At-Tur

سورة الطور

සූරා 52 · මක්කා · 49 පද

52:1ජුස් 27 · පි. 523

وَالطُّورِ1

තූර් කන්ද මත දිවුරමින්
52:2ජුස් 27 · පි. 523

وَكِتَابٍ مَسْطُورٍ2

ලියන ලද ග්‍රන්ථය මත දිවුරමින්
52:3ජුස් 27 · පි. 523

فِي رَقٍّ مَنْشُورٍ3

දිගු හරින ලද ලේඛණයෙහි
52:4ජුස් 27 · පි. 523

وَالْبَيْتِ الْمَعْمُورِ4

බයිතුල් මඃමූර් (හෙවත් නිරතුරු ව බැහැ දකින නිවස) මත දිවුරමින්
52:5ජුස් 27 · පි. 523

وَالسَّقْفِ الْمَرْفُوعِ5

ඉහළට ඔසවන ලද වියන මත දිවුරමින්
52:6ජුස් 27 · පි. 523

وَالْبَحْرِ الْمَسْجُورِ6

ගිනි මොළාවනු ලබන (රැලිවලින් යුත්) මුහුද මත දිවුරමින්
52:7ජුස් 27 · පි. 523

إِنَّ عَذَابَ رَبِّكَ لَوَاقِعٌ7

නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ බරපතල දඬුවම සිදුවන්නක්මය.
52:8ජුස් 27 · පි. 523

مَا لَهُ مِنْ دَافِعٍ8

වළක්වන කිසිවෙකු එයට නැත.
52:9ජුස් 27 · පි. 523

يَوْمَ تَمُورُ السَّمَاءُ مَوْرًا9

(එය) අහස තදබල දෝලනයකින් දෝලනය වන දිනයයි.
52:10ජුස් 27 · පි. 523

وَتَسِيرُ الْجِبَالُ سَيْرًا10

තවද කඳු භයානක සලිතයකින් සලිත වනු ඇත.
52:11ජුස් 27 · පි. 523

فَوَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ11

එහෙයින් බොරු කළවුනට එදින විනාශයයි.
52:12ජුස් 27 · පි. 523

الَّذِينَ هُمْ فِي خَوْضٍ يَلْعَبُونَ12

ඔවුහු වනාහි (පුහු කටයුතු වල) නිරත ව කෙළිලොල් කරමින් සිටින්නෝ වෙති.
52:13ජුස් 27 · පි. 523

يَوْمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا13

එදින නිරයේ ගින්න වෙත දක්කාගෙන යමින් වැරෙන් තල්ලු කරනු ලැබේ.
52:14ජුස් 27 · පි. 523

هَٰذِهِ النَّارُ الَّتِي كُنْتُمْ بِهَا تُكَذِّبُونَ14

“මෙය නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියෙහු ද එම ගින්නය.”
52:15ජුස් 27 · පි. 524

أَفَسِحْرٌ هَٰذَا أَمْ أَنْتُمْ لَا تُبْصِرُونَ15

මෙය හූනියමක් ද? එසේ නැතහොත් නුඹලා නොදකින්නෙහු ද?
52:16ජුස් 27 · පි. 524

اصْلَوْهَا فَاصْبِرُوا أَوْ لَا تَصْبِرُوا سَوَاءٌ عَلَيْكُمْ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُونَ16

නුඹලා එහි පිවිස දැවෙනු. එවිට නුඹලා ඉවසා දරා ගත්ත ද නොඉවසුව ද නුඹලාට එක සමානය. නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඵල පිරිනමනු ලබනුයේ නුඹලා සිදු කරමින් සිටි දෑය.
52:17ජුස් 27 · පි. 524

إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَعِيمٍ17

නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා සැපතෙහිය.
52:18ජුස් 27 · පි. 524

