وَالنَّجْمِ إِذَا هَوَىٰ1
තවද තරු මත දිවුරමින් එය අවරට යන විට
مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ2
තවද නුඹලාගේ සහචරයා මංමුළා නොවීය. තවද ඔහු නොමග නොගියේය.
وَمَا يَنْطِقُ عَنِ الْهَوَىٰ3
තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නොකරයි.
إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ4
එය හෙළි දරව් කරන ලද දේව පණිවිඩ මිස නැත.
عَلَّمَهُ شَدِيدُ الْقُوَىٰ5
අති බලවත් කෙනෙකු එය ඉගැන්වීය.
ذُو مِرَّةٍ فَاسْتَوَىٰ6
(ඔහු අලංකාර) පරිපූර්ණ හැඩයෙන් යුක්ත විය. තවද ඔහු (ඉහළට නැග) රැඳී සිටියේය.
وَهُوَ بِالْأُفُقِ الْأَعْلَىٰ7
තවද ඔහු ඉහළම ක්ෂතිජයෙහි විය.
ثُمَّ دَنَا فَتَدَلَّىٰ8
පසු ව ඔහු පහළට පැමිණ ළඟා විය.
فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ9
එවිට ඔහු දුනු දෙකක දුර ප්රමාණයට විය. එසේ නැතහොත් ඊටත් වඩා සමීප විය.
فَأَوْحَىٰ إِلَىٰ عَبْدِهِ مَا أَوْحَىٰ10
එවිට තම ගැත්තාට ඔහු හෙළි කළ දේ ඔහු හෙළි කළේය.
مَا كَذَبَ الْفُؤَادُ مَا رَأَىٰ11
ඔහු (නබිවරයා) දුටු දෑ (ඔහුගේ) සිත බොරු නොකළේය.
أَفَتُمَارُونَهُ عَلَىٰ مَا يَرَىٰ12
එහෙයින් ඔහු දුටු දෑ සම්බන්ධයෙන් නුඹලා ඔහු සමග වාද කරන්නෙහු ද?
وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَىٰ13
තවද තවත් වතාවක පහළ වීමකින් ඔහු(නබිවරයා) ඔහු ව දුටුවේය.
عِنْدَ سِدْرَةِ الْمُنْتَهَىٰ14
සිද්රතුල් මුන්තහා (හෙවත් මායිම පිහිටි ගසක්) අබියසය.
عِنْدَهَا جَنَّةُ الْمَأْوَىٰ15
ඒ අබියස ජන්නතුල් මඃවා (හෙවත් ස්වර්ග උයන) විය.
إِذْ يَغْشَى السِّدْرَةَ مَا يَغْشَىٰ16
සිද්රා ගස ආවරණය කරන දෑ ආවරණය කරන විට.
مَا زَاغَ الْبَصَرُ وَمَا طَغَىٰ17
බැල්ම ඉවත් නොවීය. එසේම එය සීමාව ඉක්ම නොවීය.
لَقَدْ رَأَىٰ مِنْ آيَاتِ رَبِّهِ الْكُبْرَىٰ18
තම උත්තම පරමාධිපතිගේ ඉමහත් සංඥා කිහිපයක් සැබැවින්ම ඔහු දුටුවේය.
أَفَرَأَيْتُمُ اللَّاتَ وَالْعُزَّىٰ19
ලාත් හා උzස්zසා නුඹලා දුටුවෙහු ද?
وَمَنَاةَ الثَّالِثَةَ الْأُخْرَىٰ20
අනෙක් තුන්වැනියා මනාත්ය
أَلَكُمُ الذَّكَرُ وَلَهُ الْأُنْثَىٰ21
නුඹලාට පිරිමි(දරුව)න් හා ඔහුට ගැහැනු(දරුව)න් ද?
تِلْكَ إِذًا قِسْمَةٌ ضِيزَىٰ22
එවිට එය අසාධාරණ බෙදීමකි.
إِنْ هِيَ إِلَّا أَسْمَاءٌ سَمَّيْتُمُوهَا أَنْتُمْ وَآبَاؤُكُمْ مَا أَنْزَلَ اللَّهُ بِهَا مِنْ سُلْطَانٍ ۚ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَمَا تَهْوَى الْأَنْفُسُ ۖ وَلَقَدْ جَاءَهُمْ مِنْ رَبِّهِمُ الْهُدَىٰ23
ඒවා නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ නාමයන් මිස නැත. ඒවා පිළිබඳ කිසිදු බලතල අල්ලාහ් පහළ නොකළේය. ඔවුහු අනුමානය හා සිත් ආශා කරන දෑ මිස (වෙනෙකක්) අනුගමනය නොකරති. ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත සැබැවින්ම යහමග පැමිණ ඇත.
أَمْ لِلْإِنْسَانِ مَا تَمَنَّىٰ24
එසේ නැතහොත් තමන් කැමති දෑ මිනිසාට තිබේ ද?
فَلِلَّهِ الْآخِرَةُ وَالْأُولَىٰ25
එහෙත් මතු ලොව හා මෙලොව අල්ලාහ් සතුය.
