැල්මකින් අධීක්ෂණයෙන් බැලුවේය.
37:89ජුස් 23 · පි. 449

فَقَالَ إِنِّي سَقِيمٌ89

එවිට (ඔවුන්ගේ උත්සවයට සහභාගි වීම වළක්වනු පිණිස) ‘නියත වශයෙන්ම මම රෝගියෙකි’ යැයි ඔහු පැවසුවේය.
37:90ජුස් 23 · පි. 449

فَتَوَلَّوْا عَنْهُ مُدْبِرِينَ90

එවිට ඔවුහු පිටුපාන්නන් ලෙසින් ඔහු වෙතින් හැරී ගියෝය.
37:91ජුස් 23 · පි. 449

فَرَاغَ إِلَىٰ آلِهَتِهِمْ فَقَالَ أَلَا تَأْكُلُونَ91

පසු ව ඔහු ඔවුන්ගේ දෙවිවරුන් (පිළිම) වෙත හීන් සීරුවේ නැඹුරු වී “නුඹලා අනුභව නොකරන්නෙහුදැ”යි විමසා සිටියේය.
37:92ජුස් 23 · පි. 449

مَا لَكُمْ لَا تَنْطِقُونَ92

“නුඹලා කතා නොකර සිටීමට නුඹලාට කුමක් වීද?“
37:93ජුස් 23 · පි. 449

فَرَاغَ عَلَيْهِمْ ضَرْبًا بِالْيَمِينِ93

පසු ව ඔහු (ඉබ්‍රාහීම්) ඔවුන් (පිළිම) වෙත හීන්සීරුවේ ගොස් තම දකුණතින් පහරක් දුන්නේය.
37:94ජුස් 23 · පි. 449

فَأَقْبَلُوا إِلَيْهِ يَزِفُّونَ94

ඔවුහු වේගයෙන් ගමන් ගනිමින් ඔහු ඉදිරියට පැමිණියෝය.
37:95ජුස් 23 · පි. 449

قَالَ أَتَعْبُدُونَ مَا تَنْحِتُونَ95

“නුඹලා කැටයම් කළ දෑට නුඹලා ගැතිකම් කරන්නෙහුදැ?”යි ඔහු විමසුවේය.
37:96ජුස් 23 · පි. 449

وَاللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ96

“තවද අල්ලාහ් නුඹලා සහ නුඹලා ඉදි කරන දෑ මැව්වේය.“
37:97ජුස් 23 · පි. 449

قَالُوا ابْنُوا لَهُ بُنْيَانًا فَأَلْقُوهُ فِي الْجَحِيمِ97

“ඔහු වෙනුවෙන් ගොඩනැගිල්ලක් තනා පසුව ඔහුව ගින්නෙහි හෙළනු යැ”යි ඔවුහු පැවසූහ.
37:98ජුස් 23 · පි. 449

فَأَرَادُوا بِهِ كَيْدًا فَجَعَلْنَاهُمُ الْأَسْفَلِينَ98

එවිට ඔවුහු ඔහුට (ඉබ්‍රාහීම් ට) කුමන්ත්‍රණයක් කිරීමට අදහස් කළෝය. එහෙයින් අපි ඔවුන් පහත්වූවන් බවට පත් කළෙමු.
37:99ජුස් 23 · පි. 449

وَقَالَ إِنِّي ذَاهِبٌ إِلَىٰ رَبِّي سَيَهْدِينِ99

“නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙත යන්නෙකු වෙමි. ඔහු මට මග පෙන්වනු ඇතැයි” (ගින්නෙන් මිදුනු) ඔහු පැවසුවේය.
37:100ජුස් 23 · පි. 449

رَبِّ هَبْ لِي مِنَ الصَّالِحِينَ100

මාගේ පරමාධිපතියාණනි! මා හට දැහැමියන් අතුරින් කෙනෙකු පිරිනමනු. (යැයි පැවසුවේය.)
37:101ජුස් 23 · පි. 449

فَبَشَّرْنَاهُ بِغُلَامٍ حَلِيمٍ101

එවිට ඉවසිලිවන්ත දරුවකු පිළිබඳ ව අපි ඔහුට ශුභාරංචි දුන්නෙමු.
37:102ජුස් 23 · පි. 449

فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْيَ قَالَ يَا بُنَيَّ إِنِّي أَرَىٰ فِي الْمَنَامِ أَنِّي أَذْبَحُكَ فَانْظُرْ مَاذَا تَرَىٰ ۚ قَالَ يَا أَبَتِ افْعَلْ مَا تُؤْمَرُ ۖ سَتَجِدُنِي إِنْ شَاءَ اللَّهُ مِنَ الصَّابِرِينَ102

ඔහු සමග ඇවිද යන වියට ඔහු ළඟා වූ කල්හි, “අහෝ මාගේ පුතණුවනි! නියත වශයෙන්ම මම ඔබගේ ගෙල සිඳ දමන්නාක් මෙන් සිහිනයක් දුටුවෙමි. එහෙයින් (ඒ ගැන) ඔබ අදහස් කරනුයේ කුමක්දැයි බලනු.” යැයි කීහ. “අහෝ මාගේ පියාණනි! ඔබට අණ කරනු ලබන දෑ ඔබ සිදු කරනු. අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔබ මා ඉවසිලිවන්තයින් අතුරින් දැක ගනු ඇතැයි” ඔහු (පුතු) පැවසීය.
37:103ජුස් 23 · පි. 450

فَلَمَّا أَسْلَمَا وَتَلَّهُ لِلْجَبِينِ103

පසු ව ඔවුන් දෙදෙනා (අල්ලාහ්ගේ අභිමතයට) එකඟ වූ කල්හි (ඉබ්‍රාහීම්) ඔහු (ඉස්මායිල් වන) ඔහු ව මුණින් අතට පෙරළා දැමීය.
37:104ජුස් 23 · පි. 450

وَنَادَيْنَاهُ أَنْ يَا إِبْرَاهِيمُ104

තවද ‘අහෝ ඉබ්‍රාහීම්!’ යැයි අපි ඔහු ඇමතුවෙමු.
37:105ජුස් 23 · පි. 450

قَدْ صَدَّقْتَ الرُّؤْيَا ۚ إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ105

“සැබැවින්ම ඔබ සිහිනය සැබෑ කළෙහිය.” නියත වශයෙන්ම අපි එලෙසය දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
37:106ජුස් 23 · පි. 450

إِنَّ هَٰذَا لَهُوَ الْبَلَاءُ الْمُبِينُ106

නියත වශයෙන්ම පැහැදිලි පරීක්ෂාව මෙයමය.
37:107ජුස් 23 · පි. 450

وَفَدَيْنَاهُ بِذِبْحٍ عَظِيمٍ107

මහත් වූ (සත්ව) කැපයක් අපි ඔහුට ඇප වශයෙන් පිරිනැමුවෙමු.
37:108ජුස් 23 · පි. 450

وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ108

තවද සෙස්සන් අතර ඔහු (පැසසුමට ලක්වන්නට) අපි අතහැර දැමුවෙමු.
37:109ජුස් 23 · පි. 450

سَلَامٌ عَلَىٰ إِبْرَاهِيمَ109

“ඉබ්‍රාහීම් වෙත ශාන්තිය අත්වේවා!”
37:110ජුස් 23 · පි. 450

كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ110

අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
37:111ජුස් 23 · පි. 450

إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ111

නියත වශයෙන්ම ඔහු දෙවියන් විශ්වාස කරන අපගේ ගැත්තන් අතුරින් විය.
37:112ජුස් 23 · පි. 450

وَبَشَّرْنَاهُ بِإِسْحَاقَ نَبِيًّا مِنَ الصَّالِحِينَ112

තවද අපි දැහැමියන් අතුරින් නබිවරයකු වශයෙන් ඉස්හාක් පිළිබඳව ඔහුට ශුභාරංචි දැන්වූයෙමු.
37:113ජුස් 23 · පි. 450

وَبَارَكْنَا عَلَيْهِ وَعَلَىٰ إِسْحَاقَ ۚ وَمِنْ ذُرِّيَّتِهِمَا مُحْسِنٌ وَظَالِمٌ لِنَفْسِهِ مُبِينٌ113

තවද අපි ඔහු වෙත හා ඉස්හාක් වෙත අභිවෘද්ධිය ලබා දුනිමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුරින් දැහැමි අය ද ප්‍රකට ලෙස තමන්ටම අපරාධ කර ගන්නා අය ද විය.
37:114ජුස් 23 · පි. 450

