සූරා 72 · ජුස් 29
Al-Jinn · 72:17
لِنَفْتِنَهُمْ فِيهِ ۚ وَمَنْ يُعْرِضْ عَنْ ذِكْرِ رَبِّهِ يَسْلُكْهُ عَذَابًا صَعَدًا
එය අපි ඔවුන් එහි පරීක්ෂාවට ලක් කරනු පිණිසය. තවද කවරෙකු තම පරමාධිපති මෙනෙහි කිරීමෙන් ඉවත් වූයේ ද ඔහු ඔහු ව දරුණු දඬුවමට යොමු කරනු ඇත.
තෆ්සීර්
එය, ඔවුන් අල්ලාහ්ගේ ආශිර්වාදයට කෘතඥ වන්නේ ද, එසේ නැතහොත් ගුණමකු වන්නේ ද යැයි අපි ඔවුන් එහි පරීක්ෂණය කරනු පිණිසය. කවරෙකු අල් කුර්ආනය හා එහි ඇති උපදෙස් පිටු දකින්නේ ද, දැරිය නොහැකි ඉතා දුෂ්කර දඬුවමකට ඔහුගේ පරමාධිපති ඔහු ව ඇතුළත් කරනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න