فَاكِهِينَ بِمَا آتَاهُمْ رَبُّهُمْ وَوَقَاهُمْ رَبُّهُمْ عَذَابَ الْجَحِيمِ18

ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ ව සතුටු වන්නන් ලෙසින්. තවද ඔවුන්ගේ පරමාධිපති නිරයේ දඬුවමින් ඔවුන් ආරක්ෂා කළේය.
52:19ජුස් 27 · පි. 524

كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنْتُمْ تَعْمَلُونَ19

නුඹලා (මෙලොව) සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සතුටින් අනුභව කරනු. තවද පානය කරනු.
52:20ජුස් 27 · පි. 524

مُتَّكِئِينَ عَلَىٰ سُرُرٍ مَصْفُوفَةٍ ۖ وَزَوَّجْنَاهُمْ بِحُورٍ عِينٍ20

පෙළට තබන ලද ඇඳන් මත හාන්සිවන්නන් ලෙසින්. තවද අපි ඔවුනට හූරුන් ඊන් (හෙවත් දැකුම් කලු යුවතියන්) සරණපාවා දෙන්නෙමු.
52:21ජුස් 27 · පි. 524

وَالَّذِينَ آمَنُوا وَاتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُمْ بِإِيمَانٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَا أَلَتْنَاهُمْ مِنْ عَمَلِهِمْ مِنْ شَيْءٍ ۚ كُلُّ امْرِئٍ بِمَا كَسَبَ رَهِينٌ21

තවද විශ්වාස කළවුන් හා ඔවුන්ගේ පරපුර විශ්වාසයෙන් යුතු ව ඔවුන් අනුගමනය කළවුන් වනාහි ඔවුන්ගේ පරපුර අපි ඔවුන් සමග එක් කරන්නෙමු. තවද ඔවුන්ගේ ක්‍රියාවෙන් අපි ඔවුනට කිසිවක් අඩු නොකරන්නෙමු. සෑම පුද්ගලයකුම ඔහු උපයා ගත් දෑට ඇපයකි.
52:22ජුස් 27 · පි. 524

وَأَمْدَدْنَاهُمْ بِفَاكِهَةٍ وَلَحْمٍ مِمَّا يَشْتَهُونَ22

ඔවුන් ප්‍රිය කරන දැයින් පලතුරු හා මාංශ අපි ඔවුනට සපයන්නෙමු.
52:23ජුස් 27 · පි. 524

يَتَنَازَعُونَ فِيهَا كَأْسًا لَا لَغْوٌ فِيهَا وَلَا تَأْثِيمٌ23

ඔවුහු එහි (පැන්) කුසලාන හුවමාරු කර ගනිති. කිසිදු නිෂ්ඵල දැයක් හෝ පාපයට පොලඹවීමක් හෝ එහි නැත.
52:24ජුස් 27 · පි. 524

۞ وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌ لَهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَكْنُونٌ24

තවද ඔවුනට හිමි ළමුත් ඔවුන් වටා යති. නියත වශයෙන්ම ඔවුහු සුරක්ෂා කරන ලද මුතු මෙන් වෙති.
52:25ජුස් 27 · පි. 524

وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ25

ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු වෙතට මුහුණලමින් එකිනෙකා විමසා ගනිති.
52:26ජුස් 27 · පි. 524

قَالُوا إِنَّا كُنَّا قَبْلُ فِي أَهْلِنَا مُشْفِقِينَ26

“මීට පෙර නියත වශයෙන්ම අපි අපගේ පවුල සම්බන්ධයෙන් බියට පත්වන්නන් ලෙස සිටියෙමු” යැයි ඔවුහු පවසති.
52:27ජුස් 27 · පි. 524

فَمَنَّ اللَّهُ عَلَيْنَا وَوَقَانَا عَذَابَ السَّمُومِ27

“එවිට අල්ලාහ් අප වෙත උපකාර කළේය. තවද පිලිස්සෙන ගින්නේ වේදනාවෙන් ඔහු අප මුදවා ගත්තේය.”
52:28ජුස් 27 · පි. 524