وَلَقَدْ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَارُونَ114

තවද සැබැවින්ම අපි මූසා හා හාරූන් වෙත උපකාර කළෙමු.
37:115ජුස් 23 · පි. 450

وَنَجَّيْنَاهُمَا وَقَوْمَهُمَا مِنَ الْكَرْبِ الْعَظِيمِ115

තවද අපි ඔවුන් දෙදෙනා හා ඔවුන් දෙදෙනාගේ පිරිස මහත් වූ ව්‍යසනයෙන් මුදවා ගත්තෙමු.
37:116ජුස් 23 · පි. 450

وَنَصَرْنَاهُمْ فَكَانُوا هُمُ الْغَالِبِينَ116

තවද අපි ඔවුනට උදව් කළෙමු. එහෙයින් ඔවුහු අබිබවා යන්නන් වූහ.
37:117ජුස් 23 · පි. 450

وَآتَيْنَاهُمَا الْكِتَابَ الْمُسْتَبِينَ117

තවද අපි ඔවුන් දෙදෙනාට පැහැදිලි දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු.
37:118ජුස් 23 · පි. 450

وَهَدَيْنَاهُمَا الصِّرَاطَ الْمُسْتَقِيمَ118

තවද අපි ඍජු මාර්ගය වෙත ඔවුන් දෙදෙනාට මග පෙන්වූයෙමු.
37:119ජුස් 23 · පි. 450

وَتَرَكْنَا عَلَيْهِمَا فِي الْآخِرِينَ119

තවද සෙස්සන් අතර ඔවුන් දෙදෙනා වෙත (පැසසුමට ලක්වන්නට) අපි අතහැර දැමුවෙමු.
37:120ජුස් 23 · පි. 450

سَلَامٌ عَلَىٰ مُوسَىٰ وَهَارُونَ120

තවද මූසා හා හාරූන් වෙත ශාන්තිය අත්වේවා!
37:121ජුස් 23 · පි. 450

إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ121

නියත වශයෙන්ම අපි දැහැමියන්ට ත්‍යාග පිරිනමනුයේ එලෙසය.
37:122ජුස් 23 · පි. 450

إِنَّهُمَا مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ122

නියත වශයෙන්ම ඔවුන් දෙදෙනා දෙවියන් විශ්වාස කරන අපගේ ගැත්තන් අතුරින් වෙති.
37:123ජුස් 23 · පි. 450

وَإِنَّ إِلْيَاسَ لَمِنَ الْمُرْسَلِينَ123

තවද නියත වශයෙන්ම ඉල්යාස් දහම් දූතයින් අතුරිනි.
37:124ජුස් 23 · පි. 450

إِذْ قَالَ لِقَوْمِهِ أَلَا تَتَّقُونَ124

“නුඹලා බැතිමත් නොවන්නෙහු දැ”යි ඔහු තම ජනයාට පැවසූ අවස්ථාව සිහියට නගනු.
37:125ජුස් 23 · පි. 450

أَتَدْعُونَ بَعْلًا وَتَذَرُونَ أَحْسَنَ الْخَالِقِينَ125

“මැවුම්කරුවන්ගෙන් වඩාත් විශිෂ්ටතයා අතහැර දමා නුඹලා (බඅල් නම්) වෙනත් දෙවියකුට ඇරයුම් කරන්නෙහු ද?
37:126ජුස් 23 · පි. 450

اللَّهَ رَبَّكُمْ وَرَبَّ آبَائِكُمُ الْأَوَّلِينَ126

ඔහු නුඹලාගේ පරමාධිපති වූ ද නුඹලාගේ මුල් මුතුන්මිත්තන්ගේ පරමාධිපති වූ අල්ලාහ් ය.
37:127ජුස් 23 · පි. 451

فَكَذَّبُوهُ فَإِنَّهُمْ لَمُحْضَرُونَ127

නමුත් ඔවුහු ඔහු බොරු කළෝය. එහෙයින් ඔවුහු (විනිශ්චය වෙත) ඉදිරිපත් කරනු ලබන්නෝ වූහ.
37:128ජුස් 23 · පි. 451

إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ128

නමුත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර.
37:129ජුස් 23 · පි. 451

وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ129

තවද සෙස්සන් අතර ඔහු (පැසසුමට ලක්වන්නට) අපි අතහැර දැමුවෙමු.
37:130ජුස් 23 · පි. 451

