Al-Jinn

سورة الجن

සූරා 72 · මක්කා · 28 පද

72:1ජුස් 29 · පි. 572

قُلْ أُوحِيَ إِلَيَّ أَنَّهُ اسْتَمَعَ نَفَرٌ مِنَ الْجِنِّ فَقَالُوا إِنَّا سَمِعْنَا قُرْآنًا عَجَبًا1

“නියත වශයෙන්ම ජින්නුන්ගෙන් පිරිසක් සවන් දී සැබැවින්ම අපි පුදුමාකාර කුර්ආනයකට සවන් දුන්නෙමු.
72:2ජුස් 29 · පි. 572

يَهْدِي إِلَى الرُّشْدِ فَآمَنَّا بِهِ ۖ وَلَنْ نُشْرِكَ بِرَبِّنَا أَحَدًا2

එය ඍජු මාර්ගය වෙත මග පෙන්වයි. එහෙයින් අපි එය විශ්වාස කළෙමු. අපගේ පරමාධිපතිට කිසිවකු හෝ ආදේශ නොකරන්නෙමු යැයි ඔවුහු පැවසූ බව මා වෙත දේව පණිවිඩ දන්වනු ලැබීය” යැයි (නබිවරයාණනි) නුඹ පවසනු.
72:3ජුස් 29 · පි. 572

وَأَنَّهُ تَعَالَىٰ جَدُّ رَبِّنَا مَا اتَّخَذَ صَاحِبَةً وَلَا وَلَدًا3

“තවද නියත වශයෙන්ම අපගේ පරමාධිපතිගේ කීර්තිය උත්තරීතර විය. ඔහු සහකාරියක හෝ දරුවෙකු හෝ නොගත්තේය.”
72:4ජුස් 29 · පි. 572

وَأَنَّهُ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى اللَّهِ شَطَطًا4

තවද අප අතර සිටි අඥානයකු අල්ලාහ්ට එරෙහි ව ප්‍රබන්ධ කතා පවසා සිටියේය.”
72:5ජුස් 29 · පි. 572

وَأَنَّا ظَنَنَّا أَنْ لَنْ تَقُولَ الْإِنْسُ وَالْجِنُّ عَلَى اللَّهِ كَذِبًا5

“මිනිස් වර්ගයා හා ජින් වර්ගයා අල්ලාහ්ට එරෙහි ව බොරුවක් කිසිවිටෙක නොපවසනු ඇතැයි නියත වශයෙන්ම අපි සිතුවෙමු.”
72:6ජුස් 29 · පි. 572

وَأَنَّهُ كَانَ رِجَالٌ مِنَ الْإِنْسِ يَعُوذُونَ بِرِجَالٍ مِنَ الْجِنِّ فَزَادُوهُمْ رَهَقًا6

තවද නියත වශයෙන්ම මිනිස් වර්ගයාගෙන් පිරිසක් ජින් වර්ගයාගෙන් වූ පිරිසකගෙන් ආරක්ෂාව පැතුවෝය. එහෙයින් ඔවුහු ඔවුනට උඩඟුකම අධික කළෝය.
72:7ජුස් 29 · පි. 572

وَأَنَّهُمْ ظَنُّوا كَمَا ظَنَنْتُمْ أَنْ لَنْ يَبْعَثَ اللَّهُ أَحَدًا7

අල්ලාහ් කිසිවකු හෝ නැවත (පණ දී) එවන්නේම නැතැයි නුඹලා සිතුවාක් මෙන් සැබැවින්ම ඔවුහු ද සිතුවෝය.
72:8ජුස් 29 · පි. 572

وَأَنَّا لَمَسْنَا السَّمَاءَ فَوَجَدْنَاهَا مُلِئَتْ حَرَسًا شَدِيدًا وَشُهُبًا8

තවද නියත වශයෙන්ම අපි අහස ස්පර්ශ කිරිමට අපේක්ෂා කළෙමු. එවිට එය දැඩි මුරකාවලින් හා උල්කාවන්ගෙන් පිරී තිබෙනු අපි දුටුවෙමු.
72:9ජුස් 29 · පි. 572

وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ ۖ فَمَنْ يَسْتَمِعِ الْآنَ يَجِدْ لَهُ شِهَابًا رَصَدًا9

සවන් දීම සඳහා අසුන් ගන්නා ස්ථානයන්හි අසුන් ගන්නට අපි පුරුදුව සිටියෙමු. දැන් කවරෙකු හෝ සවන් දුන්නේ නම් එවිට උල්කා ප්‍රහාර ඔහුව රැක සිටිනු ඇත.
72:10ජුස් 29 · පි. 572

وَأَنَّا لَا نَدْرِي أَشَرٌّ أُرِيدَ بِمَنْ فِي الْأَرْضِ أَمْ أَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَدًا10

