සූරා 72 · ජුස් 29
Al-Jinn · 72:28
لِيَعْلَمَ أَنْ قَدْ أَبْلَغُوا رِسَالَاتِ رَبِّهِمْ وَأَحَاطَ بِمَا لَدَيْهِمْ وَأَحْصَىٰ كُلَّ شَيْءٍ عَدَدًا
ඔවුන්ගේ පරමාධිපතිගේ දූත පණිවිඩ ඔවුන් දැනුම් දී ඇත්තේදැයි ඔහු දැන ගනු පිණිසය. ඔවුන් සමග ඇති දෑ පිළිබඳ ව ඔහු සර්ව ප්රකාරයෙන් දැන සිටියි. තවද සියලු දෑ ගණන් කොට තබා ඇත.
තෆ්සීර්
සැබැවින්ම රසූල්වරයාට පෙර පැමිණි දහම් දූතවරුන් ඔවුන්ගේ පරමාධිපතියාණන්ගේ දූත මෙහෙවර දන්වා සිටියේදැ?යි ඔහු දැන ගැනීමේ අපේක්ෂාවෙනි. එය කවර කරුණක් පිළිබඳ අල්ලාහ් සැලකිලිමත් ලෙස ආවරණය කර ඇත්තේ ද, ඒ සඳහා හා මලක්වරුන් හා දහම් දූතවරුන්ගේ අතෙහි කවර කරුණක් දැනුමෙන් ආවරණය කර ඇත්තේ ද ඒ සඳහාය. එහෙයින් ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සියලු දෑහි ගණනයන් ඔහු ගණන් බලා ඇත්තේය. එහෙයින් ශුද්ධ වූ අල්ලාහ්ට කිසිවක් සැඟවෙන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න