إِنَّا أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ أَنْ أَنْذِرْ قَوْمَكَ مِنْ قَبْلِ أَنْ يَأْتِيَهُمْ عَذَابٌ أَلِيمٌ1
වේදනීය දඬුවම ඔවුන් වෙත පැමිණීමට පෙර නුඹ නුඹේ ජනයාට අවවාද කරන්නැයි අපි නූහ් ඔහුගේ ජනයා වෙත සැබැවින්ම එව්වෙමු.
قَالَ يَا قَوْمِ إِنِّي لَكُمْ نَذِيرٌ مُبِينٌ2
“අහෝ! මාගේ ජනයිනි, නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් ප්රකට අවවාද කරන්නෙක් වෙමි” යැයි ඔහු පැවසුවේය.
أَنِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ وَأَطِيعُونِ3
“නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. තවද ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු” යැයි ද.
يَغْفِرْ لَكُمْ مِنْ ذُنُوبِكُمْ وَيُؤَخِّرْكُمْ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۚ إِنَّ أَجَلَ اللَّهِ إِذَا جَاءَ لَا يُؤَخَّرُ ۖ لَوْ كُنْتُمْ تَعْلَمُونَ4
“නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙනු ඇත. නියමිත කාලයක් දක්වා නුඹලා ව ඔහු ප්රමාද කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ්ගේ නිශ්චිත කාලය පැමිණි විට එය කල් දමනු නොලැබේ. නුඹලා දැන සිටියාහු නම්!”
قَالَ رَبِّ إِنِّي دَعَوْتُ قَوْمِي لَيْلًا وَنَهَارًا5
“මාගේ පරමාධිපතියාණනි! රාත්රියේ හා දහවලේ නියත වශයෙන්ම මම මාගේ ජනයාට ඇරයුම් කළෙමි” යැයි ඔහු පැවසීය.
فَلَمْ يَزِدْهُمْ دُعَائِي إِلَّا فِرَارًا6
“නමුත් මාගේ ඇරයුම පලා යෑම මිස ඔවුනට අධික නොකළේය.”
وَإِنِّي كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوا أَصَابِعَهُمْ فِي آذَانِهِمْ وَاسْتَغْشَوْا ثِيَابَهُمْ وَأَصَرُّوا وَاسْتَكْبَرُوا اسْتِكْبَارًا7
“තවද නුඹ ඔවුනට සමාව දෙනු පිණිස නියත වශයෙන්ම මම ඔවුනට ඇරයුම් කළ සෑම කල්හිම ඔවුහු ඔවුන්ගේ ඇඟිලි කන් තුළ ඔබා ගත්තෝය. ඔවුන්ගේ ඇඳුමින් ඔවුහු ආවරණය කර ගත්තෝය. පාපකම්හි නිරත වූවෝය. අහංකාරයෙන් උඩඟුකම් පෑහ.”
ثُمَّ إِنِّي دَعَوْتُهُمْ جِهَارًا8
පසු ව නියත වශයෙන්ම මම ඔවුනට විවෘත ව ඇරයුම් කළෙමි.
ثُمَّ إِنِّي أَعْلَنْتُ لَهُمْ وَأَسْرَرْتُ لَهُمْ إِسْرَارًا9
“පසු ව නියත වශයෙන්ම මම ප්රසිද්ධියේ ඔවුනට දැනුම් දුනිමි. තවද රහිසගත ව ද ඔවුනට රහසින් දැනුම් දුනිමි.”
فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا10
“එවිට නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලී විය යැයි මම පැවසුවෙමි.”
يُرْسِلِ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًا11
“ඔහු නුඹලා වෙත අහසින් (වැසි) නිරතුරු ව එවනු ඇත.”
وَيُمْدِدْكُمْ بِأَمْوَالٍ وَبَنِينَ وَيَجْعَلْ لَكُمْ جَنَّاتٍ وَيَجْعَلْ لَكُمْ أَنْهَارًا12
“ධනය හා දරුවන් ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලා වෙනුවෙන් උයන් ඇති කරනු ඇත. තවද නුඹලා වෙනුවෙන් ගංගාවන් ද ඇති කරනු ඇත”.
مَا لَكُمْ لَا تَرْجُونَ لِلَّهِ وَقَارًا13
“අල්ලාහ් සතු ගාම්භීරත්වය නුඹලා අපේක්ෂා නොකිරීමට නුඹලාට කුමක් වීද?”
وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا14
“තවද සැබැවින්ම ඔහු නුඹලා ව විවිධ අදියරයන්ගෙන් මැව්වේය.”
أَلَمْ تَرَوْا كَيْفَ خَلَقَ اللَّهُ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا15
“තල වශයෙන් අහස් හත අල්ලාහ් මවා ඇත්තේ කෙසේදැයි නුඹලා නොදුටුවෙහු ද?”