තවද මහපොළොවේ වෙසෙන්නන් හට නපුරක් අපේක්ෂා කරනු ලබන්නේ ද එසේ නැතහොත් ඔවුන්ගේ පරමාධිපති ඔවුනට යහමග අපේක්ෂා කරන්නේ දැයි නියත වශයෙන්ම අපි නොදනිමු.
72:11ජුස් 29 · පි. 572

وَأَنَّا مِنَّا الصَّالِحُونَ وَمِنَّا دُونَ ذَٰلِكَ ۖ كُنَّا طَرَائِقَ قِدَدًا11

තවද නියත වශයෙන්ම අප අතුරින් දැහැමියෝ ද වෙති. එමෙන්ම අප අතුරින් එසේ නොවන්නන් ද වෙති. අපි විවිධ මාර්ග වල වෙන් ව සිටියෙමු.
72:12ජුස් 29 · පි. 572

وَأَنَّا ظَنَنَّا أَنْ لَنْ نُعْجِزَ اللَّهَ فِي الْأَرْضِ وَلَنْ نُعْجِزَهُ هَرَبًا12

තවද මහපොළොවේ අල්ලාහ් පරාජය කිරීමට අපට නොහැකි බවත් පලා යෑමෙන් ඔහු පරාජයට පත් කළ නොහැකි බවත් සැබැවින්ම අපි සිතුවෙමු.
72:13ජුස් 29 · පි. 572

وَأَنَّا لَمَّا سَمِعْنَا الْهُدَىٰ آمَنَّا بِهِ ۖ فَمَنْ يُؤْمِنْ بِرَبِّهِ فَلَا يَخَافُ بَخْسًا وَلَا رَهَقًا13

තවද නියත වශයෙන්ම අපි යහමගට සවන් දුන් කල්හි අපි එය විශ්වාස කළෙමු. එහෙයින් කවරෙකු තම පරමාධිපති විශ්වාස කරන්නේ ද එවිට පාඩුවක් ගැන හෝ අසාධාරණයක් ගැන හෝ ඔහු බිය නොවනු ඇත.
72:14ජුස් 29 · පි. 573

وَأَنَّا مِنَّا الْمُسْلِمُونَ وَمِنَّا الْقَاسِطُونَ ۖ فَمَنْ أَسْلَمَ فَأُولَٰئِكَ تَحَرَّوْا رَشَدًا14

තවද නියත වශයෙන්ම අප වනාහි අප අතුරින් මුස්ලිම්වරුන්ද වෙති. එමෙන්ම අප අතුරින් (සත්‍යයෙන්) බැහැර වූවන්ද වෙති. එහෙයින් කවරුන් අවනත වන්නෝ ද ඔවුහු ඍජු මග සොයා ගත්තෝය.
72:15ජුස් 29 · පි. 573

وَأَمَّا الْقَاسِطُونَ فَكَانُوا لِجَهَنَّمَ حَطَبًا15

තවද (සත්‍යයෙන්) බැහැර වූවන් වූ කලී නිරය සඳහා ඉන්ධන බවට ඔවුහු පත් වූහ.
72:16ජුස් 29 · පි. 573

وَأَنْ لَوِ اسْتَقَامُوا عَلَى الطَّرِيقَةِ لَأَسْقَيْنَاهُمْ مَاءً غَدَقًا16

එම (යහ) මාර්ගයේ ඔවුන් ස්ථාවර ව සිටියේ නම් අපි ඔවුනට ජලය බහුල වශයෙන් සපයන්නෙමු.
72:17ජුස් 29 · පි. 573

لِنَفْتِنَهُمْ فِيهِ ۚ وَمَنْ يُعْرِضْ عَنْ ذِكْرِ رَبِّهِ يَسْلُكْهُ عَذَابًا صَعَدًا17

එය අපි ඔවුන් එහි පරීක්ෂාවට ලක් කරනු පිණිසය. තවද කවරෙකු තම පරමාධිපති මෙනෙහි කිරීමෙන් ඉවත් වූයේ ද ඔහු ඔහු ව දරුණු දඬුවමට යොමු කරනු ඇත.
72:18ජුස් 29 · පි. 573

وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا18

තවද නියත වශයෙන්ම මස්ජිදයන් අල්ලාහ්ට අයත් ය. එහෙයින් නුඹලා අල්ලාහ් සමග කිසිවෙක් නොඅයදිනු.
72:19ජුස් 29 · පි. 573

وَأَنَّهُ لَمَّا قَامَ عَبْدُ اللَّهِ يَدْعُوهُ كَادُوا يَكُونُونَ عَلَيْهِ لِبَدًا19

තවද නියත වශයෙන්ම අල්ලාහ්ගේ ගැත්තා (නබිවරයා) ඔහු වෙත ඇරයුම් කිරීමට නැගී සිටී කල්හි ඔවුහු කණ්ඩායම් වශයෙන් ඔහු වෙත සමීපවන්නට වූහ.
72:20ජුස් 29 · පි. 573

