සූරා 71 · ජුස් 29
Nuh · 71:3
أَنِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ وَأَطِيعُونِ
“නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. තවද ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු” යැයි ද.
තෆ්සීර්
නුඹලා වෙත වූ මාගේ අවවාදයේ අවසානය වනුයේ, 'නුඹලා අල්ලාහ්ට පමණක් ගැතිකම් කරනු. ඔහුට කිසිවක් ආදේශ නොකරනු. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී, ඔහුට භක්තිමත් ව කටයුතු කරනු. තවද මා කවර කරුණක් නුඹලාට අවවාද කර ඇත්තේ ද ඒ සම්බන්ධයෙන් නුඹලා මා පිළිපදිනු’ යැයි මා පැවසීමය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න