සූරා 37 · ජුස් 23

As-Saffat · 37:97

قَالُوا ابْنُوا لَهُ بُنْيَانًا فَأَلْقُوهُ فِي الْجَحِيمِ

“ඔහු වෙනුවෙන් ගොඩනැගිල්ලක් තනා පසුව ඔහුව ගින්නෙහි හෙළනු යැ”යි ඔවුහු පැවසූහ.

තෆ්සීර්

ඔහු සමග තර්ක කොට තරඟ වදින්නට ඔවුන් අපොහොසත් වූ කල්හි බලය යෙදවීමට ඔවුහු යොමු වූහ. ඉබ්රාහීම්ට සිදු කරන දෑ පිළිබඳ ඔවුන් අතරම ඔවුහු සාකච්ඡා කළෝය. ඔවුහු ‘ඔහු වෙනුවෙන් නුඹලා ගොඩනැගිල්ලක් තනනු. එහි දර පුරවා එයට ගිනි තබා පසු ව ඔහු ව එහි නුඹලා විසි කරනු.’ යැයි පැවසූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න