සූරා 53 · ජුස් 27

An-Najm · 53:30

ذَٰلِكَ مَبْلَغُهُمْ مِنَ الْعِلْمِ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِمَنِ اهْتَدَىٰ

එය ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි. ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් ගැන නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නාය. එමෙන්ම යහමග ලැබූවන් ගැන ද ඔහු මැනවින් දන්නාය.

තෆ්සීර්

මෙම දේව ආදේශකයින් පවසන දෑ මෙයයි. -එනම් මලක්වරුන්ට ගැහැණු නම් තබමින් පවසන නාමයන්- එය ඔවුන් ලබා ඇති ඔවුන්ගේ දැනුමේ තරමයි. එය ඔවුන් අඥානයින් බැවිණි. ස්ථාවරත්වය වෙත ඔවුන් ළඟා වූයේ නැත. අහෝ ධර්ම දූතය! සැබැවින්ම නුඹගේ පරමාධිපති, සත්ය මාර්ගයෙන් කැපී යන්නේ කවුරුන් දැයි මැනවින් දන්නාය. එමෙන්ම එම මාර්ගය වෙත මග ලබන්නා කවුරුන් දැයි ද මැනවින් දන්නාය. ඒ ගැන කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න