සූරා 71 · ජුස් 29

Nuh · 71:4

يَغْفِرْ لَكُمْ مِنْ ذُنُوبِكُمْ وَيُؤَخِّرْكُمْ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۚ إِنَّ أَجَلَ اللَّهِ إِذَا جَاءَ لَا يُؤَخَّرُ ۖ لَوْ كُنْتُمْ تَعْلَمُونَ

“නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙනු ඇත. නියමිත කාලයක් දක්වා නුඹලා ව ඔහු ප්‍රමාද කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ්ගේ නිශ්චිත කාලය පැමිණි විට එය කල් දමනු නොලැබේ. නුඹලා දැන සිටියාහු නම්!”

තෆ්සීර්

සැබැවින්ම නුඹලා එය සිදු කරන්නේ නම්, දේව ගැත්තන්ගේ අයිතිවාසිකම් හා නොබැඳුණු නුඹලාගේ පාපකම් සඳහා ඔහු නුඹලාට සමාව දෙනු ඇත. අල්ලාහ්ගේ අනුදැනුම තුළින් නියමිත කාලයක් දක්වා ජීවිතයේ දීර්ඝායුෂ නුඹලාගේ සමූහයාට පිරිනමනු ඇත. ඒ මත නුඹලා ස්ථීරව සිටින කාලයක් මහපොළොවේ නුඹලා පාලනය කරනු ඇත. සැබැවින්ම මරණය පැමිණියේ නම් ප්රමාද කරනු නොලැබේ. නුඹලා ඒ බව දැන සිටියෙහු නම් අල්ලාහ්ව විශ්වාස කිරීමටත්, නුඹලා නිරතවෙමින් සිටි දේව ආදේශය හා මුළාව සඳහා පශ්චාත්තාප වී ඔහු වෙත යොමුවන්නටත් යුහුසුළු වනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න