سَلَامٌ عَلَىٰ إِلْ يَاسِينَ130

ඉල්යාසීන් වෙත ශාන්තිය අත්වේවා!
37:131ජුස් 23 · පි. 451

إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ131

නියත වශයෙන්ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
37:132ජුස් 23 · පි. 451

إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ132

නියත වශයෙන්ම ඔහු දෙවියන් විශ්වාස කරන අපගේ ගැත්තන් අතුරින් වෙයි.
37:133ජුස් 23 · පි. 451

وَإِنَّ لُوطًا لَمِنَ الْمُرْسَلِينَ133

තවද නියත වශයෙන්ම ලූත් දහම් දූතයින් අතුරිනි.
37:134ජුස් 23 · පි. 451

إِذْ نَجَّيْنَاهُ وَأَهْلَهُ أَجْمَعِينَ134

ඔහු හා ඔහුගේ සෙසු සියලු නිවැසියන් මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු.
37:135ජුස් 23 · පි. 451

إِلَّا عَجُوزًا فِي الْغَابِرِينَ135

ඉතිරි වූවන් අතර වූ මැහැල්ලියක් හැර
37:136ජුස් 23 · පි. 451

ثُمَّ دَمَّرْنَا الْآخَرِينَ136

පසු ව අපි සෙස්සන් සහමුලින්ම විනාශ කළෙමු.
37:137ජුස් 23 · පි. 451

وَإِنَّكُمْ لَتَمُرُّونَ عَلَيْهِمْ مُصْبِحِينَ137

තවද නියත වශයෙන්ම නුඹලා උදෑසන ද ඔවුන්(ගේ විනාශ කරනු ලැබූ වාසස්ථාන) පසුකර ගමන් ගන්නෙහුය.
37:138ජුස් 23 · පි. 451

وَبِاللَّيْلِ ۗ أَفَلَا تَعْقِلُونَ138

රාත්‍රියෙහි ද (ඔවුන්ගේ විනාශ කරනු ලැබූ වාසස්ථාන පසුකර ගමන් ගන්නෙහුය) එහෙයින් නුඹලා වටහා නොගන්නෙහු ද?
37:139ජුස් 23 · පි. 451

وَإِنَّ يُونُسَ لَمِنَ الْمُرْسَلِينَ139

තවද නියත වශයෙන්ම යූනුස් දහම් දූතයින් අතුරිනි.
37:140ජුස් 23 · පි. 451

إِذْ أَبَقَ إِلَى الْفُلْكِ الْمَشْحُونِ140

පටවන ලද නැව වෙත ඔහු පලා ගිය අවස්ථාව සිහියට නගනු.
37:141ජුස් 23 · පි. 451

فَسَاهَمَ فَكَانَ مِنَ الْمُدْحَضِينَ141

එවිට කුසපත් ඇද්දේය. එවිට ඔහු කුසපත් ඇදීමෙන් තෝරා ගනු ලැබූවන් අතුරින් විය.
37:142ජුස් 23 · පි. 451

فَالْتَقَمَهُ الْحُوتُ وَهُوَ مُلِيمٌ142

පසු ව ඔහු දොස් නගනු ලැබූ තත්ත්වයේ මත්සයා ඔහු ගිල දැමීය.
37:143ජුස් 23 · පි. 451

فَلَوْلَا أَنَّهُ كَانَ مِنَ الْمُسَبِّحِينَ143

නියත වශයෙන්ම ඔහු සුවිශුද්ධ කරන්නන් අතුරින් කෙනෙකු නොවී නම්
37:144ජුස් 23 · පි. 451

لَلَبِثَ فِي بَطْنِهِ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ144

ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා උගේ කුස තුළ රැඳෙන්නට තිබුණි.
37:145ජුස් 23 · පි. 451

۞ فَنَبَذْنَاهُ بِالْعَرَاءِ وَهُوَ سَقِيمٌ145

එවිට ඔහු රෝගී ව සිටිය දී අපි ඔහු පාළු වෙරළකට හෙළුවෙමු.
37:146ජුස් 23 · පි. 451

وَأَنْبَتْنَا عَلَيْهِ شَجَرَةً مِنْ يَقْطِينٍ146

තවද අපි ඒ මත වැල් වලින් යුත් (ලබු වැනි) ගසක් හට ගැන්වූයෙමු.
37:147ජුස් 23 · පි. 451

