සූරා 37 · ජුස් 23
As-Saffat · 37:141
فَسَاهَمَ فَكَانَ مِنَ الْمُدْحَضِينَ
එවිට කුසපත් ඇද්දේය. එවිට ඔහු කුසපත් ඇදීමෙන් තෝරා ගනු ලැබූවන් අතුරින් විය.
තෆ්සීර්
නැව පිරී පැවතුණු බැවින් එය ගිලෙන්නට විය. එහෙයින් මගීහු ඔවුන්ගෙන් ඇතැමෙකු පිටත හෙළීම සඳහා කුසපත් ඇද්දෝය. එය මගීන්ගේ අධිකත්වය හේතුවෙන් නැවත ගිලී යාමට ඇති බියෙනි. එවිට යූනුස් පරාජිතයින් අතරට පත් විය. ඔවුහු ඔහු මුහුදට හෙළූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න