සූරා 53 · ජුස් 27
An-Najm · 53:26
۞ وَكَمْ مِنْ مَلَكٍ فِي السَّمَاوَاتِ لَا تُغْنِي شَفَاعَتُهُمْ شَيْئًا إِلَّا مِنْ بَعْدِ أَنْ يَأْذَنَ اللَّهُ لِمَنْ يَشَاءُ وَيَرْضَىٰ
අහස්හි මලක්වරුන් කොපමණ දෙනෙක් ද? ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් ප්රයෝජනවත් නොවෙයි. තමන් අභිමත කොට පිළිගත් අයට අල්ලාහ් අනුමැතිය දීමෙන් පසු ව මිස.
තෆ්සීර්
අහස්හි කොපමණක් මලක්වරුන් සිටිත් ද? ඔවුන් කිසිවෙකු වෙනුවෙන් මැදිහත් වීමට සිතුවේ නම් ඔවුන් අතරින් අල්ලාහ් අභිමත කරන මැදිහත්වනු ලබන අය ගැන ඔහු තෘප්තිමත් වන අය වෙනුවෙන් එසේ මැදිහත් වීමට අවසර දීමෙන් පසුව මිස ඔවුන්ගේ මැදිහත් වීම ප්රයෝජනවත් වන්නේ නැත. අල්ලාහ්ට ආදේශ තැබූවන් වෙනුවෙන් මැදිහත් වීමට අල්ලාහ් අවසර දෙන්නේ නැත. අල්ලාහ් හැර වෙනත් දෑ නමදිමින් සිටින්නන්ගේ මැදිහත් වීම ද ඔහු පිළිගන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න