සූරා 72 · ජුස් 29

Al-Jinn · 72:24

حَتَّىٰ إِذَا رَأَوْا مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِرًا وَأَقَلُّ عَدَدًا

අවසානයේ ප්‍රතිඥා දෙනු ලබන දෑ ඔවුහු දුටු විට උදව්කරුගෙන් වඩාත් දුර්වල කවුරුන් දැයි ද සංඛ්‍යාවෙන් වඩාත් අඩු කවුරුන් දැයි ද ඔවුහු මතු දැන ගනු ඇත.

තෆ්සීර්

දෙවියන් ප්රතික්ෂේප කළවුනට මෙලොවෙහි දී කවර දඬුවමක් පිළිබඳ අවවාද කරනු ලබමින් සිටියේද එය ඔවුන් මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ දෑසින් දකින තෙක් ඔවුන් ඔවුන්ගේ ප්රතික්ෂේපයෙහි දිගටම සිටිති. එවිට උදව් කරුවන්ගෙන් වඩා දුර්වල කවුරුන් දැයි ද පිහිට ලබන්නන්ගෙන් වඩාත් අඩු අය කවුරුන්දැ?යි ද ඔවුන් මතු දැනගනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න