وَأَرْسَلْنَاهُ إِلَىٰ مِائَةِ أَلْفٍ أَوْ يَزِيدُونَ147

තවද අපි ඔහු සිය දහසක් දෙනා වෙත හෝ (ඊට වඩා) අධික වූ අය වෙත දහම් දූතයකු ලෙස එව්වෙමු
37:148ජුස් 23 · පි. 451

فَآمَنُوا فَمَتَّعْنَاهُمْ إِلَىٰ حِينٍ148

එවිට ඔවුහු විශ්වාස කළෝය. එහෙයින් අපි ඔවුනට ටික කලකට භුක්ති විඳින්නට සැලැස්වූයෙමු.
37:149ජුස් 23 · පි. 451

فَاسْتَفْتِهِمْ أَلِرَبِّكَ الْبَنَاتُ وَلَهُمُ الْبَنُونَ149

ඔබේ පරමාධිපතිට ගැහැනු දරුවන් සහ ඔවුනට පිරිමි දරුවන් දැයි ඔබ ඔවුන්ගෙන් කරුණු විමසනු.
37:150ජුස් 23 · පි. 451

أَمْ خَلَقْنَا الْمَلَائِكَةَ إِنَاثًا وَهُمْ شَاهِدُونَ150

එසේ නැතහොත් (අප ඉදිරියේ) ඔවුන් සාක්ෂිකරුවන් ලෙස සිටිය දී අපි මලක්වරුන් කාන්තාවන් ලෙස මවා ඇත්තෙමු ද?
37:151ජුස් 23 · පි. 451

أَلَا إِنَّهُمْ مِنْ إِفْكِهِمْ لَيَقُولُونَ151

දැන ගනු. නියත වශයෙන්ම ඔවුන් බොරු ගොතමින් පවසනුයේ
37:152ජුස් 23 · පි. 451

وَلَدَ اللَّهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ152

අල්ලාහ් ජාතක කළ බවයි. නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය.
37:153ජුස් 23 · පි. 451

أَصْطَفَى الْبَنَاتِ عَلَى الْبَنِينَ153

ඔහු පුතුන්ට වඩා දූවරුන් තෝරා ගත්තේද?
37:154ජුස් 23 · පි. 452

مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ154

නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?
37:155ජුස් 23 · පි. 452

أَفَلَا تَذَكَّرُونَ155

නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද?
37:156ජුස් 23 · පි. 452

أَمْ لَكُمْ سُلْطَانٌ مُبِينٌ156

නැතහොත් (මේ පිළිබඳ) නුඹලාට පැහැදිලි බලයක් තිබේ ද?
37:157ජුස් 23 · පි. 452

فَأْتُوا بِكِتَابِكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ157

එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම්, නුඹලා නුඹලාගේ (බල සහිත) පුස්තකය ගෙන එනු.
37:158ජුස් 23 · පි. 452

وَجَعَلُوا بَيْنَهُ وَبَيْنَ الْجِنَّةِ نَسَبًا ۚ وَلَقَدْ عَلِمَتِ الْجِنَّةُ إِنَّهُمْ لَمُحْضَرُونَ158

තවද ඔහු අතර හා ජින්නුන් අතර ඔවුහු නෑදෑකමක් ඇති කළෝය. තවද නියත වශයෙන්ම තමන් සම්මුඛ කරනු ලබන්නෝම යැයි ජින්නුන් සැබැවින්ම දැනගත්තෝය.
37:159ජුස් 23 · පි. 452

سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ159

ඔවුන් ආරෝපණය කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධය.
37:160ජුස් 23 · පි. 452

إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ160

නමුත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර.
37:161ජුස් 23 · පි. 452

فَإِنَّكُمْ وَمَا تَعْبُدُونَ161

එහෙයින් සැබැවින්ම නුඹලා හා නුඹලා නමදින දෑ
37:162ජුස් 23 · පි. 452

مَا أَنْتُمْ عَلَيْهِ بِفَاتِنِينَ162

ඔහුට එරෙහිව නොමග හරින්නන් ලෙස නුඹලා නැත.
37:163ජුස් 23 · පි. 452

إِلَّا مَنْ هُوَ صَالِ الْجَحِيمِ163

නිරා ගින්නට පිවිසීමට කළින් නියම කරනු ලැබුවන් හැර
37:164ජුස් 23 · පි. 452

وَمَا مِنَّا إِلَّا لَهُ مَقَامٌ مَعْلُومٌ164

නියම කරනු ලැබූ ස්ථානයක් තමන්ට හිමිව ඇත්තන් මිස අප අතුරින් (කිසිවෙක්) නැත.
37:165ජුස් 23 · පි. 452