وَجَعَلَ الْقَمَرَ فِيهِنَّ نُورًا وَجَعَلَ الشَّمْسَ سِرَاجًا16
“තවද ඔහු එහි සඳු ආලෝකයක් බවට පත් කළේය. තවද හිරු පහනක් බවට පත් කළේය.”
وَاللَّهُ أَنْبَتَكُمْ مِنَ الْأَرْضِ نَبَاتًا17
“තවද අල්ලාහ් මහපොළොවෙන් පැළෑටි මෙන් නුඹලා ව හට ගැන්වීය.”
ثُمَّ يُعِيدُكُمْ فِيهَا وَيُخْرِجُكُمْ إِخْرَاجًا18
“පසු ව ඒ තුළට ඔහු නුඹලා ව නැවතත් එවන්නේය. තවද නුඹලා ව බැහැර කිරීමකින් බැහැර කරන්නේය.”
وَاللَّهُ جَعَلَ لَكُمُ الْأَرْضَ بِسَاطًا19
තවද නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් මෙන් අල්ලාහ් ඇති කළේය.”
لِتَسْلُكُوا مِنْهَا سُبُلًا فِجَاجًا20
නුඹලා එහි විවෘත මංමාවත් වල ගමන් කිරීම පිණිස.
قَالَ نُوحٌ رَبِّ إِنَّهُمْ عَصَوْنِي وَاتَّبَعُوا مَنْ لَمْ يَزِدْهُ مَالُهُ وَوَلَدُهُ إِلَّا خَسَارًا21
“මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම ඔවුන් මට පිටුපෑහ. තවද තම ධනය හා තම දරුවන් අලාභය මිස වෙනෙකක් ඔහුට අධික නොකළ අය ඔවුහු අනුගමනය කළෝය” යැයි නූහ් පැවසීය.
وَمَكَرُوا مَكْرًا كُبَّارًا22
“තවද ඔවුහු මහත් ලෙස කුමන්ත්රණයක් කුමන්ත්රණය කළෝය.”
وَقَالُوا لَا تَذَرُنَّ آلِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَلَا سُوَاعًا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًا23
“නුඹලාගේ දෙවියන් අත් නොහරිනු. තවද වද්, සුවාඃ, යගූස්, යඌක්, හා නස්ර් අත් නොහරිනු යැයි ඔවුහු පැවසූහ.”
وَقَدْ أَضَلُّوا كَثِيرًا ۖ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا ضَلَالًا24
“තවද ඔවුහු බොහෝ දෙනා නොමග යැවූහ. අපරාධකරුවන්ට මුළා ව මිස වෙනත් කිසිවක් ඔබ අධික නොකරනු මැනව!”
مِمَّا خَطِيئَاتِهِمْ أُغْرِقُوا فَأُدْخِلُوا نَارًا فَلَمْ يَجِدُوا لَهُمْ مِنْ دُونِ اللَّهِ أَنْصَارًا25
ඔවුන්ගේ වැරදි ක්රියා හේතුවෙන් ඔවුහු ගිල්වනු ලැබූහ. පසු ව නිරා ගින්නට ඇතුළත් කරනු ලැබූහ. ඔවුන් වෙනුවෙන් අල්ලාහ් හැර උදව්කරුවන් කිසිවෙකු හෝ ඔවුහු නොලැබූහ.
وَقَالَ نُوحٌ رَبِّ لَا تَذَرْ عَلَى الْأَرْضِ مِنَ الْكَافِرِينَ دَيَّارًا26
“මාගේ පරමාධිපතියාණනි! දේව ප්රතික්ෂේපකයින් අතුරින් මහපොළොව මත කිසිදු නිවසක් හෝ අත් නොහරිනු මැනව!” යැයි නූහ් පැවසීය.
إِنَّكَ إِنْ تَذَرْهُمْ يُضِلُّوا عِبَادَكَ وَلَا يَلِدُوا إِلَّا فَاجِرًا كَفَّارًا27
“නියත වශයෙන්ම ඔබ ඔවුන් අතහැරියේ නම් ඔබේ ගැත්තන් ව ඔවුහු නොමග යවනු ඇත. තවද ඔවුහු ගුණමකු පාපතරයකු හැර බිහි නොකරනු ඇත.”
رَبِّ اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَنْ دَخَلَ بَيْتِيَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا تَبَارًا28
“මාගේ පරමාධිපතියාණනි! මට හා මාගේ දෙමව්පියන්ටත් විශ්වාස කරන්නෙකු සේ මාගේ නිවසට ඇතුළත්වූවන්හටත් දේව විශ්වාස කරන්නන් හා දේව විශ්වාස කරන්නියන් හටත් සමාව දෙනු මැනව! අපරාධකරුවන්හට විනාශය මිස අධික නොකරනු මැනව!”