۞ وَكَمْ مِنْ مَلَكٍ فِي السَّمَاوَاتِ لَا تُغْنِي شَفَاعَتُهُمْ شَيْئًا إِلَّا مِنْ بَعْدِ أَنْ يَأْذَنَ اللَّهُ لِمَنْ يَشَاءُ وَيَرْضَىٰ26
අහස්හි මලක්වරුන් කොපමණ දෙනෙක් ද? ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් ප්රයෝජනවත් නොවෙයි. තමන් අභිමත කොට පිළිගත් අයට අල්ලාහ් අනුමැතිය දීමෙන් පසු ව මිස.
إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ لَيُسَمُّونَ الْمَلَائِكَةَ تَسْمِيَةَ الْأُنْثَىٰ27
නියත වශයෙන්ම මතු ලොව පිළිබඳ විශ්වාස නොකරන්නන් මලක්වරුන්හට ගැහැනුන්ගේ නාමයෙන් නම් තබති.
وَمَا لَهُمْ بِهِ مِنْ عِلْمٍ ۖ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ ۖ وَإِنَّ الظَّنَّ لَا يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا28
තවද ඒ පිළිබඳ ව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුහු අනුමානය මිස වෙනත් කිසිවක් අනුගමනය නොකරති. තවද නියත වශයෙන්ම අනුමානය සත්යයට එරෙහිව වූ කිසිවකට ප්රයෝජනවත් නොවනු ඇත.
فَأَعْرِضْ عَنْ مَنْ تَوَلَّىٰ عَنْ ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلَّا الْحَيَاةَ الدُّنْيَا29
එහෙයින් අප මෙනෙහි කිරීමෙන් පිටුපා මෙලොව ජීවිතය හැර වෙනෙකක් අපේක්ෂා නොකරන අය ඔබ නොසලකා හරිනු.
ذَٰلِكَ مَبْلَغُهُمْ مِنَ الْعِلْمِ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِمَنِ اهْتَدَىٰ30
එය ඔවුන්ගේ දැනුමේ ප්රමාණයයි. ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් ගැන නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නාය. එමෙන්ම යහමග ලැබූවන් ගැන ද ඔහු මැනවින් දන්නාය.
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ لِيَجْزِيَ الَّذِينَ أَسَاءُوا بِمَا عَمِلُوا وَيَجْزِيَ الَّذِينَ أَحْسَنُوا بِالْحُسْنَى31
තවද අහස් හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතුය. නපුරුකම් කළවුනට ඔවුන් සිදු කළ දෑ අනුව ප්රතිවිපාක දෙනු පිණිසත් යහපත් අයුරින් යහකම් කළවුනට ප්රතිඵල දෙනු පිණිසත්ය.
الَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ إِلَّا اللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَاسِعُ الْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنْشَأَكُمْ مِنَ الْأَرْضِ وَإِذْ أَنْتُمْ أَجِنَّةٌ فِي بُطُونِ أُمَّهَاتِكُمْ ۖ فَلَا تُزَكُّوا أَنْفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَىٰ32
ඔවුහු වනාහි සුළු වැරදි හැර මහා පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකී සිටියවුන් වෙති. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති සමාව දීමේ දී ව්යාපකය. ඔහු නුඹලා මහපොළොවේ බිහි කළ විට ද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ නුඹලා කලලයක් ලෙස සිටි විට ද නුඹලා ගැන මැනවින් දැන සිටියේ ඔහුය. එහෙයින් නුඹලා නුඹලා ගැන ම ශුද්ධවන්තයින් යැයි නොසලකනු. බිය බැතිමතුන් පිළිබඳ ව මැනවින් දන්නා ඔහුය.
أَفَرَأَيْتَ الَّذِي تَوَلَّىٰ33
(සත්යය මාර්ගයෙන්) හැරී ගොස්
وَأَعْطَىٰ قَلِيلًا وَأَكْدَىٰ34
ස්වල්පයක් පිරිනමා (ඉතිරිය) වළක්වා ගත් අය ව නුඹ නොදුටුවෙහි ද?
أَعِنْدَهُ عِلْمُ الْغَيْبِ فَهُوَ يَرَىٰ35
ඔහු දකින්නට නම්, ඔහු වෙත ගුප්ත ඥානය තිබේද?
أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِي صُحُفِ مُوسَىٰ36
එසේ නැතහොත් මූසාගේ ග්රන්ථයේ ඇති දෑ ඔහු දන්වනු නොලැබුවේ ද?
وَإِبْرَاهِيمَ الَّذِي وَفَّىٰ37
(ආඥාවන්) පූර්ණ ව ඉටු කළ ඉබ්රාහීම්ගේ ග්රන්ථයේ ඇති දෑ ඔහු දන්වනු නොලැබුවේ ද?
