සූරා 53 · ජුස් 27
An-Najm · 53:32
الَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ إِلَّا اللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَاسِعُ الْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنْشَأَكُمْ مِنَ الْأَرْضِ وَإِذْ أَنْتُمْ أَجِنَّةٌ فِي بُطُونِ أُمَّهَاتِكُمْ ۖ فَلَا تُزَكُّوا أَنْفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَىٰ
ඔවුහු වනාහි සුළු වැරදි හැර මහා පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකී සිටියවුන් වෙති. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති සමාව දීමේ දී ව්යාපකය. ඔහු නුඹලා මහපොළොවේ බිහි කළ විට ද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ නුඹලා කලලයක් ලෙස සිටි විට ද නුඹලා ගැන මැනවින් දැන සිටියේ ඔහුය. එහෙයින් නුඹලා නුඹලා ගැන ම ශුද්ධවන්තයින් යැයි නොසලකනු. බිය බැතිමතුන් පිළිබඳ ව මැනවින් දන්නා ඔහුය.
තෆ්සීර්
මහා පාපකම් හා අශීලාචාර පාපක්රියාවලින් දුරස් වී, සුළු පාපකම් පමණක් සිදු කළවුන් වනාහි. ඔවුනට ඒ සඳහා සමාව ලැබෙනුයේ මහා පාපකම් අතහැර දැමීමෙන් හා අධික ලෙස අවනත වීමෙනි. අහෝ ධර්ම දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති අතික්ෂමාශීලීය. තම ගැත්තා ඒ ගැන පසුතැවිලි වී පාපක්ෂමාව අයැද සිටින්නේ නම් ඔහුට සමාව දෙනු ඇත. නුඹලාගේ පියාණන් ආදම්ව පසින් මැවූ අවස්ථාවේ ද, නුඹලාගේ මව් කුස තුළ නුඹලාව උසුලන්නට සළස්වා මැවීමකින් පසු තවත් මැවීමක් ලෙස මවනු ලබන අවස්ථාවේ ද, නුඹලාගේ කටයුතු හා නුඹලාගේ තත්ත්වයන් පිළිබඳ ශුද්ධවන්තයාණන් මැනවින් දැන සිටින්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. එහෙයින්, නුඹලාගේ ආත්මයේ භක්තිමක් භාවය ගැන පැසසුමට ලක් කරමින් නුඹලා නුඹලාව ඇගයීමට ලක් නොකරනු. සැබැවින්ම ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට භක්තිමත් වූවන් කවුරුන්දැ?යි ශුද්ධවන්තයාණන් මැනවින් දන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න