සූරා 72 · ජුස් 29

Al-Jinn · 72:9

وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ ۖ فَمَنْ يَسْتَمِعِ الْآنَ يَجِدْ لَهُ شِهَابًا رَصَدًا

සවන් දීම සඳහා අසුන් ගන්නා ස්ථානයන්හි අසුන් ගන්නට අපි පුරුදුව සිටියෙමු. දැන් කවරෙකු හෝ සවන් දුන්නේ නම් එවිට උල්කා ප්‍රහාර ඔහුව රැක සිටිනු ඇත.

තෆ්සීර්

පෙර සිටම මලක්වරුන් හුවමාරු කර ගන්නා දෑ සවන් දීම සඳහා අහසෙහි නියමිත ස්ථානයක් අපි ගෙන සිටි අතර එම තොරතුරු පොළෝ වාසීන් අතර සිටින හූනියම් කරුවන් වෙත අපි දන්වා සිටියෙමු. දැන් එම කරුණු වෙනස් වී ඇත. අප අතරින් කවරෙකු සවන් දෙන්නේ ද ඔහුට පහර දීම සඳහා ගිනි පන්දම් දකිනු ඇත. එහෙයින් ඔහු සමීප වන විට ඔහු වෙත එම පන්දම් එවනු ලැබේ. එවිට ඔහු පිළිස්සී යනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න