Ad-Dukhan

سورة الدخان

සූරා 44 · මක්කා · 59 පද

44:1ජුස් 25 · පි. 496

حم1

හා මීම්
44:2ජුස් 25 · පි. 496

وَالْكِتَابِ الْمُبِينِ2

පැහැදිලි දේව ග්‍රන්ථය මත දිවුරමින්
44:3ජුස් 25 · පි. 496

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةٍ مُبَارَكَةٍ ۚ إِنَّا كُنَّا مُنْذِرِينَ3

නියත වශයෙන්ම භාග්‍යමත් රාත්‍රියක අපි එය පහළ කළෙමු. නියත වශයෙන්ම අපි අවවාද කරන්නන් වූයෙමු.
44:4ජුස් 25 · පි. 496

فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ4

එහි ප්‍රඥාවෙන් යුක්ත සෑම නියෝගයක්ම තීරණය කරනු ලබයි.
44:5ජුස් 25 · පි. 496

أَمْرًا مِنْ عِنْدِنَا ۚ إِنَّا كُنَّا مُرْسِلِينَ5

(එය) අප අබියසින් වූ ආඥාවක් වශයෙනි. නියත වශයෙන්ම අපි (දහම් දූතයින්) එවන්නන් වූයෙමු.
44:6ජුස් 25 · පි. 496

رَحْمَةً مِنْ رَبِّكَ ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ6

(එය) ඔබේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් වශයෙනි. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.
44:7ජුස් 25 · පි. 496

رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ إِنْ كُنْتُمْ مُوقِنِينَ7

නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු. ඔහු) අහස්හි හා මහපොළවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය.
44:8ජුස් 25 · පි. 496

لَا إِلَٰهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ ۖ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ8

ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ජීවත් කරවයි. තවද මරණයට පත් කරයි. නුඹලාගේ පරමාධිපතිය. තවද නුඹලාගේ ප්‍රාරම්භක මුතුන් මිත්තන්ගේ ද පරමාධිපතිය.
44:9ජුස් 25 · පි. 496

بَلْ هُمْ فِي شَكٍّ يَلْعَبُونَ9

එසේ නොව ඔවුහු සැකයෙහි කෙළි දෙළති.
44:10ජුස් 25 · පි. 496

فَارْتَقِبْ يَوْمَ تَأْتِي السَّمَاءُ بِدُخَانٍ مُبِينٍ10

එහෙයින් පැහැදිලි ව පෙනෙන දුමාරයකින් යුතු ව අහස පැමිණෙන දිනය (නබිවරය) ඔබ බලාපෙරොත්තුවෙන් සිටිනු.
44:11ජුස් 25 · පි. 496

يَغْشَى النَّاسَ ۖ هَٰذَا عَذَابٌ أَلِيمٌ11

එය මිනිසුන් ආවරණය කර ගනියි. මෙය වේදනීය දඬුවමකි.
44:12ජුස් 25 · පි. 496

رَبَّنَا اكْشِفْ عَنَّا الْعَذَابَ إِنَّا مُؤْمِنُونَ12

“අපගේ පරමාධිපතියාණනි! එම දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන්ම අපි විශ්වාස කරන්නෝ වෙමු.” (යැයි ඔවුන් පවසති.)
44:13ජුස් 25 · පි. 496

أَنَّىٰ لَهُمُ الذِّكْرَىٰ وَقَدْ جَاءَهُمْ رَسُولٌ مُبِينٌ13

ඔවුනට උපදෙස කෙසේ නම් වන්නේ ද? තවද සැබැවින්ම ඔවුන් වෙත පැහැදිලි දූතයකු පැමිණ ඇත.
44:14ජුස් 25 · පි. 496

ثُمَّ تَوَلَّوْا عَنْهُ وَقَالُوا مُعَلَّمٌ مَجْنُونٌ14

පසු ව ඔවුහු ඔහුගෙන් හැරී ගොස් “(ඔහු) පුහුණු කරනු ලැබූ උම්මත්තකයෙකි” යැයි ඔවුහු පැවසූහ.
44:15ජුස් 25 · පි. 496

إِنَّا كَاشِفُو الْعَذَابِ قَلِيلًا ۚ إِنَّكُمْ عَائِدُونَ15

නියත වශයෙන්ම අපි ස්වල්ප වශයෙන් දඬුවම ඉවත් කරන්නෝ වෙමු. (එවිට) නියත වශයෙන්ම නුඹලා නැවත හැරී යන්නෝය.
44:16ජුස් 25 · පි. 496

