සූරා 52 · ජුස් 27
At-Tur · 52:47
وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا عَذَابًا دُونَ ذَٰلِكَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
තවද නියත වශයෙන්ම අපරාධ කළවුනට ඒ හැර තවත් දඬුවමක් ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.
තෆ්සීර්
දෙවියන්ට ආදේශ කිරීම හා පාපකම් සිදු කිරීම තුළින් තමන්ටම අපරාධකර ගත් අපරාධකරුවන්හට සැබැවින්ම මතුලොව දඬුවමට පෙර දඬුවමක් ඇත. මෙලොවෙහි ඔවුන් ඝාතනය වීමෙන් හා සිරගත වීමෙන් දඬුවම් ලබන අතර මිණීවලෙහි එහි වේදනාවෙන් දඬුවම් ලබනු ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඒ ගැන නොදනිති. ඔවුන් දේව ප්රතික්ෂේපය මත රැඳී සිටිනුයේ එබැවිණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න