සූරා 71 · ජුස් 29

Nuh · 71:27

إِنَّكَ إِنْ تَذَرْهُمْ يُضِلُّوا عِبَادَكَ وَلَا يَلِدُوا إِلَّا فَاجِرًا كَفَّارًا

“නියත වශයෙන්ම ඔබ ඔවුන් අතහැරියේ නම් ඔබේ ගැත්තන් ව ඔවුහු නොමග යවනු ඇත. තවද ඔවුහු ගුණමකු පාපතරයකු හැර බිහි නොකරනු ඇත.”

තෆ්සීර්

අපගේ පරමාධිපතියාණෙනි, සැබැවින්ම ඔබ ඔවුන් අතහැර දැමුවේ නම් හෝ ඔවුනට අවකාශයක් දුන්නේ නම් හෝ දෙවියන් විශ්වාස කරන ඔබේ ගැත්තන් ඔවුන් විසින් නොමග හරිනු ඇත. ඔබ වෙනුවෙන් කිසිවක් පිරි නොනමන දුෂ්ඨයින් හා ඔබේ ආශිර්වාදයට කෘතඥ නොවන දැඩි ප්රතික්ෂේපකයින් මිස වෙනත් කිසිවකු ඔවුන් බිහි නොකරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න