An-Najm

سورة النجم

සූරා 53 · මක්කා · 62 පද

53:1ජුස් 27 · පි. 526

وَالنَّجْمِ إِذَا هَوَىٰ1

තවද තරු මත දිවුරමින් එය අවරට යන විට
53:2ජුස් 27 · පි. 526

مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ2

තවද නුඹලාගේ සහචරයා මංමුළා නොවීය. තවද ඔහු නොමග නොගියේය.
53:3ජුස් 27 · පි. 526

وَمَا يَنْطِقُ عَنِ الْهَوَىٰ3

තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නොකරයි.
53:4ජුස් 27 · පි. 526

إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ4

එය හෙළි දරව් කරන ලද දේව පණිවිඩ මිස නැත.
53:5ජුස් 27 · පි. 526

عَلَّمَهُ شَدِيدُ الْقُوَىٰ5

අති බලවත් කෙනෙකු එය ඉගැන්වීය.
53:6ජුස් 27 · පි. 526

ذُو مِرَّةٍ فَاسْتَوَىٰ6

(ඔහු අලංකාර) පරිපූර්ණ හැඩයෙන් යුක්ත විය. තවද ඔහු (ඉහළට නැග) රැඳී සිටියේය.
53:7ජුස් 27 · පි. 526

وَهُوَ بِالْأُفُقِ الْأَعْلَىٰ7

තවද ඔහු ඉහළම ක්ෂතිජයෙහි විය.
53:8ජුස් 27 · පි. 526

ثُمَّ دَنَا فَتَدَلَّىٰ8

පසු ව ඔහු පහළට පැමිණ ළඟා විය.
53:9ජුස් 27 · පි. 526

فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ9

එවිට ඔහු දුනු දෙකක දුර ප්‍රමාණයට විය. එසේ නැතහොත් ඊටත් වඩා සමීප විය.
53:10ජුස් 27 · පි. 526

فَأَوْحَىٰ إِلَىٰ عَبْدِهِ مَا أَوْحَىٰ10

එවිට තම ගැත්තාට ඔහු හෙළි කළ දේ ඔහු හෙළි කළේය.
53:11ජුස් 27 · පි. 526

مَا كَذَبَ الْفُؤَادُ مَا رَأَىٰ11

ඔහු (නබිවරයා) දුටු දෑ (ඔහුගේ) සිත බොරු නොකළේය.
53:12ජුස් 27 · පි. 526

أَفَتُمَارُونَهُ عَلَىٰ مَا يَرَىٰ12

එහෙයින් ඔහු දුටු දෑ සම්බන්ධයෙන් නුඹලා ඔහු සමග වාද කරන්නෙහු ද?
53:13ජුස් 27 · පි. 526

وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَىٰ13

තවද තවත් වතාවක පහළ වීමකින් ඔහු(නබිවරයා) ඔහු ව දුටුවේය.
53:14ජුස් 27 · පි. 526

عِنْدَ سِدْرَةِ الْمُنْتَهَىٰ14

සිද්රතුල් මුන්තහා (හෙවත් මායිම පිහිටි ගසක්) අබියසය.
53:15ජුස් 27 · පි. 526

عِنْدَهَا جَنَّةُ الْمَأْوَىٰ15

ඒ අබියස ජන්නතුල් මඃවා (හෙවත් ස්වර්ග උයන) විය.
53:16ජුස් 27 · පි. 526

إِذْ يَغْشَى السِّدْرَةَ مَا يَغْشَىٰ16

සිද්රා ගස ආවරණය කරන දෑ ආවරණය කරන විට.
53:17ජුස් 27 · පි. 526

مَا زَاغَ الْبَصَرُ وَمَا طَغَىٰ17

බැල්ම ඉවත් නොවීය. එසේම එය සීමාව ඉක්ම නොවීය.
53:18ජුස් 27 · පි. 526

لَقَدْ رَأَىٰ مِنْ آيَاتِ رَبِّهِ الْكُبْرَىٰ18

තම උත්තම පරමාධිපතිගේ ඉමහත් සංඥා කිහිපයක් සැබැවින්ම ඔහු දුටුවේය.
53:19ජුස් 27 · පි. 526