يَوْمَ نَبْطِشُ الْبَطْشَةَ الْكُبْرَىٰ إِنَّا مُنْتَقِمُونَ16

දැඩි ග්‍රහණයකින් අප ග්‍රහණය කරන දින නියත වශයෙන්ම අපි දඬුවම් කරන්නෝ වෙමු.
44:17ජුස් 25 · පි. 496

۞ وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَاءَهُمْ رَسُولٌ كَرِيمٌ17

තවද ඔවුනට පෙර වූ ෆිර්අවුන්ගේ ජනයා අපි පරීක්ෂණයට ලක් කළෙමු. තවද ඔවුන් වෙත ගෞරවනීය දහම් දූතයකු පැමිණියේය.
44:18ජුස් 25 · පි. 496

أَنْ أَدُّوا إِلَيَّ عِبَادَ اللَّهِ ۖ إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ18

“අල්ලාහ්ගේ ගැත්තන් මා වෙත නුඹලා භාර කරනු. නියත වශයෙන්ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය දහම් දූතයකු වෙමි” (යැයි ඔහු පැවසීය.)
44:19ජුස් 25 · පි. 497

وَأَنْ لَا تَعْلُوا عَلَى اللَّهِ ۖ إِنِّي آتِيكُمْ بِسُلْطَانٍ مُبِينٍ19

“තවද අල්ලාහ් වෙත නුඹලා හිතුවක්කාර නොවනු. නියත වශයෙන්ම මම නුඹලා වෙත පැහැදිලි සාධකයක් ගෙන ආවෙමි.”
44:20ජුස් 25 · පි. 497

وَإِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُمْ أَنْ تَرْجُمُونِ20

“තවද නුඹලා මා ගල් ගසා මැරීම සම්බන්ධයෙන් නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙතින් එමෙන්ම නුඹලාගේ පරමාධිපති වෙතින් ආරක්ෂාව පතමි.”
44:21ජුස් 25 · පි. 497

وَإِنْ لَمْ تُؤْمِنُوا لِي فَاعْتَزِلُونِ21

“තවද නුඹලා මා විශ්වාස නොකළේ නම් එවිට නුඹලා මගෙන් ඉවත් ව සිටිනු.”
44:22ජුස් 25 · පි. 497

فَدَعَا رَبَّهُ أَنَّ هَٰؤُلَاءِ قَوْمٌ مُجْرِمُونَ22

(ඔවුන් කලහකම් කළහ) එවිට ඔහු ‘නියත වශයෙන්ම මොවුහු අපරාධකාරී පිරිසක්’ යැයි ඔහුගේ පරමාධිපතිට අමතා සිටියේය.
44:23ජුස් 25 · පි. 497

فَأَسْرِ بِعِبَادِي لَيْلًا إِنَّكُمْ مُتَّبَعُونَ23

(ඔහුට මෙසේ පිළිතුරු ලැබුණි.) “එහෙයින් මාගේ ගැත්තන් සමඟ ඔබ රාත්‍රියේ ගමන් ගනු. නියත වශයෙන්ම නුඹලා ලුහුබඳිනු ලබන්නන්ය.”
44:24ජුස් 25 · පි. 497

وَاتْرُكِ الْبَحْرَ رَهْوًا ۖ إِنَّهُمْ جُنْدٌ مُغْرَقُونَ24

“මුහුද ඒ අයුරින්ම (පැළී විවර ව) තිබෙන්නට ඔබ හරිනු. නියත වශයෙන්ම ඔවුහු ගිල්වනු ලබන සේනාවකි.”
44:25ජුස් 25 · පි. 497

كَمْ تَرَكُوا مِنْ جَنَّاتٍ وَعُيُونٍ25

ඔවුහු උයන් වතු හා දිය උල්පත් කොපමණක් අතහැර දමා ගියෝ ද?
44:26ජුස් 25 · පි. 497

وَزُرُوعٍ وَمَقَامٍ كَرِيمٍ26

කෙත්යායන් හා ගෞරවනීය ස්ථාන
44:27ජුස් 25 · පි. 497

وَنَعْمَةٍ كَانُوا فِيهَا فَاكِهِينَ27

එහි සතුටු විඳින්නන් ලෙස සිටි සැප සම්පත්
44:28ජුස් 25 · පි. 497

كَذَٰلِكَ ۖ وَأَوْرَثْنَاهَا قَوْمًا آخَرِينَ28

එලෙසය ! තවද අපි වෙනත් පිරිසකට ඒවා උරුම කළෙමු.
44:29ජුස් 25 · පි. 497

فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَاءُ وَالْأَرْضُ وَمَا كَانُوا مُنْظَرِينَ29

