සූරා 53 · ජුස් 27

An-Najm · 53:52

وَقَوْمَ نُوحٍ مِنْ قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا هُمْ أَظْلَمَ وَأَطْغَىٰ

තවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේය.) නියත වශයෙන්ම ඔවුහු දරුණු ලෙස අපරාධ කොට සීමාව ඉක්මවා ගිය පිරිසක් වූහ.

තෆ්සීර්

ආද් හා සමූද්ගේ ජනයාට පෙර නූහ්ගේ ජනයාව ද අල්ලාහ් විනාශ කළේය. සැබැවින්ම නූහ්ගේ ජනයා දරුණු අපරාධකරුවන් වූහ. ආද් හා සමූද් ජනයාට වඩා සීමාව ඉක්මවා ගියවුන් වූහ. ඊට හේතුව නූහ් (අලයිහිස් සලාම්) තුමා ඔවුන් අතර වසර දහසකට වසර පනහක් අඩුවෙන් (එනම් අවුරුදු නවසියපනහක්) රැඳී සිට අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඔවුන්ට ඇරයුම් කළේය. නමුත් ඔවුන් ඔහුට පිළිතුරු දුන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න