සූරා 37 · ජුස් 23
As-Saffat · 37:102
فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْيَ قَالَ يَا بُنَيَّ إِنِّي أَرَىٰ فِي الْمَنَامِ أَنِّي أَذْبَحُكَ فَانْظُرْ مَاذَا تَرَىٰ ۚ قَالَ يَا أَبَتِ افْعَلْ مَا تُؤْمَرُ ۖ سَتَجِدُنِي إِنْ شَاءَ اللَّهُ مِنَ الصَّابِرِينَ
ඔහු සමග ඇවිද යන වියට ඔහු ළඟා වූ කල්හි, “අහෝ මාගේ පුතණුවනි! නියත වශයෙන්ම මම ඔබගේ ගෙල සිඳ දමන්නාක් මෙන් සිහිනයක් දුටුවෙමි. එහෙයින් (ඒ ගැන) ඔබ අදහස් කරනුයේ කුමක්දැයි බලනු.” යැයි කීහ. “අහෝ මාගේ පියාණනි! ඔබට අණ කරනු ලබන දෑ ඔබ සිදු කරනු. අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔබ මා ඉවසිලිවන්තයින් අතුරින් දැක ගනු ඇතැයි” ඔහු (පුතු) පැවසීය.
තෆ්සීර්
ඉස්මාඊල් තරුණ වියට පත් ව ඔහුගේ පියාණන්ගේ ගමන්මග ගමන් කළ හැකි තත්ත්වයට පැමිණි කල්හි, ඔහුගේ පියාණන් ඉබ්රාහීම් අලයිහිස් සලාම් සිහිනයක් දුටුවේය. නබිවරුන්ගේ සිහින දිව්ය පණිවිඩ වේ. එම සිහිනයේ අන්තර්ගතය තම පුතණුවන්ට ඉබ්රාහීම් තුමා දන්වමින් මෙසේ පැවසීය. ‘මාගේ පුතණුවනි! සැබැවින්ම මම නුඹ ව සිඳලන මෙන් සිහිනයක් දුටුමි. ඒ සම්බන්ධයෙන් නුඹ අදහස් කරන්නේ කුමක් දැ?යි බලනු. ඉස්මාඊල් තම පියාණන්ට පිළිතුරු දෙමින් ‘මාගේ පියාණනි! මා සිදලීම ගැන අල්ලාහ් ඔබට කවර නියෝගයක් කර ඇත්තේ ද එය ඔබ ඉටු කරනු. අල්ලාහ්ගේ අභිමතය පරිදි අල්ලාහ්ගේ තීන්දුව පිළිගත් ඉවසිලිවන්තයින් අතර ඔබ මාව දකිනු ඇතැ’යි පවසා සිටියේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න