එවිට අහස හා මහපොළොව ඔවුන් ගැන කඳුළු සැළුවේ නැත. තවද ඔවුහු කල් දෙනු ලබන්නන් නොවූහ.
44:30ජුස් 25 · පි. 497

وَلَقَدْ نَجَّيْنَا بَنِي إِسْرَائِيلَ مِنَ الْعَذَابِ الْمُهِينِ30

තවද ඉස්රාඊල් දරුවන් නින්දිත දඬුවමින් සැබැවින්ම අපි මුදවා ගත්තෙමු.
44:31ජුස් 25 · පි. 497

مِنْ فِرْعَوْنَ ۚ إِنَّهُ كَانَ عَالِيًا مِنَ الْمُسْرِفِينَ31

ෆිර්අවුන්ගෙන්. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතුරින් උද්දච්ච ප්‍රධානියකු විය.
44:32ජුස් 25 · පි. 497

وَلَقَدِ اخْتَرْنَاهُمْ عَلَىٰ عِلْمٍ عَلَى الْعَالَمِينَ32

(එකල විසූ) ලෝවැසියනට දැනුවත් ව සැබැවින්ම අපි ඔවුන් තෝරා ගත්තෙමු.
44:33ජුස් 25 · පි. 497

وَآتَيْنَاهُمْ مِنَ الْآيَاتِ مَا فِيهِ بَلَاءٌ مُبِينٌ33

තවද සංඥාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. එහි පැහැදිලි පරීක්ෂණයක් විය.
44:34ජුස් 25 · පි. 497

إِنَّ هَٰؤُلَاءِ لَيَقُولُونَ34

නියත වශයෙන්ම මොවුහු මෙසේ පවසති.
44:35ජුස් 25 · පි. 497

إِنْ هِيَ إِلَّا مَوْتَتُنَا الْأُولَىٰ وَمَا نَحْنُ بِمُنْشَرِينَ35

“මෙය අපගේ මුල් මරණය මිස නැත. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු.”
44:36ජුස් 25 · පි. 497

فَأْتُوا بِآبَائِنَا إِنْ كُنْتُمْ صَادِقِينَ36

එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් නුඹලා නැවත ගෙන එනු.”
44:37ජුස් 25 · පි. 497

أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ أَهْلَكْنَاهُمْ ۖ إِنَّهُمْ كَانُوا مُجْرِمِينَ37

ශ්‍රේෂ්ඨ වනුයේ ඔවුන් ද එසේ නැතහොත් තුබ්බඃ ජනයා හා ඔවුනට පෙර සිටියවුන් ද? අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන්ම ඔවුහු අපරාධකරුවන් වූහ.
44:38ජුස් 25 · පි. 497

وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ38

තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද කෙළි ලොල් සඳහා අපි නොමැව්වෙමු.
44:39ජුස් 25 · පි. 497

مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ39

ඒ දෙක සත්‍යයෙන් යුතු ව මිස අපි නොමැව්වෙමු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
44:40ජුස් 25 · පි. 498

إِنَّ يَوْمَ الْفَصْلِ مِيقَاتُهُمْ أَجْمَعِينَ40

නියත වශයෙන්ම විනිශ්චය දිනය ඔවුන් සියලු දෙනාගේ නියමිත කාලයයි.
44:41ජුස් 25 · පි. 498

يَوْمَ لَا يُغْنِي مَوْلًى عَنْ مَوْلًى شَيْئًا وَلَا هُمْ يُنْصَرُونَ41

එදින කිසිදු මිතුරෙකු මිතුරෙකට කිසිවකින් ප්‍රයෝජනවත් නොවනු ඇත. තවද ඔවුහු උදව් කරනු නොලබති.
44:42ජුස් 25 · පි. 498

إِلَّا مَنْ رَحِمَ اللَّهُ ۚ إِنَّهُ هُوَ الْعَزِيزُ الرَّحِيمُ42

නමුත් අල්ලාහ් කරුණාව පෙන් වූ අය හැර. නියත වශයෙන්ම ඔහුමය සර්ව බලධාරී මහා කරුණාවන්ත වනුයේ.
44:43ජුස් 25 · පි. 498

