සූරා 53 · ජුස් 27

An-Najm · 53:23

إِنْ هِيَ إِلَّا أَسْمَاءٌ سَمَّيْتُمُوهَا أَنْتُمْ وَآبَاؤُكُمْ مَا أَنْزَلَ اللَّهُ بِهَا مِنْ سُلْطَانٍ ۚ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَمَا تَهْوَى الْأَنْفُسُ ۖ وَلَقَدْ جَاءَهُمْ مِنْ رَبِّهِمُ الْهُدَىٰ

ඒවා නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ නාමයන් මිස නැත. ඒවා පිළිබඳ කිසිදු බලතල අල්ලාහ් පහළ නොකළේය. ඔවුහු අනුමානය හා සිත් ආශා කරන දෑ මිස (වෙනෙකක්) අනුගමනය නොකරති. ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත සැබැවින්ම යහමග පැමිණ ඇත.

තෆ්සීර්

මෙම පිළිම අර්ථයක් නැති හිස් නාමයන් මිස නැත. දේවත්වයේ ගුණාංගවල ඒවාට කිසිදු කොටසක් නැත. නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබුවේ නුඹලා විසින්මය. ඒවා සඳහා කිසිදු සාධකයක් අල්ලාහ් පහළ කළේ නැත. දෙවියන්ට ආදේශ තබන්නන් ඔවුන්ගේ විශ්වාසය තුළ අනුමාන හා ඔවුන්ගේ සිත් තුළ ෂෙයිතාන් අලංකාරවත් කළ දැයින් ඔවුන් ආශා කරන දෑ මිස වෙනකක් පිළිපදින්නේ නැත. ඔවුන්ගේ පරමාධිපති වෙතින් ඔහුගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ දිවෙන් ඔවුන් වෙත යහමග පැමිණියේය. නමුත් ඔවුන් එමගින් යහමග ලැබුවේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න