සූරා 71 · ජුස් 29
Nuh · 71:7
وَإِنِّي كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوا أَصَابِعَهُمْ فِي آذَانِهِمْ وَاسْتَغْشَوْا ثِيَابَهُمْ وَأَصَرُّوا وَاسْتَكْبَرُوا اسْتِكْبَارًا
“තවද නුඹ ඔවුනට සමාව දෙනු පිණිස නියත වශයෙන්ම මම ඔවුනට ඇරයුම් කළ සෑම කල්හිම ඔවුහු ඔවුන්ගේ ඇඟිලි කන් තුළ ඔබා ගත්තෝය. ඔවුන්ගේ ඇඳුමින් ඔවුහු ආවරණය කර ගත්තෝය. පාපකම්හි නිරත වූවෝය. අහංකාරයෙන් උඩඟුකම් පෑහ.”
තෆ්සීර්
ඔබට පමණක් නැමදීම, ඔබට අවනත වීම හා ඔබේ රසූල්වරයාට අවනත වීම යනාදී ඔවුන්ගේ පාපකම් සඳහා සමාවට හේතුවන සාධක වෙත මා ඔවුන් ඇරයුම් කළ සෑම කල්හිම, මාගේ ඇරයුම ඔවුන්ගේ කනට නොවැකෙන සේ ඔවුන්ගේ ඇගිලි ඔවුන්ගේ කන් තුළ දමා වසා ගත්තෝය. ඔවුන් මා නොදකින සේ ඔවුන්ගේ ඇදුමෙන් ඔවුන්ගේ මුහුණු වසා ගත්තෝය. ඔවුන් කවර දෙයක් ආදේශ කරමින් සිටියේ ද එහි දිගටම රැඳී සිටියෝය. මා ඔවුන් ඇරයුම් කරන දෑ පිළිගැනීමට හා ඒ සඳහා සවන් දීමට ඔවුන් උඩඟු වූවෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න