සූරා 37 · ජුස් 23
As-Saffat · 37:113
وَبَارَكْنَا عَلَيْهِ وَعَلَىٰ إِسْحَاقَ ۚ وَمِنْ ذُرِّيَّتِهِمَا مُحْسِنٌ وَظَالِمٌ لِنَفْسِهِ مُبِينٌ
තවද අපි ඔහු වෙත හා ඉස්හාක් වෙත අභිවෘද්ධිය ලබා දුනිමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුරින් දැහැමි අය ද ප්රකට ලෙස තමන්ටම අපරාධ කර ගන්නා අය ද විය.
තෆ්සීර්
ඔහු මත හා ඔහුගේ පුත් ඉස්හාක් මත අපගෙන් වූ සමෘද්ධිය අපි පහළ කළෙමු. ඔවුන් දෙදෙනාට ආශිර්වාද බොහෝමයක් පිරිනැමුවෙමු. ඔවුන් දෙදෙනාට දරුවන් අධික කර දුන්නෙමු. ඔවුන් දෙදෙනාගේ පරම්පරාවෙන් තම පරමාධිපතිට යටහත් වන දැහැමියන් වෙති. එමෙන්ම දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කිරීම නිසා පැහැදිලි ලෙස අපරාධ කළ අපරාධකරුවන් ද වෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න