සූරා 53 · ජුස් 27

An-Najm · 53:31

وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ لِيَجْزِيَ الَّذِينَ أَسَاءُوا بِمَا عَمِلُوا وَيَجْزِيَ الَّذِينَ أَحْسَنُوا بِالْحُسْنَى

තවද අහස් හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතුය. නපුරුකම් කළවුනට ඔවුන් සිදු කළ දෑ අනුව ප්‍රතිවිපාක දෙනු පිණිසත් යහපත් අයුරින් යහකම් කළවුනට ප්‍රතිඵල දෙනු පිණිසත්ය.

තෆ්සීර්

පාලනය කිරීමෙන්, මැවීමෙන් හා සැලසුම් කිරීමෙන් අහස්හි ඇති දෑ අල්ලාහ්ට පමණක් සතුය. එමෙන්ම මහපොළොවේ ඇති දෑද ඔහුට පමණක් සතුය. මෙලොව තම ක්රියාවන් පාපකම් බවට පත් කර ගත්තන්හට ඔවුනට සුදුසු දඬුවමින් ඔහු ප්රතිවිපාක දෙනු ඇත. එමෙන්ම තම ක්රියාවන් යහකම් බවට පත් කරගත් දේව විශ්වාසීන් හට ඔහු ස්වර්ගය පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න