أَفَرَأَيْتُمُ اللَّاتَ وَالْعُزَّىٰ19

ලාත් හා උzස්zසා නුඹලා දුටුවෙහු ද?
53:20ජුස් 27 · පි. 526

وَمَنَاةَ الثَّالِثَةَ الْأُخْرَىٰ20

අනෙක් තුන්වැනියා මනාත්ය
53:21ජුස් 27 · පි. 526

أَلَكُمُ الذَّكَرُ وَلَهُ الْأُنْثَىٰ21

නුඹලාට පිරිමි(දරුව)න් හා ඔහුට ගැහැනු(දරුව)න් ද?
53:22ජුස් 27 · පි. 526

تِلْكَ إِذًا قِسْمَةٌ ضِيزَىٰ22

එවිට එය අසාධාරණ බෙදීමකි.
53:23ජුස් 27 · පි. 526

إِنْ هِيَ إِلَّا أَسْمَاءٌ سَمَّيْتُمُوهَا أَنْتُمْ وَآبَاؤُكُمْ مَا أَنْزَلَ اللَّهُ بِهَا مِنْ سُلْطَانٍ ۚ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَمَا تَهْوَى الْأَنْفُسُ ۖ وَلَقَدْ جَاءَهُمْ مِنْ رَبِّهِمُ الْهُدَىٰ23

ඒවා නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ නාමයන් මිස නැත. ඒවා පිළිබඳ කිසිදු බලතල අල්ලාහ් පහළ නොකළේය. ඔවුහු අනුමානය හා සිත් ආශා කරන දෑ මිස (වෙනෙකක්) අනුගමනය නොකරති. ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත සැබැවින්ම යහමග පැමිණ ඇත.
53:24ජුස් 27 · පි. 526

أَمْ لِلْإِنْسَانِ مَا تَمَنَّىٰ24

එසේ නැතහොත් තමන් කැමති දෑ මිනිසාට තිබේ ද?
53:25ජුස් 27 · පි. 526

فَلِلَّهِ الْآخِرَةُ وَالْأُولَىٰ25

එහෙත් මතු ලොව හා මෙලොව අල්ලාහ් සතුය.
53:26ජුස් 27 · පි. 526

۞ وَكَمْ مِنْ مَلَكٍ فِي السَّمَاوَاتِ لَا تُغْنِي شَفَاعَتُهُمْ شَيْئًا إِلَّا مِنْ بَعْدِ أَنْ يَأْذَنَ اللَّهُ لِمَنْ يَشَاءُ وَيَرْضَىٰ26

අහස්හි මලක්වරුන් කොපමණ දෙනෙක් ද? ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් ප්‍රයෝජනවත් නොවෙයි. තමන් අභිමත කොට පිළිගත් අයට අල්ලාහ් අනුමැතිය දීමෙන් පසු ව මිස.
53:27ජුස් 27 · පි. 527

إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ لَيُسَمُّونَ الْمَلَائِكَةَ تَسْمِيَةَ الْأُنْثَىٰ27

නියත වශයෙන්ම මතු ලොව පිළිබඳ විශ්වාස නොකරන්නන් මලක්වරුන්හට ගැහැනුන්ගේ නාමයෙන් නම් තබති.
53:28ජුස් 27 · පි. 527

وَمَا لَهُمْ بِهِ مِنْ عِلْمٍ ۖ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ ۖ وَإِنَّ الظَّنَّ لَا يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا28

තවද ඒ පිළිබඳ ව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුහු අනුමානය මිස වෙනත් කිසිවක් අනුගමනය නොකරති. තවද නියත වශයෙන්ම අනුමානය සත්‍යයට එරෙහිව වූ කිසිවකට ප්‍රයෝජනවත් නොවනු ඇත.
53:29ජුස් 27 · පි. 527

فَأَعْرِضْ عَنْ مَنْ تَوَلَّىٰ عَنْ ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلَّا الْحَيَاةَ الدُّنْيَا29

එහෙයින් අප මෙනෙහි කිරීමෙන් පිටුපා මෙලොව ජීවිතය හැර වෙනෙකක් අපේක්ෂා නොකරන අය ඔබ නොසලකා හරිනු.
53:30ජුස් 27 · පි. 527

ذَٰلِكَ مَبْلَغُهُمْ مِنَ الْعِلْمِ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِمَنِ اهْتَدَىٰ30

එය ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි. ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් ගැන නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නාය. එමෙන්ම යහමග ලැබූවන් ගැන ද ඔහු මැනවින් දන්නාය.
53:31ජුස් 27 · පි. 527

وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ لِيَجْزِيَ الَّذِينَ أَسَاءُوا بِمَا عَمِلُوا وَيَجْزِيَ الَّذِينَ أَحْسَنُوا بِالْحُسْنَى31

