සූරා 52 · ජුස් 27
At-Tur · 52:48
وَاصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا ۖ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ
නුඹගේ පරමාධිපතිගේ නියෝගය උදෙසා ඉවසා සිටිනු. මන්ද නියත වශයෙන්ම නුඹ සිටිනුයේ අපගේ ඇස් ඉදිරිපිටය. තවද නුඹ අවදි වන අවස්ථාවේ නුඹගේ පරමාධිපතිගේ ප්රශංසා ව තුළින් නුඹ සුවිශුද්ධ කරනු.
තෆ්සීර්
අහෝ දූතය! නුඹේ පරමාධිපතිගේ තීන්දුව හා ඔහුගේ ආගමික නීතිය හමුවේ නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. සැබැවින්ම නුඹ සිටිනුයේ අපගේ අධීක්ෂණය හා ආරක්ෂාව යටතේය. නුඹේ නින්දෙන් නුඹ අවදි වන අවස්ථාවේ නුඹේ පරමාධිපතිගේ ප්රශංසාව තුළින් නුඔ ඔහු සුවිශුද්ධ කරනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න