සූරා 71 · ජුස් 29
Nuh · 71:28
رَبِّ اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَنْ دَخَلَ بَيْتِيَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا تَبَارًا
“මාගේ පරමාධිපතියාණනි! මට හා මාගේ දෙමව්පියන්ටත් විශ්වාස කරන්නෙකු සේ මාගේ නිවසට ඇතුළත්වූවන්හටත් දේව විශ්වාස කරන්නන් හා දේව විශ්වාස කරන්නියන් හටත් සමාව දෙනු මැනව! අපරාධකරුවන්හට විනාශය මිස අධික නොකරනු මැනව!”
තෆ්සීර්
මාගේ පරමාධිපතියාණෙනි, මාගේ පව්වලට මට සමාව දෙනු මැනව! මාගේ දෙමව්පියන්ට ද සමාව දෙනු මැනව. මාගේ නිවසට ඔබ ව විශ්වාස කළ තත්ත්වයේ ඇතුළු වූවන්ට ද සමාව දෙනු මැනව. දෙවියන් විශ්වාස කරන පිරිමින් මෙන්ම දෙවියන් විශ්වාස කරන කාන්තාවන්ට ද සමාව දෙනු මැනව. දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් තමන්ටම අපරාධකර ගත්තවුනට අලාභය හා විනාශ මිස වෙනත් කිසිවක් වැඩි නොකරනු මැනව!
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න