තවද අහස් හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතුය. නපුරුකම් කළවුනට ඔවුන් සිදු කළ දෑ අනුව ප්‍රතිවිපාක දෙනු පිණිසත් යහපත් අයුරින් යහකම් කළවුනට ප්‍රතිඵල දෙනු පිණිසත්ය.
53:32ජුස් 27 · පි. 527

الَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ إِلَّا اللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَاسِعُ الْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنْشَأَكُمْ مِنَ الْأَرْضِ وَإِذْ أَنْتُمْ أَجِنَّةٌ فِي بُطُونِ أُمَّهَاتِكُمْ ۖ فَلَا تُزَكُّوا أَنْفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَىٰ32

ඔවුහු වනාහි සුළු වැරදි හැර මහා පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකී සිටියවුන් වෙති. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති සමාව දීමේ දී ව්‍යාපකය. ඔහු නුඹලා මහපොළොවේ බිහි කළ විට ද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ නුඹලා කලලයක් ලෙස සිටි විට ද නුඹලා ගැන මැනවින් දැන සිටියේ ඔහුය. එහෙයින් නුඹලා නුඹලා ගැන ම ශුද්ධවන්තයින් යැයි නොසලකනු. බිය බැතිමතුන් පිළිබඳ ව මැනවින් දන්නා ඔහුය.
53:33ජුස් 27 · පි. 527

أَفَرَأَيْتَ الَّذِي تَوَلَّىٰ33

(සත්‍යය මාර්ගයෙන්) හැරී ගොස්
53:34ජුස් 27 · පි. 527

وَأَعْطَىٰ قَلِيلًا وَأَكْدَىٰ34

ස්වල්පයක් පිරිනමා (ඉතිරිය) වළක්වා ගත් අය ව නුඹ නොදුටුවෙහි ද?
53:35ජුස් 27 · පි. 527

أَعِنْدَهُ عِلْمُ الْغَيْبِ فَهُوَ يَرَىٰ35

ඔහු දකින්නට නම්, ඔහු වෙත ගුප්ත ඥානය තිබේද?
53:36ජුස් 27 · පි. 527

أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِي صُحُفِ مُوسَىٰ36

එසේ නැතහොත් මූසාගේ ග්‍රන්ථයේ ඇති දෑ ඔහු දන්වනු නොලැබුවේ ද?
53:37ජුස් 27 · පි. 527

وَإِبْرَاهِيمَ الَّذِي وَفَّىٰ37

(ආඥාවන්) පූර්ණ ව ඉටු කළ ඉබ්‍රාහීම්ගේ ග්‍රන්ථයේ ඇති දෑ ඔහු දන්වනු නොලැබුවේ ද?
53:38ජුස් 27 · පි. 527

أَلَّا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ38

ඒවා නම්, බර උසුලන්නා තවකෙකුගේ බර නොඋසුලනු ඇතැයි ද
53:39ජුස් 27 · පි. 527

وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَعَىٰ39

මිනිසාට ඔහු උත්සාහ කළ දෑ හැර (වෙනෙකක්) නැතැයි ද
53:40ජුස් 27 · පි. 527

وَأَنَّ سَعْيَهُ سَوْفَ يُرَىٰ40

තවද නියත වශයෙන්ම ඔහුගේ උත්සාහය මතු පෙන්වනු ලබනු ඇතැයි ද
53:41ජුස් 27 · පි. 527

ثُمَّ يُجْزَاهُ الْجَزَاءَ الْأَوْفَىٰ41

පසු ව පූර්ණවත් ප්‍රතිඵල ඔහුට පිරිනමනු ලබනු ඇතැයි ද (මූසා හා ඉබ්‍රාහීම්ගේ ග්‍රන්ථයේ විය.)
53:42ජුස් 27 · පි. 527

وَأَنَّ إِلَىٰ رَبِّكَ الْمُنْتَهَىٰ42

තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වෙත අවසන් ස්ථානය ඇතැයි ද
53:43ජුස් 27 · පි. 527

وَأَنَّهُ هُوَ أَضْحَكَ وَأَبْكَىٰ43

තවද නියත වශයෙන්ම ඔහු සිනහව ඇති කරන්නේය. ඇඬීමට සලස්වන්නේය යැයි ද
53:44ජුස් 27 · පි. 527

وَأَنَّهُ هُوَ أَمَاتَ وَأَحْيَا44

තවද නියත වශයෙන්ම ඔහු මරණයට පත් කරවන්නේය. තවද ජීවත් කරවන්නේය යැයි ද
53:45ජුස් 27 · පි. 528