وَإِنَّا لَنَحْنُ الصَّافُّونَ165

තවද නියත වශයෙන්ම අපමය පෙළගැසෙන්නෝ.
37:166ජුස් 23 · පි. 452

وَإِنَّا لَنَحْنُ الْمُسَبِّحُونَ166

තවද නියත වශයෙන්ම අපමය පිවිතුරු කරන්නෝ.
37:167ජුස් 23 · පි. 452

وَإِنْ كَانُوا لَيَقُولُونَ167

ඔවුහු පවසමින් සිටියෝය.
37:168ජුස් 23 · පි. 452

لَوْ أَنَّ عِنْدَنَا ذِكْرًا مِنَ الْأَوَّلِينَ168

මුල් අයගෙන් වූ මෙනෙහි කිරීමක් සැබැවින්ම අප වෙත තිබුණේ නම්
37:169ජුස් 23 · පි. 452

لَكُنَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ169

සැබැවින්ම අපි අල්ලාහ්ගේ අවංක ගැත්තන් වන්නට තිබුණි යැයි (ඔවුහු පවසමින් සිටියෝය.)
37:170ජුස් 23 · පි. 452

فَكَفَرُوا بِهِ ۖ فَسَوْفَ يَعْلَمُونَ170

නමුත් ඔවුහු එය (කුර්ආනය) ප්‍රතික්ෂේප කළෝය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත.
37:171ජුස් 23 · පි. 452

وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا الْمُرْسَلِينَ171

දූතයන් වශයෙන් එවනු ලැබූ අපගේ ගැත්තන් හට අපගේ (ජයග්‍රහණයේ) වදන සැබැවින්ම පෙරටු විය.
37:172ජුස් 23 · පි. 452

إِنَّهُمْ لَهُمُ الْمَنْصُورُونَ172

නියත වශයෙන්ම ඔවුහුමය උදව් කරනු ලබන්නෝ.
37:173ජුස් 23 · පි. 452

وَإِنَّ جُنْدَنَا لَهُمُ الْغَالِبُونَ173

තවද නියත වශයෙන්ම අපගේ සේනාව වන ඔවුහුමය (අබිබවා යමින්) ජය ලබන්නෝ.
37:174ජුස් 23 · පි. 452

فَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ174

එහෙයින් ඔබ මද කලක් දක්වා ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු.
37:175ජුස් 23 · පි. 452

وَأَبْصِرْهُمْ فَسَوْفَ يُبْصِرُونَ175

තවද ඔවුන් ගැන ඔබ බලා සිටිනු. එවිට ඔවුන් (ඔවුන්ගේ දඬුවම) මතු දකිනු ඇත.
37:176ජුස් 23 · පි. 452

أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ176

එහෙයින් අපගේ දඬුවම ද ඔවුන් ඉක්මණින් පතනුයේ?
37:177ජුස් 23 · පි. 452

فَإِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَاءَ صَبَاحُ الْمُنْذَرِينَ177

ඔවුන්ගේ මිදුලට එය පහළ වූ විට, අවවාද කරනු ලැබූවන්ගේ උදෑසන නපුරු විය.
37:178ජුස් 23 · පි. 452

وَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ178

මද කලක් දක්වා ඔවුන්ගෙන් ඔබ ඉවත් ව සිටිනු.
37:179ජුස් 23 · පි. 452

وَأَبْصِرْ فَسَوْفَ يُبْصِرُونَ179

තවද ඔවුන් ගැන ඔබ බලා සිටිනු. එවිට ඔවුන්(ගේ දඬුවම) මතු දකිනු ඇත.
37:180ජුස් 23 · පි. 452

سُبْحَانَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُونَ180

ගෞරවය හිමි ඔබේ පරමාධිපති ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධය.
37:181ජුස් 23 · පි. 452

وَسَلَامٌ عَلَى الْمُرْسَلِينَ181

සියලුම දහම් දූතයින් වෙත (සලාම් හෙවත්) සාමය අත්වේවා!
37:182ජුස් 23 · පි. 452

وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ182

ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා හිමිය.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න

Ahmad Nainaa - As-Saffat · Tlawati