إِنَّا كُنَّا مِنْ قَبْلُ نَدْعُوهُ ۖ إِنَّهُ هُوَ الْبَرُّ الرَّحِيمُ28

“නියත වශයෙන්ම අපි පෙර සිටම ඔහුට අයැදිමින් සිටියෙමු. නියත වශයෙන්ම ඔහු උපාකාරශීලී මහා කරුණාවන්තය.”
52:29ජුස් 27 · පි. 524

فَذَكِّرْ فَمَا أَنْتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍ وَلَا مَجْنُونٍ29

එහෙයින් නුඹ උපදෙස් දෙනු. නුඹේ පරමාධිපතිගේ ආශිර්වාදයෙන් නුඹ පේන කියන්නෙකු හෝ උම්මත්තකයකු හෝ නොවේ.
52:30ජුස් 27 · පි. 524

أَمْ يَقُولُونَ شَاعِرٌ نَتَرَبَّصُ بِهِ رَيْبَ الْمَنُونِ30

“එසේ නැතහොත් ඔහු කවියෙකි. කාලයාගේ ඇවෑම (ඔහු විනාශ කරනු ඇතැයි) අපි ඔහු ගැන බලාපොරොත්තු වන්නෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?
52:31ජුස් 27 · පි. 524

قُلْ تَرَبَّصُوا فَإِنِّي مَعَكُمْ مِنَ الْمُتَرَبِّصِينَ31

“නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට නියත වශයෙන්ම මම ද බලාපෙරොත්තු වන්නන් අතුරින් වෙමි” යැයි (නබිවරය) නුඹ පවසනු.
52:32ජුස් 27 · පි. 525

أَمْ تَأْمُرُهُمْ أَحْلَامُهُمْ بِهَٰذَا ۚ أَمْ هُمْ قَوْمٌ طَاغُونَ32

එසේ නැතහොත් ඔවුන්ගේ සිතුවිලි ඔවුනට මේ ගැන නියෝග කරන්නේ ද? එසේ නැතහොත් ඔවුහු සීමාව ඉක්මවා ගිය පිරිසක් ද?
52:33ජුස් 27 · පි. 525

أَمْ يَقُولُونَ تَقَوَّلَهُ ۚ بَلْ لَا يُؤْمِنُونَ33

එසේ නැතහොත් “මෙය ඔහු ගෙතුවේයැ”යි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව ඔවුහු විශ්වාස නොකරති.
52:34ජුස් 27 · පි. 525

فَلْيَأْتُوا بِحَدِيثٍ مِثْلِهِ إِنْ كَانُوا صَادِقِينَ34

ඔවුන් සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මේ හා සමාන ප්‍රකාශයක් ඔවුහු ගෙන ආ යුතුය.
52:35ජුස් 27 · පි. 525

أَمْ خُلِقُوا مِنْ غَيْرِ شَيْءٍ أَمْ هُمُ الْخَالِقُونَ35

එසේ නැතහොත් කිසිවක් නොමැති ව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහු ද?
52:36ජුස් 27 · පි. 525

أَمْ خَلَقُوا السَّمَاوَاتِ وَالْأَرْضَ ۚ بَلْ لَا يُوقِنُونَ36

එසේ නැතහොත් ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝද? එසේ නොව ඔවුහු විශ්වාස නොකරති.
52:37ජුස් 27 · පි. 525

أَمْ عِنْدَهُمْ خَزَائِنُ رَبِّكَ أَمْ هُمُ الْمُصَيْطِرُونَ37

එසේ නැතහොත් ඔවුන් අබියස නුඹගේ පරමාධිපතිගේ නිදන් වස්තු තිබේ ද? එසේ නැතහොත් (ඒ මත) ආධිපත්‍යය දරන්නෝ ඔවුහු ද?
52:38ජුස් 27 · පි. 525

أَمْ لَهُمْ سُلَّمٌ يَسْتَمِعُونَ فِيهِ ۖ فَلْيَأْتِ مُسْتَمِعُهُمْ بِسُلْطَانٍ مُبِينٍ38