وَأَنَّهُ خَلَقَ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْأُنْثَىٰ45

ස්ත්‍රී පුරුෂ ලෙසින් යුවල මවා ඇත්තේය යැයි ද
53:46ජුස් 27 · පි. 528

مِنْ نُطْفَةٍ إِذَا تُمْنَىٰ46

නියත වශයෙන්ම ඔහු ශුක්‍රාණු බිඳුවකින් එය විදින විට
53:47ජුස් 27 · පි. 528

وَأَنَّ عَلَيْهِ النَّشْأَةَ الْأُخْرَىٰ47

තවද නියත වශයෙන්ම නැවතත් නිර්මාණය කිරීම ඔහු වෙත යැයි ද
53:48ජුස් 27 · පි. 528

وَأَنَّهُ هُوَ أَغْنَىٰ وَأَقْنَىٰ48

තවද නියත වශයෙන්ම ඔහු පොහොසත් කරවන්නේය. සෑහීමට පමුණුවනනේය යැයි ද
53:49ජුස් 27 · පි. 528

وَأَنَّهُ هُوَ رَبُّ الشِّعْرَىٰ49

තවද නියත වශයෙන්ම ඔහු ෂිඃරා (නම් දීප්තිමත් තාරකාවෙ)හි හිමිපාණන් යැයි ද
53:50ජුස් 27 · පි. 528

وَأَنَّهُ أَهْلَكَ عَادًا الْأُولَىٰ50

තවද නියත වශයෙන්ම ඔහු ආදි ආද් ජනයා විනාශ කළේ යැයි ද
53:51ජුස් 27 · පි. 528

وَثَمُودَ فَمَا أَبْقَىٰ51

තවද සමූද් ජනයා ද (විනාශ කළේය) එවිට ඔහු (කිසිවෙකු) ඉතිරි නොකළේය.
53:52ජුස් 27 · පි. 528

وَقَوْمَ نُوحٍ مِنْ قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا هُمْ أَظْلَمَ وَأَطْغَىٰ52

තවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේය.) නියත වශයෙන්ම ඔවුහු දරුණු ලෙස අපරාධ කොට සීමාව ඉක්මවා ගිය පිරිසක් වූහ.
53:53ජුස් 27 · පි. 528

وَالْمُؤْتَفِكَةَ أَهْوَىٰ53

තවද උඩු යටිකුරු කරනු ලැබූ නගරය ද ඔහු බිමට හෙළුවේ ය.
53:54ජුස් 27 · පි. 528

فَغَشَّاهَا مَا غَشَّىٰ54

එවිට ආවරණය කළ දෑ එය ආවරණය කළේය.
53:55ජුස් 27 · පි. 528

فَبِأَيِّ آلَاءِ رَبِّكَ تَتَمَارَىٰ55

එහෙයින් නුඹගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයක් නුඹ සැක කරන්නෙහි ද?
53:56ජුස් 27 · පි. 528

هَٰذَا نَذِيرٌ مِنَ النُّذُرِ الْأُولَىٰ56

මෙය පෙර පැවති අවවාද අතුරින් වූ අවවාදයකි.
53:57ජුස් 27 · පි. 528

أَزِفَتِ الْآزِفَةُ57

සමීප වන දෑ (විනිශ්චය දිනය) සමීප වී ඇත.
53:58ජුස් 27 · පි. 528

لَيْسَ لَهَا مِنْ دُونِ اللَّهِ كَاشِفَةٌ58

අල්ලාහ්ගෙන් තොර ව නිරාවරණය කරන්නෙකු එයට නැත.
53:59ජුස් 27 · පි. 528

أَفَمِنْ هَٰذَا الْحَدِيثِ تَعْجَبُونَ59

එහෙයින් නුඹලා පුදුම වන්නේ මෙම දේශනය ගැන ද ?
53:60ජුස් 27 · පි. 528

وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ60

තවද නුඹලා සිනහ සෙන්නෙහුය. තවද නුඹලා නොඅඬන්නෙහුය.
53:61ජුස් 27 · පි. 528

وَأَنْتُمْ سَامِدُونَ61

නුඹලා නොසැලකිල්ලෙන් සිටිමින්
53:62ජුස් 27 · පි. 528

فَاسْجُدُوا لِلَّهِ وَاعْبُدُوا ۩62

එහෙයින් නුඹලා අල්ලාහ්ට සුජූද් කොට ගැතිකම් කරනු.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න