සූරා 37 · ජුස් 23
As-Saffat · 37:12
بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ
නමුත් ඔබ පුදුම වූයෙහිය. ඔවුහු (ඒ ගැන) සමච්චල් කරති.
තෆ්සීර්
අහෝ දූතය! නමුත් අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ මැවීම් කටයුතු සඳහා වූ ඔහුගේ සැලසුම් කිරීම ගැන නුඹ මවිතයට පත් වූයෙහිය. එමෙන්ම දේව ආදේශකයින් යළි අවදි කරනු ලැබීම ගැන බොරුකරමින් සිටීම ගැන ද පුදුමයට පත් වූයෙහිය. මෙම දේව ආදේශකයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම දැඩි සේ බොරු කර සිටීම හේතුවෙන් නුඹ ඒ ගැන පවසන දෑ ඔවුන් විහිළුවට ගනිති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න