إِنَّ شَجَرَتَ الزَّقُّومِ43

නියත වශයෙන්ම zසක්කූම් ගස
44:44ජුස් 25 · පි. 498

طَعَامُ الْأَثِيمِ44

පාපතරයින්ගේ ආහාරයයි.
44:45ජුස් 25 · පි. 498

كَالْمُهْلِ يَغْلِي فِي الْبُطُونِ45

(එය) තෙල් මණ්ඩිය මෙන්ය. එය උදර තුළ කැකෑරෙයි.
44:46ජුස් 25 · පි. 498

كَغَلْيِ الْحَمِيمِ46

ලෝ දිය කැකෑරෙන්නක් මෙනි.
44:47ජුස් 25 · පි. 498

خُذُوهُ فَاعْتِلُوهُ إِلَىٰ سَوَاءِ الْجَحِيمِ47

නුඹලා ඔහු හසු කරනු. පසු ව නුඹලා ඔහු නිරය මැදට ඇද ගෙන යනු.
44:48ජුස් 25 · පි. 498

ثُمَّ صُبُّوا فَوْقَ رَأْسِهِ مِنْ عَذَابِ الْحَمِيمِ48

පසු ව ඔහුගේ හිසට ඉහළින් ලෝ දිය දඬුවමින් නුඹලා වක් කරනු.
44:49ජුස් 25 · පි. 498

ذُقْ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْكَرِيمُ49

ඔබ විඳිනු. නියත වශයෙන්ම ඔබ ගරුසරු ඇති බලධාරියෙකි.
44:50ජුස් 25 · පි. 498

إِنَّ هَٰذَا مَا كُنْتُمْ بِهِ تَمْتَرُونَ50

නියත වශයෙන්ම මෙය නුඹලා කවර දෙයක් පිළිබඳ සැක කරමින් සිටියෙහු ද එයයි (යැයි කියනු ලැබේ.)
44:51ජුස් 25 · පි. 498

إِنَّ الْمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٍ51

නියත වශයෙන්ම බිය බැතිමතුන් ආරක්ෂිත ස්ථානයක වෙති.
44:52ජුස් 25 · පි. 498

فِي جَنَّاتٍ وَعُيُونٍ52

උයන් වතු හා දිය උල්පත් අතරය.
44:53ජුස් 25 · පි. 498

يَلْبَسُونَ مِنْ سُنْدُسٍ وَإِسْتَبْرَقٍ مُتَقَابِلِينَ53

ඔවුහු සිනිඳු සේද හා ඝන සේද වලින් ඇඳ පැළඳ එකිනෙකා මුහුණලමින් සිටිති.
44:54ජුස් 25 · පි. 498

كَذَٰلِكَ وَزَوَّجْنَاهُمْ بِحُورٍ عِينٍ54

එලෙසය. තවද අපි ඔවුනට නෙත් පිනවන කුමරියන් විවාහ කර දෙමු.
44:55ජුස් 25 · පි. 498

يَدْعُونَ فِيهَا بِكُلِّ فَاكِهَةٍ آمِنِينَ55

ඔවුහු බියෙන් තොර වූවන් ලෙසින් සෑම පලතුරක්ම එහි පතති.
44:56ජුස් 25 · පි. 498

لَا يَذُوقُونَ فِيهَا الْمَوْتَ إِلَّا الْمَوْتَةَ الْأُولَىٰ ۖ وَوَقَاهُمْ عَذَابَ الْجَحِيمِ56

මුල් මරණය හැර (වෙනත්) මරණයක් ඔවුහු එහි නොවිඳිති. තවද නිරා ගින්නේ දඬුවමින් ඔහු ඔවුන් ආරක්ෂා කර ඇත.
44:57ජුස් 25 · පි. 498

فَضْلًا مِنْ رَبِّكَ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ57

(එය) ඔබේ පරමාධිපතිගේ භාග්‍යයක් ලෙසිනි. එයයි අතිමහත් ජයග්‍රහණය.
44:58ජුස් 25 · පි. 498

فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ58

එහෙයින් ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස අපි එය ඔබේ දිවට පහසු කළෙමු.
44:59ජුස් 25 · පි. 498

فَارْتَقِبْ إِنَّهُمْ مُرْتَقِبُونَ59

එහෙයින් ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන්ම ඔවුහු ද අපේක්ෂාවෙන් සිටින්නෝ වෙති.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න