සූරා 71 · ජුස් 29

Nuh · 71:21

قَالَ نُوحٌ رَبِّ إِنَّهُمْ عَصَوْنِي وَاتَّبَعُوا مَنْ لَمْ يَزِدْهُ مَالُهُ وَوَلَدُهُ إِلَّا خَسَارًا

“මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම ඔවුන් මට පිටුපෑහ. තවද තම ධනය හා තම දරුවන් අලාභය මිස වෙනෙකක් ඔහුට අධික නොකළ අය ඔවුහු අනුගමනය කළෝය” යැයි නූහ් පැවසීය.

තෆ්සීර්

මාගේ පරමාධිපතියාණෙනි, ඔබට පමණක් ගැතිකම් කරන මෙන් ද ඔබ ඒකීයත්වයට පත් කරන මෙන් ද මා ඔවුනට කවර කරුණක් නියෝග කළේ ද එම විෂයයෙහි සැබැවින්ම මාගේ සමූහයා මට පිටු පා ඇත්තෝය. ඔවුන් අතර සිටින අඥානයින් ඔබ විසින් පිරිනමන ලද ධනය හා දරු සම්පත් හිමි ප්රභූවරුන් පිළිපදින්නට ගත්තේය. ඔබ ඔවුනට කවර ආශිර්වාදයක් පිරිනැමුවේද එය ඔවුනට මුළාව මිස වෙනත් කිසිවක් වර්ධනය කළේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න