සූරා 37 · ජුස් 23
As-Saffat · 37:11
فَاسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَمْ مَنْ خَلَقْنَا ۚ إِنَّا خَلَقْنَاهُمْ مِنْ طِينٍ لَازِبٍ
“මැවීමෙන් වඩාත් බලවත් වන්නේ ඔවුන් ද එසේ නැතහොත් අපි මවා ඇති දෑ දැ” යි ඔවුන්ගෙන් ඔබ විමසනු. නියත වශයෙන් අපි ඔවුන් ඇලෙන සුළු මැටියෙන් මැව්වෙමු.
තෆ්සීර්
අහෝ මුහ්ම්මද්! මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම හෙළා දකින ප්රතික්ෂේපකයින්ගෙන් නුඹ මෙසේ විමසනු. “අහස්, මහපොළොව හා මලක්වරුන් අතරින් අප මැවූ අයට වඩා මැවීමෙන් වඩාත් බලවත් ශරීරයෙන් වඩාත් ශක්තිමත් අවයව වලින් වඩාත් බලවත් අය ඔවුන් ද? සැබැවින්ම අපි ඔවුන් ඇලෙන සුළු මැටියෙන් මැව්වෙමු. ඔවුන් ඇළෙන සුළු මැටියෙන් දුර්වල මැවීමක් ලෙස මවනු ලැබ තිබියදී යළි අවදි කරනු ලැබීම හෙළා ඔවුන් හෙළා දැකිය හැක්කේ කෙසේ ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න