(අහසට නැග) එහි ඔවුන් සවන් දෙන ඉණිමගක් ඔවුනට තිබේ ද? එසේ නම් ඔවුන්ගෙන් සවන්දෙන්නා පැහැදිලි සාධකයක් ගෙනෙත්වා !
52:39ජුස් 27 · පි. 525

أَمْ لَهُ الْبَنَاتُ وَلَكُمُ الْبَنُونَ39

එසේ නැතහොත් ඔහුට දූවරුන් වී නුඹලාට පුතුන් වීද?
52:40ජුස් 27 · පි. 525

أَمْ تَسْأَلُهُمْ أَجْرًا فَهُمْ مِنْ مَغْرَمٍ مُثْقَلُونَ40

එසේ නැතහොත් නුඹ ඔවුන්ගෙන් කුලියක් ඉල්ලන්නෙහි ද? ඒ හේතුවෙන් ඔවුහු ණය බර උසුලන්නෝ ද?
52:41ජුස් 27 · පි. 525

أَمْ عِنْدَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ41

එසේ නැතහොත් ඔවුන් අබියස ගුප්ත දෑ (පිළිබඳ ඥානය) තිබී ඔවුහු සටහන් කරන්නෝ ද?
52:42ජුස් 27 · පි. 525

أَمْ يُرِيدُونَ كَيْدًا ۖ فَالَّذِينَ كَفَرُوا هُمُ الْمَكِيدُونَ42

එසේ නැතහොත් ඔවුහු කුමන්ත්‍රණයක් (නුඹට එරෙහිව) අදහස් කරන්නෝ ද? ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය කුමන්ත්‍රණයේ හසු වී සිටින්නෝ.
52:43ජුස් 27 · පි. 525

أَمْ لَهُمْ إِلَٰهٌ غَيْرُ اللَّهِ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ43

එසේ නැතහොත් අල්ලාහ්ගෙන් තොර ව (වෙනත්) දෙවිඳෙකු ඔවුනට සිටිත් ද? ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් සුවිශුද්ධය.
52:44ජුස් 27 · පි. 525

وَإِنْ يَرَوْا كِسْفًا مِنَ السَّمَاءِ سَاقِطًا يَقُولُوا سَحَابٌ مَرْكُومٌ44

තවද අහසින් කැබැල්ලක් වැටෙනු ඔවුහු දුටුවේ නම් ගොඩගැසුනු වලාකුළු සමූහයක් යැයි ඔවුහු පවසති.
52:45ජුස් 27 · පි. 525

فَذَرْهُمْ حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي فِيهِ يُصْعَقُونَ45

එහෙයින් එහි ඔවුන් විනාශ කරනු ලබන ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තෙක් නුඹ ඔවුන් අතහැර දමනු.
52:46ජුස් 27 · පි. 525

يَوْمَ لَا يُغْنِي عَنْهُمْ كَيْدُهُمْ شَيْئًا وَلَا هُمْ يُنْصَرُونَ46

එදින ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔවුනට කිසිවකින් ප්‍රයෝජනවත් නොවෙයි. තවද ඔවුහු උදව් කරනු නොලබති.
52:47ජුස් 27 · පි. 525

وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا عَذَابًا دُونَ ذَٰلِكَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ47

තවද නියත වශයෙන්ම අපරාධ කළවුනට ඒ හැර තවත් දඬුවමක් ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.
52:48ජුස් 27 · පි. 525

وَاصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا ۖ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ48

නුඹගේ පරමාධිපතිගේ නියෝගය උදෙසා ඉවසා සිටිනු. මන්ද නියත වශයෙන්ම නුඹ සිටිනුයේ අපගේ ඇස් ඉදිරිපිටය. තවද නුඹ අවදි වන අවස්ථාවේ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසා ව තුළින් නුඹ සුවිශුද්ධ කරනු.
52:49ජුස් 27 · පි. 525

وَمِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَارَ النُّجُومِ49

තවද රාත්‍රියෙහි ද තරු බැස යන අවස්ථාවෙහි ද නුඹ ඔහු සුවිශුද්ධ කරනු.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න