أَلَّا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ38
ඒවා නම්, බර උසුලන්නා තවකෙකුගේ බර නොඋසුලනු ඇතැයි ද
وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَعَىٰ39
මිනිසාට ඔහු උත්සාහ කළ දෑ හැර (වෙනෙකක්) නැතැයි ද
وَأَنَّ سَعْيَهُ سَوْفَ يُرَىٰ40
තවද නියත වශයෙන්ම ඔහුගේ උත්සාහය මතු පෙන්වනු ලබනු ඇතැයි ද
ثُمَّ يُجْزَاهُ الْجَزَاءَ الْأَوْفَىٰ41
පසු ව පූර්ණවත් ප්රතිඵල ඔහුට පිරිනමනු ලබනු ඇතැයි ද (මූසා හා ඉබ්රාහීම්ගේ ග්රන්ථයේ විය.)
وَأَنَّ إِلَىٰ رَبِّكَ الْمُنْتَهَىٰ42
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වෙත අවසන් ස්ථානය ඇතැයි ද
وَأَنَّهُ هُوَ أَضْحَكَ وَأَبْكَىٰ43
තවද නියත වශයෙන්ම ඔහු සිනහව ඇති කරන්නේය. ඇඬීමට සලස්වන්නේය යැයි ද
وَأَنَّهُ هُوَ أَمَاتَ وَأَحْيَا44
තවද නියත වශයෙන්ම ඔහු මරණයට පත් කරවන්නේය. තවද ජීවත් කරවන්නේය යැයි ද
وَأَنَّهُ خَلَقَ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْأُنْثَىٰ45
ස්ත්රී පුරුෂ ලෙසින් යුවල මවා ඇත්තේය යැයි ද
مِنْ نُطْفَةٍ إِذَا تُمْنَىٰ46
නියත වශයෙන්ම ඔහු ශුක්රාණු බිඳුවකින් එය විදින විට
وَأَنَّ عَلَيْهِ النَّشْأَةَ الْأُخْرَىٰ47
තවද නියත වශයෙන්ම නැවතත් නිර්මාණය කිරීම ඔහු වෙත යැයි ද
وَأَنَّهُ هُوَ أَغْنَىٰ وَأَقْنَىٰ48
තවද නියත වශයෙන්ම ඔහු පොහොසත් කරවන්නේය. සෑහීමට පමුණුවනනේය යැයි ද
وَأَنَّهُ هُوَ رَبُّ الشِّعْرَىٰ49
තවද නියත වශයෙන්ම ඔහු ෂිඃරා (නම් දීප්තිමත් තාරකාවෙ)හි හිමිපාණන් යැයි ද
وَأَنَّهُ أَهْلَكَ عَادًا الْأُولَىٰ50
තවද නියත වශයෙන්ම ඔහු ආදි ආද් ජනයා විනාශ කළේ යැයි ද
وَثَمُودَ فَمَا أَبْقَىٰ51
තවද සමූද් ජනයා ද (විනාශ කළේය) එවිට ඔහු (කිසිවෙකු) ඉතිරි නොකළේය.
وَقَوْمَ نُوحٍ مِنْ قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا هُمْ أَظْلَمَ وَأَطْغَىٰ52
තවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේය.) නියත වශයෙන්ම ඔවුහු දරුණු ලෙස අපරාධ කොට සීමාව ඉක්මවා ගිය පිරිසක් වූහ.
وَالْمُؤْتَفِكَةَ أَهْوَىٰ53
තවද උඩු යටිකුරු කරනු ලැබූ නගරය ද ඔහු බිමට හෙළුවේ ය.
فَغَشَّاهَا مَا غَشَّىٰ54
එවිට ආවරණය කළ දෑ එය ආවරණය කළේය.
فَبِأَيِّ آلَاءِ رَبِّكَ تَتَمَارَىٰ55
එහෙයින් නුඹගේ පරමාධිපතිගේ කවර අනුග්රහයක් නුඹ සැක කරන්නෙහි ද?
هَٰذَا نَذِيرٌ مِنَ النُّذُرِ الْأُولَىٰ56
මෙය පෙර පැවති අවවාද අතුරින් වූ අවවාදයකි.
أَزِفَتِ الْآزِفَةُ57
සමීප වන දෑ (විනිශ්චය දිනය) සමීප වී ඇත.
لَيْسَ لَهَا مِنْ دُونِ اللَّهِ كَاشِفَةٌ58
අල්ලාහ්ගෙන් තොර ව නිරාවරණය කරන්නෙකු එයට නැත.
أَفَمِنْ هَٰذَا الْحَدِيثِ تَعْجَبُونَ59
එහෙයින් නුඹලා පුදුම වන්නේ මෙම දේශනය ගැන ද ?
وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ60
තවද නුඹලා සිනහ සෙන්නෙහුය. තවද නුඹලා නොඅඬන්නෙහුය.
وَأَنْتُمْ سَامِدُونَ61
නුඹලා නොසැලකිල්ලෙන් සිටිමින්
فَاسْجُدُوا لِلَّهِ وَاعْبُدُوا ۩62
එහෙයින් නුඹලා අල්ලාහ්ට සුජූද් කොට ගැතිකම් කරනු.