قُلْ إِنَّمَا أَدْعُو رَبِّي وَلَا أُشْرِكُ بِهِ أَحَدًا20

“නියත වශයෙන්ම මා ඇරයුම් කරනුයේ මාගේ පරමාධිපතිටය. තවද මම ඔහුට කිසිවකු හෝ ආදේශ නොකරමි” යැයි (නබිවරය) නුඹ පවසනු.
72:21ජුස් 29 · පි. 573

قُلْ إِنِّي لَا أَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا رَشَدًا21

“නුඹලාට යම් හානියක් හෝ යම් මග පෙන්වීමක් හෝ සිදු කරන්නට නියත වශයෙන්ම මා බලය නොදරමි” යැයි නුඹ පවසනු.
72:22ජුස් 29 · පි. 573

قُلْ إِنِّي لَنْ يُجِيرَنِي مِنَ اللَّهِ أَحَدٌ وَلَنْ أَجِدَ مِنْ دُونِهِ مُلْتَحَدًا22

“(මා අවනත නොවුයේ නම්) අල්ලාහ්ගෙන් මා ආරක්ෂා කරන්නට කිසිවකුට නොහැක්කේමය. තවද ඔහු හැර වෙනත් පිළිසරණක් මම කිසිවිටෙක නොලබමි” යැයි නුඹ පවසනු.
72:23ජුස් 29 · පි. 573

إِلَّا بَلَاغًا مِنَ اللَّهِ وَرِسَالَاتِهِ ۚ وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَإِنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أَبَدًا23

අල්ලාහ්ගෙන් හා ඔහුගේ දූත පණිවිඩයන්ගෙන් දැනුම් දීම මිස (වෙනත් කිසිවක් මා සතු නොවේ.) කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට පිටුපාන්නේද එවිට නියත වශයෙන්ම ඔහුට නිරා ගින්න ඇත. ඔවුහු එහි නිරන්තරයෙන්ම සදාතනිකයින් වෙති.
72:24ජුස් 29 · පි. 573

حَتَّىٰ إِذَا رَأَوْا مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِرًا وَأَقَلُّ عَدَدًا24

අවසානයේ ප්‍රතිඥා දෙනු ලබන දෑ ඔවුහු දුටු විට උදව්කරුගෙන් වඩාත් දුර්වල කවුරුන් දැයි ද සංඛ්‍යාවෙන් වඩාත් අඩු කවුරුන් දැයි ද ඔවුහු මතු දැන ගනු ඇත.
72:25ජුස් 29 · පි. 573

قُلْ إِنْ أَدْرِي أَقَرِيبٌ مَا تُوعَدُونَ أَمْ يَجْعَلُ لَهُ رَبِّي أَمَدًا25

“නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සමීප ද? එසේ නැතහොත් මාගේ පරමාධිපති එයට දිගු කලක් තබා ඇත්තේදැයි ද මම නොදනිමි” යැයි නුඹ පවසනු.
72:26ජුස් 29 · පි. 573

عَالِمُ الْغَيْبِ فَلَا يُظْهِرُ عَلَىٰ غَيْبِهِ أَحَدًا26

ඔහු ගුප්ත දෑ දන්නාය. එහෙයින් ඔහුගේ ගුප්ත දෑ කිසිවකුට ඔහු හෙළිදරව් නොකරයි.
72:27ජුස් 29 · පි. 573

إِلَّا مَنِ ارْتَضَىٰ مِنْ رَسُولٍ فَإِنَّهُ يَسْلُكُ مِنْ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ رَصَدًا27

නමුත් රසූල්වරයකුගෙන් ඔහු තෝරා ගත් අයට හැර. එවිට ඔහු ඉදිරියෙන් හා ඔහු පසුපසින් නියත වශයෙන්ම ඔහු ආරක්ෂකයින් ගමන් කරවනු ඇත.
72:28ජුස් 29 · පි. 573

لِيَعْلَمَ أَنْ قَدْ أَبْلَغُوا رِسَالَاتِ رَبِّهِمْ وَأَحَاطَ بِمَا لَدَيْهِمْ وَأَحْصَىٰ كُلَّ شَيْءٍ عَدَدًا28

ඔවුන්ගේ පරමාධිපතිගේ දූත පණිවිඩ ඔවුන් දැනුම් දී ඇත්තේදැයි ඔහු දැන ගනු පිණිසය. ඔවුන් සමග ඇති දෑ පිළිබඳ ව ඔහු සර්ව ප්‍රකාරයෙන් දැන සිටියි. තවද සියලු දෑ ගණන් කොට තබා ඇත.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න

Muhammad Jibreel - Al-Jinn · Tlawati