සූරා 37 · ජුස් 23

As-Saffat · 37:23

مِنْ دُونِ اللَّهِ فَاهْدُوهُمْ إِلَىٰ صِرَاطِ الْجَحِيمِ

(අල්ලාහ්ගෙන් තොර ව) තවද නිරයේ මාවත වෙත නුඹලා ඔවුනට මග පෙන්වනු.

තෆ්සීර්

"දෙවියන්ට ආදේශ කිරීම හේතුවෙන් අපරාධ සිදු කළ දේව ආදේශකයින් එක්රැස් කරනු. ඔවුහු ද දේව ආදේශයේ ඔවුනට සමානවූවෝ ද ඔවුන්ගේ අනුගාමිකයෝ ද බොරු කිරීමෙහි සිටි අතර ඔවුන් අල්ලාහ් හැර වෙනත් පිළිම වන්දනාවල නිරතව සිටියෝය." යැයි මලක්වරුන් හට පවසනු ලැබේ. එවිට ඔවුහු ඔවුනට නිරා ගින්නේ මාර්ගය පෙන්වා දෙති. ඒ මත ඔවුන් ඇදගෙන යති. ඒ වෙත ඔවුන්ව මෙහෙයවාගෙන යති. සැබැවින්ම එයයි ඔවුන්ගේ නවාතැන වනුයේ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න