සූරා 72 · ජුස් 29

Al-Jinn · 72:14

وَأَنَّا مِنَّا الْمُسْلِمُونَ وَمِنَّا الْقَاسِطُونَ ۖ فَمَنْ أَسْلَمَ فَأُولَٰئِكَ تَحَرَّوْا رَشَدًا

තවද නියත වශයෙන්ම අප වනාහි අප අතුරින් මුස්ලිම්වරුන්ද වෙති. එමෙන්ම අප අතුරින් (සත්‍යයෙන්) බැහැර වූවන්ද වෙති. එහෙයින් කවරුන් අවනත වන්නෝ ද ඔවුහු ඍජු මග සොයා ගත්තෝය.

තෆ්සීර්

තවද සැබැවින්ම අප අතර අල්ලාහ්ට අවනත වීමෙන් ඔහුට යටත් වූ මුස්ලිම්වරු ද වෙති එමෙන්ම ඉලක්කගත ඍජු මාර්ගයෙන් ඉවත් වූ වැරදිකරුවන් ද වෙති. එහෙයින් කවරෙකු අවනත වී දැහැමි ක්රියාවන් සිදු කිරීම තුළින් අල්ලාහ්ට යටහත් පහත් වන්නේ ද ඍජු මාර්ගය හා නිවැරදි මාර්ගය ඉලක්ක කර ගත්තෝ ඔවුහුමය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න